Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Monday, June 26, 2017

“ ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා “

රටේ වැදගත්ම රාජ්‍ය නායකයෙක් වූ මෙතුමා, දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව ජපානයේදි කල කතාව නිසා අදටද ජපානය මෙතුමාට මෙන්ම අප රටටද ගෞරව කරති.
ඒ කතාවේ වැදගත්ම කොටසක් පොතේ ඇති පරිදි උපුටා දක්වමු...

ලංකාවේ අපි ආක්‍රමණයට ලක් නොවීම වාසනාවකි. එහෙත් ගුවන්ප්‍රහාර, අග්නිදිග ආසියාවේ පාලක මධ්‍යස්ථානය යටතේ විශාල හමුදා නතර කර තැබීම හා මිත්‍ර ජාතීන්ට ස්වභාවික රබර් ලබා ගැනීමට තිබූ එකම රට වූ ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ රබර් වගාව විනාශ වෙන පරිදි නාශක කිරි කැපීම මගින් අපට කරන ලද හානියට වන්දි ලබා ගැනීමට අපි සුදුස්සෝ වෙමු. එහෙත් අපි වන්දි නොඉල්ලමු...

“ ඊට හේතුව ආසියාවේ ලක්ෂ සංඛ්‍යාත ජන ජීවිත උත්තරීතර තත්වයට පත් කල සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ උත්තරීතර තත්වයට පත් කල දහමෙන් කියවෙන පරිදි,
“වෛරයෙන් වෛරයය නොසංසිඳෙන බවත් අවෛරයෙන්ම වෛරය සංසිඳෙන බවත්“ අප විශ්වාස කරන නිසා.

ඒ තිලෝගුරු බුදු පියාණන්වහන්ස්ගේ උත්තරීතර ධර්මය දකුණු ආසියාව, බුරුමය, ලාඕසය, කාම්බෝජය, සියම, ඉන්දුනීසියාව හා ලංකාව හරහා මනුෂ්‍යත්වයේ රැල්ලක් විහිදුවමින් හිමාලය හරහා උතුරට ගමන් කර ටිබැටය හා චීනය පසුකර අන්තිමේදී ජපානයේ පැතිර ගියේය.එම බුද්ධ වචනය නිසාම අප දෙරට අවුරුදු ගණනක් තිස්සේ පොදු සංස්කෘතියකින් හා පොදු උරුමයකින් බැඳී සිටිමු.
මෙම පොදු සංස්කෘතිය තවමත් පවතින බව මේ සම්මේලනයට සහභාගිවීමට එන අතර පසුගිය සතියේ ජපානයේ කල සංචාරයෙන් මම අවබෝධ කරගතිමි. ජපානයේ පොදු ජනතාව එම සාමකාමී ශ්‍රේෂ්ඨ ඉගැන්වීමේ සෙවනින් තවමත් ආභාෂය ලබන බවත් එය තවදුරටත් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බවත් නායකයන්ගෙන්, රජයේ ඇමැතිවරුන්ගෙන්, පන්සල්වල පූජ්‍ය පක්ෂයෙන් මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ගෙන්ද මම අසා දැනගත්තෙමි.

අප ඔවුන්ට ඒ අවස්ථාව දිය යුතුය. සෝවියට දූත පිරිසේ නායකයා ජපානයේ නිදහස සීමා කිරීමට කල යෝජනාවට මට එකග විය නොහැක්කෙ එබැවිනි. නිදහස් ජාතියකට ඇති අයිතිය අනුව ආරක්ෂක හමුදාවක් පවත්වා ගෙන යාම සීමා කිරීම හා ඔහු විසින් යෝජනා කරනු ලබන අනිකුත් සීමා බනධන නිසා වන්නේ මෙම ගිවිසුම මෙහි පැමිණ සිටින නියෝජිතයන්ගේන් වැඩි දෙනෙකුට පමණක් නොව අද පැමිණ නැති ඉන්දියාව වැනි රටවලට පවා පිලිගැනීමට බැරි තත්වයක් උදා වීමය..... “

#JR #jrjayawardene #srilanka #lka #slpolitics #unp

Wednesday, June 21, 2017

එක හිත නැති කෙනෙක්ට ආදරේ කරනවට වඩා තනියෙන් ඉන්න එක සැනසීමයි...

