Tweets by @Tweetsbysuku myblog: එක හිත නැති කෙනෙක්ට ආදරේ කරනවට වඩා තනියෙන් ඉන්න එක සැනසීමයි...

Facebook Fan Page

Wednesday, June 21, 2017

එක හිත නැති කෙනෙක්ට ආදරේ කරනවට වඩා තනියෙන් ඉන්න එක සැනසීමයි...

“ මල්ලි මටත් අවු 10කට විතර කලින් ආදරයක් තිබ්බා. ඒ අයියා මාව ගොඩක් පරිස්සම් කලා. නීති දැම්ම. ගෙදරින් යන්න ඕන අම්ම හරි මල්ලි හරි එක්ක.
ඒව මට ඒ කාලේ හරි වදයක් උනා. මම හරි කැමති උනා ඕන කෙනෙක් මං දිහා බලනව නම්. යාළු වෙන්න නොවුනත් ඒවගේ අදහසක් තිබ්බ හිතේ.
පස්සෙ මම ඒ අයිය එක්ක තරහ උනා.. තරහ උනාම ඒ අයිය නොමැරුණු එක විතරයි. අපේ ගෙදරින් කිව්වත් මම ඇහුවෙ නෑ.

මම යාළුවෝ එකක් කිව්වා මගේ වාසනාවට ගැලවුනේ කියල...

අද ලොකු කාලයක් ගිහින්.. ඒව තේරෙද්දි අවු 5-10ක් විතර යනව..
දැන් ඒ අයියා වෙන කෙනෙක් මැරි කරන්න යනව ලගදි..
මට ඒකට මාර අවුල්. ඒත් කරන්න දෙයක් නෑ. මම හිත හදාගන්න උත්සහ ගන්නව..
ජිවිතේ හැටි එහෙමයි මල්ලි.. පොඩි කාලෙදි නොතේරෙන ගොඩක් දේවල් පහු කාලෙක තේරෙනව.. ඔයත් හොදට හිතල බලල තීරණ ගන්න.. ගෙදර අය කියන දේට පිටින් යන්න එපා. දවසක වරදිනව එතකොට...
#හ්ම්..

No comments:

Post a Comment