Tweets by @Tweetsbysuku myblog: මේ දවස් වල පොත් කියවීම

Facebook Fan Page

Thursday, April 9, 2020

මේ දවස් වල පොත් කියවීම

මේ දවස් වල පොත් කියවීමට මුල් තැනක් දෙන්න සෑහෙන ඕනකමක් හිතේ තියෙනවා.
ඒක හරියටම නොවුනත් අමාරුවෙන් කරන්න හිතනව..

● පැණි වළලු 3 - කළුතර ලොකු අම්මාගෙන් ඉල්ලගෙන ඇවිත් කියවලා ඉවර කලා.
● 12.12.12 - ප්‍රහර්ෂි අක්කාගෙන් ඉල්ලගෙන ඇවිල්ලා 2 වතාවක් කියෙව්වා.
● බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමි ගැන කතා පොත් කීපයක් තියෙනවා. ආයෙත් කියෙව්වා.
● පිං ළමයා - ආයෙත් කියෙව්ව.
● නැණස වසන නීවරණ - 5 වෙනි වතාවට කියෙව්ව.
● මනෝකාය සහ මරණය - 3 වෙනි වතාවට කියෙව්වා.
● ධර්ම විනිශ්චය පොතත් ආයෙ කියෙව්වා.
● මහා වංශයෙ පීඩීඑෆ් එක තියෙනවා ආයෙ කියවගෙන යනවා.
● අංගුත්තර නිකායෙ ප්‍රථම භාගයත් විටින් විට කියවනව.
● කව් ගී මිහිර අපෙ ජිනදාස සර් ලියපු කවි තියෙනවා තරමක් කියනවා.
● පිප්පි දිගමේස් 2 වෙනි පොත. පොතේ කවරය හොයාගන්නත් නෑ ඒත් කියවගෙන යනව..

- කාලෙකට පස්සෙ කල යුතුම දෙයක් වෙන පොත් කියවන්න පුලුවන් වෙන එකට සතුටුයි. වෙනද තරම් පොත් කියවන්න හිතෙන්නෙ නැති එක මට හිතෙන්නෙ කාලයක් එක්ක පොතපතින් තරමක් බැහැර වෙච්ච නිසා වෙච්ච දෙයක් වෙන්න ඕන. ඉන්ටනෙට් හරහා කරන පත්තර, වෙබ් අඩවි කියවීම වගේම පීඩීඑෆ් හරහා කරන කියවීමත් නිසා වෙනදට වඩා පොත් කියවීමේ අඩුවක් සහ වෙනසක් තියෙනවා. කොහොම උනත්, එක තැනකට වෙලා නිදහසේ පොත් කියවන එක, කෑම කනකොට පොත් කියවන එක වගේ වැඩ තවම හිතේ මුලින්ම තියෙන දේවල්.

#පොත් #bookreading #covid19sl

No comments:

Post a Comment