Tweets by @Tweetsbysuku myblog: පැණි වළළු සහ කූඹියෝ

Facebook Fan Page

Thursday, April 2, 2020

පැණි වළළු සහ කූඹියෝ

 


මේ දවස් වල, මහාචාර්ය ගංගානාත් දිසානායකගේ “ පැණි වළළු 3 “ කියනවා..

ඒකෙ 1 කතාවක තියෙනවා බෝගම්බර හිර ගෙදර වහන්න කලින් මහජන ප්‍රදර්ශනයට තිබුන. ඒක බලන්න මහා සෙනගක් ඇවිල්ල තියෙනවා... ලක්ෂ 20කට වැඩිය.
ඒකට එහෙම ප්‍රසිද්ධියක් දීලත් නෑ. ඒත් ඒ තරම සෙනගක් ඇවිල්ලා..

ඒක කියවද්දි මට මතක් වෙනවා, ප්‍රියන්තට කියනවා ජෙහාන්, “ අපි වගේ මිනිසුන් තමයි ඇත්තටම ගුරුවරු වෙන්න ඕන. එතකොට තමයි ළමයින්ට ඇත්තටම කියල දෙන්න පුලුවන් නොමග නොයන්නෙ කොහොමද කියල.. නැතුව ඔය නොමග කියන්නෙ මොකක්ද කියල පොතකින් ඉගෙන ගත්ත උන්ට නෙමෙයි.



මං කියන්නෙ ළමයි පොඩි කාලෙම දන්නවා නම් ඇත්තටම වරද කියන්නෙ මොකක්ද කියල උන් කවදාවත් ඔය වරද කරන්නෙ නෑ.
 දන්නවද, සමහර රටවල් වල තියෙනවා ජිවිතේ ටික කාලයක් හරි හමුදාවට බැදෙන්න ඕන. ටික කාලයක් හරි මහණ වෙලා ඉන්න ඕන.
මං කියන්නෙ හිරෙත් ඒ වගේ. ළමයින්ව සති 2-3ක් හිරේට දාලා ගන්න ඕන. එහෙම නම් උන් කවදාවත් වැරදි කරන්නෙ නෑ..


- ජෙහාන්ගෙ කතාව වගේම, පැණි වළලු වලින් එලියට එන බෝගම්බර බලන්න මහා සෙනගක් ආපු එක...
2ම දැනෙනවා..


#පැණිවළලු #කූඹියෝ #paniwalalu #koombiyo #GanganathDisanayaka 

No comments:

Post a Comment