“ මල්ලි මටත් අවු 10කට විතර කලින් ආදරයක් තිබ්බා. ඒ අයියා මාව ගොඩක් පරිස්සම් කලා. නීති දැම්ම. ගෙදරින් යන්න ඕන අම්ම හරි මල්ලි හරි එක්ක.
ඒව මට ඒ කාලේ හරි වදයක් උනා. මම හරි කැමති උනා ඕන කෙනෙක් මං දිහා බලනව නම්. යාළු වෙන්න නොවුනත් ඒවගේ අදහසක් තිබ්බ හිතේ.
පස්සෙ මම ඒ අයිය එක්ක තරහ උනා.. තරහ උනාම ඒ අයිය නොමැරුණු එක විතරයි. අපේ ගෙදරින් කිව්වත් මම ඇහුවෙ නෑ.

මම යාළුවෝ එකක් කිව්වා මගේ වාසනාවට ගැලවුනේ කියල...

අද ලොකු කාලයක් ගිහින්.. ඒව තේරෙද්දි අවු 5-10ක් විතර යනව..
දැන් ඒ අයියා වෙන කෙනෙක් මැරි කරන්න යනව ලගදි..
මට ඒකට මාර අවුල්. ඒත් කරන්න දෙයක් නෑ. මම හිත හදාගන්න උත්සහ ගන්නව..
ජිවිතේ හැටි එහෙමයි මල්ලි.. පොඩි කාලෙදි නොතේරෙන ගොඩක් දේවල් පහු කාලෙක තේරෙනව.. ඔයත් හොදට හිතල බලල තීරණ ගන්න.. ගෙදර අය කියන දේට පිටින් යන්න එපා. දවසක වරදිනව එතකොට...
#හ්ම්..

Saturday, June 10, 2017

හිරුගේ ලොවේදී #අපි වෙන්වෙමු....
සඳුගේ රැයේදී යළි හමු වෙමු...//

සැකයේ වෙළීලා උදයේ හවා...
රැකවල් නැගේ අප වටා...
ගොළු වී මුවාවී ඉමු.....

අඳුරේ වෙළීලා රැය සීතලේ...
සිහිනේ උදා වූ ලොවේ....


මුමුණා සිනා සී ඉමු....

Thursday, June 8, 2017

ලෝකයේ කොහේවත් සාධාරණයක් නෑ.. ජීවිතයත් එහෙමයි... හිතුවට පෙනුනට සුන්දරයි වගේ ඇති සුන්දරත්වයක් නෑ...
වෙලාවකට හිතෙනවා සර්ව බලධාරි දෙවි කෙනෙක් හිටිය නම්, කොයිතරම හොඳද කියල... එහෙම උනා නම් උන්නාන්සේට කියනවා, අඬනව ආදරේ හරියට ලබල දෙන්න කියල... ආදරේ කරන කෙනාට ආදරෙයි කියල...
ඒත් එහෙම කෙනෙක් නෑ.. අපි හැමෝම කර්ම ශක්තින් වලට අදාල අය.. ඒ කර්ම ශක්තීන්, අනිත් නොගැලපීම් එක්ක කොච්චර ආදරේ කලත් ඒක අපිට උවමනා තැනට ගේන්න බැහැ...
අන්තිමට, “හොඳම පෙම්වතුන් කිසිදා විවාහ නොවේ “ කියල අඬන්න - වැලපෙන්න - හිත රිද්ද ගන්න විතරයි ඉතිරි වෙන්නෙ හ්ම්....

