Tweets by @Tweetsbysuku myblog: Now days

Facebook Fan Page

Tuesday, April 7, 2020

Now days

පහුගිය සති 2-3 වෙන රටවල ඉන්න සමහර යාළුවෝ, ඥාතින් එක්ක කතා කරා.

● එයින් සමහරු ලංකාව දිහා බලන්නෙවත් නෑ කියලයි ලංකාවෙන් ගිහින් තිබ්බෙ. හැබැයි මේ කොරෝනා වෛරසය එක්ක එයාලට රට ගැන මතක් වෙනවලු. මීට වෙනස් කතා තිබුනත් මේ කතාව හොදට දැනුනා.
● සමහරවිට අපේ සෞඛ්‍ය අංශ සහ ඇතුළු අනිකුත් අංශ ගැන තියෙන පැහැදීම වෙන්නත් පුලුවන්, ඒ ඇර මොනව උනත් තමන්ගෙ රට කියන දේ ආයෙ මතක් වෙලා වෙන්නත් පුලුවන්..

- සමාජ ජාල වල ඉන්න මගෙ යාළුවො ගොඩක් මේ ගණයට නොවැටෙන නිසාත් මේක කියන්න ඕන. යම් කාලයක් හිත් රිදීම් ගොඩකට පාත්‍ර උනා වෙන රටවල ඉදල ආපු අපේ අය නිසා. එයින් සමහරු ලංකාවෙන් වෙන රටවලට ගිය අය. සමහර අය එහෙම ගියපු දෙමාපියන්ගෙ, පිටරටදි ඉපදුනු දරුවො. ලංකාවෙ හැමදේම එයාල විවේචන කලා මතකයි. සමහර වෙලාවට කෑම කන්න තැනකට ගියාම, ඉතිරි වෙන බීම බෝතලේ පවා ගේනවා ආයෙ, ඒක ලංකාවෙ ක්‍රමය කියල. ලංකාව දාලා වෙන රටක පදිංචියට යන්න අකමැති මට ඒවට සෑහෙන රිදුනා.
- එහෙම සමහර අයගේ දැඩි විවේචන තිබ්බා අපේ අය හැමදේටම හෝන් ගහන නිසා. ඒක ඇත්ත තමයි. ඒත් හිත රිදීම උනා. හෝන් භාෂාව ගැන පැණි වළලු 3 ලස්සනට කියැවෙනවා. හැබැයි අපාහාසාත්මකව නෙමෙයි.
- ඉතින් එහෙම ලංකාවට අපහාස කරපු, මේ රටෙන් යනකම් ඉවසුමක් නෑ කියපු සමහර අය දැන් ඉන්න තත්වෙ ගැන හිතද්දි තේරෙනවා ලෝක ස්වභාවය තේරුම් ගත යුතුයි සහ “ දෛවයේ සරදම් “ කියල.
ලංකාව එපාම කියපු - අපහාසත් කරපු සමහර අයට අපේ රට පුදුම වටින රටක් වෙලා...

- ඒ අතර, ඉතාලියෙ ඉන්න කාලේ, බොහෝම කැපකිරීම් කරලා, වියදම් අවම කරලා රට වෙනුවෙන්, රටේ දියුණුව අරමුණු කරගෙන ඒ අවම කරපු වියදම් වල ඉතිරි වෙන සල්ලි, අපේ රටට එවපු Shaminda අයිය වගේ අයත් ඉන්නව 😊

● මම දන්න විදියට, අවු 40-50කට කලින් උනත් ලෝකෙ දියුණුම රට වලට ගිහිල්ලා පුරවැසිභාවය ගත්තත්, ඉහලම විදියට ජිවිත ගත කරත්, ඒ රටවලදී කවදාවත් 1 වෙනි පන්තියේ පුරවැසියෙක් කියන දේ ලැබෙන්නෙ නැහැ ( මේක මෙහෙමම නොවෙන්න පුලුවන්), ඒකියන්නෙ හැමදේම ලැබුනත් ඒ රටේ කෙනෙක්මය කියන දේ ලැබෙන්නෙ නෑ.
ඉතින් කොයිතරම හොදට හිටියත් අපේ රටේ වටිනාකම එතකොට කාට උනත් තේරෙනවා ඇති - කොරෝනා තමයි ඒ දේ කියල දුන්නෙ..

#කොරෝනාවසංගතය #coronavirus #coronasrilanka

No comments:

Post a Comment