Tweets by @Tweetsbysuku myblog: අංගම් පොර

Facebook Fan Page

Saturday, April 11, 2020

අංගම් පොර


“ ඔන්න ආයෙත් පොරොන්දු වෙන වග නම්, අද පටන් ඉගෙන ගන්නා ශිල්ප ශාස්ත්‍රය, සත්පුරුෂයෙකු යැයි මට හොඳටම හැඟී යන කෙනෙකුට හැර, වෙන කිසිම කෙනෙකුට නූගන්වන බවට ප්‍රතිඥා දෙමි“ !

අවුරුදු ගානකට කලින් මමයි අපේ Chamaraයි මාස කීපයක් “හල්පිට තිලකරත්න“ කියන අංගම්පොර මාස්ටර්ගෙ ගෙදර හිටියා.. ඒ කාලෙ අපේ කේන්දර බැලුවා අංගම් ශාස්ත්‍රය, ඉලංගම් ශාස්ත්‍රය උගන්වන්න සුදුසුද කියල ඒ අංකල්.. කේන්දර බලල අපිට උගන්වන්න සුදුසුයි කිව්වා.

⭕ ඊට ටික කාලෙකට කලින් තොප්පිගල දිනල තිබ්බා. තොප්පිගල අල්ලපු සටන් ශිල්ප අතර හමුදාවට “ අංගම් ශාස්ත්‍රය “ උගන්වලා තිබ්බා. ඒක කරල තිබ්බෙ හල්පිට තිලකරත්න කියන අංගම් මාස්ටර් තමයි. ඒ වෙනුවෙන් ඒ අංකල්ට යුධ හමුදාවෙන් දේවල් ලැබිලත් තිබ්බා. මතක විදියට ඒ කාලේ මේජර් ජෙනරල් ජගත් ඩයස් ඒ වෙනුවෙන් සෑහෙන කාර්යයක් කරල තියෙනවා. අංකල් ඉතින් අපිට කියනවා තොප්පිගල ගැහුවෙ මම පුහුණු කරපු කොල්ලො කියල. හැමඑකම මතක නැතත්, නැගිටල ඉන්න කෙනෙක්ව බිම දිගේ ගිහින් කකුල් වලින් අල්ලලා ආයෙ නැගිටින්න බැරි වෙන්න වට්ටන ක්‍රමයක් කිව්වා මතකයි.
- ඒ කාලේ මාධ්‍ය වල මේව ගිහින් තිබ්බා. රූපවාහිනියේ වෙනම වැඩසටහන් තිබිලා තියෙනවා මේ ගැන.

⭕ අංගම් ශාස්ත්‍රය ලංකාවෙ යුද්ධ වලදි සෑහෙන්න භාවිත වෙලා තියෙනවා. අංගම් සටන් වල ඉතිහාසය මහා රාවණ කාලය වෙනකම් යනවා කියනව ඒ කියන්නෙ අවු 6000කට කලින්. ඒවගේම මේ අංගම් වල මූලික සටන් විදිය නිර්මාණය වෙලා තියෙන්නෙ සිංහයා සහ කොටියා කියන සතුන්ගේ සටන් ඉරියව් වලට බොහෝම සමානව.

⭕ අංගම් ශාස්ත්‍රය එක්ක ආයුධ එක්ක කරන සටන් ක්‍රමය ඉලංගම් ශාස්ත්‍රය. කොහොම උනත් පරම්පරාවල් රැකගෙන ඉන්න දෙයක් විදියටත් අංගම් ශාස්ත්‍රය හැඳින්වෙනවා.
කඩුවෙල “ කොරතොට “ පරම්පරාවට අංගම් ශාස්ත්‍රය නිසා සීතාවක රාජසිංහ රජතුමාගෙන් තාන්න මාන්න ලැබිලා තියෙනවා. මුල්ලේරියාව සටනෙදි, විවෘත භූමියකදි මේ අංගම් - ඉලංගම් සටන්කරුවන් තුවක්කු දරාගෙන හිටිය පෘතුගිසි හමුදාවට කඩා පැනලා දරුණු විනාශක් කිරීම තුල ඉතිහාසගත විදියට මුල්ලේරියාව සටන දිනනවා.

⭕ අංගම් ශාස්ත්‍රය එක්ක බැඳුනු භාවනාවක් විදියට “කුණ්ඩලීනි භාවනාව“ කියැවෙනවා.

* යටත් විජිත පාලන කාලයේ ඔවුන් එක රැයින් තහනම් කරපු දේවල් කීපය අතර, “ අංගම් ශාස්ත්‍රය “ මූලික දෙයක්.

⭕ අංගම් ශාස්ත්‍රය රකින දෙවිවරු අතර, කම්බිලි දෙවිවරු ( රත්න කම්බිලි / කළු කම්බිලි) විශේෂයෙන් කියන්න පුලුවන්. කම්බිලි ආතා කියල තමයි කියන්නෙ.
ඒ ඇර කතරගම දෙවියන්, සිද්ධ සූනියම් දෙවියන්, ඔඩ්ඩිස දෙවියන්, සපුමල් බණ්ඩාර දැඩිමුණ්ඩ දෙවියන් සහ දැඩිමුණ්ඩ දෙවියන් කියන්න පුලුවන්..
( සපුමල් කුමාරය යාපනය දිනන්නේ අංගම් ශාස්ත්‍රය අනුව කරන සටනක් නිසා වෙන අතර, කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා යටතේ කල සටනෙදි දැඩිමුණ්ඩ දෙවියන්ට භාර වෙලා යුද්ධයට ගිය බව ඉතිහාසයේ තියෙනවා. යුද්ධය දිනලා තමන්ගෙ රන්කඩුව දැඩිමුණ්ඩ දේවාලයට පූජා කරා කියලත් කියනව)

⭕ තව දෙයක්, පහුගිය කාලේ අංගම් ශාස්ත්‍රය කියල වෙන ඒවත් උගන්වන බව කියැවෙනවා. ඒවා, චීන අඩි, තව ඉන්දියාවෙන් ආපු කලරි වගේ නමක් තියෙන දේකුත් තියෙනව.

#අංගම් #ඉලංගම් #angam #angampora #dadubasnamanaya

No comments:

Post a Comment