#ජිවිතේ #ආදරේ #ලෝකේ

Wednesday, June 7, 2017

“ සැනසීමට - සතුටට හිමි වෙන්න තිබුනු තැන අභිමානයට හිමි වෙච්ච තව එක පවුලක් “

කොයිතරම වීරයෙක් උනත්, දෙමාපියන්ට දරුව නැති වේදනාව කොයිතරම දැනෙනවා ඇත්ද.... ? (පින්තුරේ ඉන්නෙ මුතාලිෆ්ගෙ තාත්ත)

කර්නල් මුතාලිෆ්...
දැනට අවුරුදු 12කටත් කලින් රට වෙනුවෙන් ජිවිතය දුන්නු බුද්ධි අංශයේ හිටිය හොඳම රණවිරුවෙක්...
අපේ පවුල් වල හමුදාව - පොලිසියට සම්බන්ධකම් සෑහෙන තිබ්බත්, මම මුතාලිෆ් කියන රණවිරුවව දැනගන්නේ පත්තරෙන්... පස්සෙයි හොයල බැලුවේ..

ඉපදුනු රටට ණය නැති සැබෑ මිනිස්සු...

මතකය අලුත් උනා DS Senanayaka විද්‍යාලය 22 වතාවටවත් පවත්වපු රණවිරු සැමරුමේදී දැක්ක නිසා... මම ඒ ලගමයි හිටියේ.. අපේ Leshan අයියවත් මුණ ගැහුන...
පොඩි දෙයක් ලියන්න හිතුනෙ Subashini අක්කා මතක් නිසයි...

#warheros #srilanka #lka #colonelmuthalif #srilankanarmy

ප.ලි

පහුගිය දවසක අපේ Ranga අයියා එක්ක කතා කරද්දි, අයිය කියනවා, “ මල්ලි ඔයා උදේ 4ට නැගිටිනව නේද.. ඒක හරි හොඳයි.. අපිට නම් කරන්න අමාරුයි.. යුද්ධෙ කාලේ එක දිගට නිදි මැරුවා, රෑට තමයි වැඩියම සූදානමෙන් ඉන්න ඕන... ඒ නිදිමරපුවා කවර් කරගන්න අමාරුයි...

- මං මොනවද රටට කරල තියෙන්නේ... මට එහෙම හිතුන හ්ම්... 

Saturday, May 20, 2017

10 days of soemthing close to love..

ජිවිතේ ගත කරද්දි එකපාරට හිතාගන්න අමාරු තත්වෙකට එන්න වේවි කියල වෙලාවකට කවුරුවත් හිතන්නෙ නැති වේවි..
ආදරය - ප්‍රේමය සදොස් තියෙන බොහෝම දැනෙන - හැඟෙන - රිදෙන දෙයක්...

කාලය එක්ක මුහුකුරා යන ජිවිතයෙදි හදිසියෙ නොසිතුව වෙලාවක ආදරයක් ඇති උනාම, ඒක විශේෂයි.. ඒ ආදරේ හදිසියේම එක එක පාර්ශව වලින් එක එක විදියට අදහස් දැක්වීම් වලට ලක් වෙද්දි ඒක ලොකු පීඩනයක්..

පහුගිය කාලේ හදිසියේම මට ගෑණු ළමයෙක් මුණගැහෙනවා... කාලෙකට පස්සෙ මාත් එයාට කැමති වෙනව... එයාගේ කැමැත්ත - අකමැත්ත අතර දෝලනය දිගට තියෙනවා..

දවස් 10ක කාලෙට මට ගොඩක් වෙනස්කම් උනා... මට මගේ වැඩ ටික කරගන්න වෙලාව නැති උනා.. ඒකට එයා වැරදි නෑ.. ඒත් මට එහෙම උනා..
මම හරි ආසාවෙන් බලන @Originals, @Supernatural, @Prisonbreak කතා වල කොටසක් ආවම ඒක ඩවුන්ලෝඩ් කරල ඉවර වෙලත් දවස් ගානක් ගියා බලන්න...
කරන්න තිබ්බ වැඩ අමතක උනා, අතපසු උනා...
සරලවම අමුතු අබ්බැහියක් තිබුනා...

කොහොම හරි... ඒකෙන් දැන් මිදුනා... ජිවිතේ හැටි... හ්ම්...

Thursday, May 11, 2017

සත්තයි ඔයා නොලැබෙනවා කියා by Dilky Ekanayaka



මං විතරද ආදරෙ කලේ..
ඔබ නැතිවද මට පෙම් කලේ..
මගෙ බොළඳ ප්‍රේමේ කිලුටක් නොවේවා..
සත්තයි ඔයා නොලැබෙනවා කියා..
දැන උන්නා නම් ලං නොවෙමි සදා...//

මහ තනිකමක් මේ හදවත සරන්නේ..
මට මාව අතපසු වෙලා..
මොන කරුමයද මේ පඩිසන් දෙවන්නේ...
මං ඔබට ඇබ්බැහි වෙලා...
මගෙ බොළඳ ප්‍රේමේ කිලුටක් නොවේවා..
ඔබ ආයෙ මට ලැබේවා..
සත්තයි ඔයා.. නොලැබෙනවා කියා...
දැන උන්නා නම් ලං නොවෙමි සදා...//


මං වගෙ කෙනෙක් නෑ ආයෙත් ලැබෙන්නේ..
පසු තැවෙයි දවසක ඔයා...
තාමත් කැදැල්ලේ දොරගුළු විවරනේ..
මගෙ බොළඳ ප්‍රේමේ කිලුටක් නොවේවා..
ඔබ ආයෙ මට ලැබේවා...

#ගායනය අශාන් ප්‍රනාන්දු..

Wednesday, May 3, 2017

#Mayday2017 😁

සියලු දේශපාලන පක්ෂ වලට සතුටු වන්නට සෙනඟ ආවෝය...
හැබැයි මේකෙන් ඡන්දයක ජයග්‍රහණය සිතන්නේ නම්, කුමන පක්ෂයක් වුවත් කරගන්නා මෝඩකමකි..

මහින්ද මහත්තයාගේ සෙනඟද බොහෝ සිටි බව ගැටළුවක් නැත. එයම මෛත්‍රි ජනාධිපතිතුමාට මෙන්ම අප සිටි එජාප රැළියටද පැය ගණනක් පාරේ සිටිමට සිදුවූයේද සෙනඟ නිසාමය..
සතුටට කරුණ දැඩි අව්වේ සිටින්නට ඇති හැකියාව ගැන තේරුම් ගිය නිසාය..

සමහර අයට ඊයෙ මැයි රැළිය මෝඩකමක්ලු.. මංදා මම නම් එය සතුටින් අත්වින්ඳා.. යම් කාලෙක මැයි රැළි තිබිය යුතුද යන්නත්, වෙනස්කමුත් හිතුනත්, එකට එකතු වූ එකම අරමුණක සිටින සාම්ප්‍රදායේ වටිනාකමක් ඇත...වැඩ කරන ජනතාවට සහන දෙන්නට වෙන්නේද, හැකියාව ඇත්තේද, ආණ්ඩුවට පමණි..

එජාප පාක්ෂිකයන් අතිබහුතරයකට, තවමත් පක්ෂයෙන් බලාපොරොත්තු වූ පලිගැනිම් ආදියට සහන, රැකියා යනාදිය පක්ෂය මූලිකව ජාතික ආණ්ඩුවක් ලැබී වසර 2 හමාරකට ලං වී තවමත් නිසියාකාරව ලැබී නැත.
කටයුත්තක් කරගන්නට රාජ්‍ය ආයතනයකට, අමාත්‍යංශයකට ගිය විට වෙනදාට වඩා වෙනසක් තිබුනත් පෙර ආණ්ඩු වල විවිධාකාර නිලධාරින්ගෙන් නොසැලකිම් යනාදියට ලක් වෙන්නට සිදු බොහෝ අයට තවමත් සිදුවෙයි.
සුදුසුකම් තිබියදී, තරඟ විභාග වලින් නිසි ලෙස සමත් වුවද ඇතැම් විට රැකියා නොලැබෙයි, සමහරවිට ඒ රැකියා ලබාදෙන්නේ ජාතික ආණ්ඩුව නිසාද මංදා වෙනත් අයෙකුටය..
දහසක් කරදර බාධක තිබියදී ගෙදර ඉදන් විවේකීව ඉන්නට හැකියාව තිබියදී එසේ නොඉඳ රට දිනවිය හැකි තම පක්ෂය වෙනුවෙන් මැයි රැළියට පැමිණි ජනතාව සැබෑවටම ශ්‍රේෂ්ඨය... ^_^

මක්නිසාද යත්, එදා මෙදා තුර ධනවාදී දේශපාලකයන්ගේ පක්ෂය ලෙස සැලකුනද, නිදහස් අධ්‍යාපනය ලබාදීම, එය සුරැකීමේ සිට වැඩ කරන ජනතාවට ලබාදුන් සහන බොහෝමයකට මූලිකත්වය ගෙන ඇත්තේ #එජාපය නිසාය...

මොනවා මොන විදියට උනත්, ආයෙ මේ රටේ රාජ්‍ය නායකත්වයට මහින්ද මහත්තයා හෝ ඒ ගෑවුනු රාජපක්ෂ කෙනෙකු එන්නේ නම් නැත.. ඒක එහෙම නොවුනොත් කියන්න..
#පින ඉවර උනාම..., ඉවර උනාමය...
සල්ලි = පින නොවෙන බව තේරුම් ගන්න..
සල්ලි = දක්ෂතාවයක් විය හැක, හැබැයි පින නොවේය..

#මැයිදිනය2017 #srilanka #unp #unitednationalparty #mightysrilanka #sl #slpolitics

Friday, April 21, 2017

රැකියාව කොච්චර පොඩි උනත්, ඒක කරන මනුස්සයා හරියට කරනවා නම්, ඒ කෙනාට අදාල ගරුත්වයක් තිබෙනවා එය ලබාදිය යුතුමය..
ලංකාවෙ තවම වෙන්නේ ප්‍රදර්ශනය තියාගෙන හොරකම කරන අයට ගරුත්වය දෙනවා, පොඩියට කරගෙන ගරුත්වය රැකගෙන ඉන්න මිනිසුන්ට ගරහනවා..
- මේක වෙනස් වෙන්න ඕන.... !!!!!

Tuesday, April 11, 2017


I wonder why people look at other people and measure own status...
How to understand other people's social or any other statuses by looking at their goods they buy from supermarket 

Thursday, March 30, 2017

Mr. Nassar from pettah..
Learned his views about politics, specially why Politicians should not involve things..


_ මගේ අදහස _

ලංකාව හරි විශේෂ රටක්, ගමක ගිහින් සාමාන්‍ය මනුස්සයෙක්ගෙන් ඇහුවත්, පාරෙ වෙළදාමක් කරගෙන ඉන්න කෙනෙක්ගෙන් ඇහුවත්, රට කරන්න ඕන විදිය කියාවි... දේශපාලකයෝ කරපු විනාශේ කියාවි..
ඒ තරම දැනුවත්.... වෙන රටවල එහෙම නෑ..
ඒත් එහෙම දේශපාලකයෝ පත් කරන්නෙත් ජනතාව, ඒවගේම ගොඩක් අය දේශපාලනේට ඇවිල්ලා වරද නිවරදි කරන්නත් වැඩි කැමැත්තක් නෑ..

කොහොම උනත්, රටේ හොරකම් කරන වැරදි පාරෙ යන මිනිස්සු ඉන්නෙ 10%කටත් අඩුවෙන්. අනිත් හැමෝම ඒකට කැමති හෝ අකමැති ඉවසගෙන ඉන්නවා...
රට හදන එක කරන්න බැරි දෙයක් නෙමෙයි...