Tweets by @Tweetsbysuku myblog: “ ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා “

Facebook Fan Page

Monday, June 26, 2017

“ ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා “

රටේ වැදගත්ම රාජ්‍ය නායකයෙක් වූ මෙතුමා, දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව ජපානයේදි කල කතාව නිසා අදටද ජපානය මෙතුමාට මෙන්ම අප රටටද ගෞරව කරති.
ඒ කතාවේ වැදගත්ම කොටසක් පොතේ ඇති පරිදි උපුටා දක්වමු...

ලංකාවේ අපි ආක්‍රමණයට ලක් නොවීම වාසනාවකි. එහෙත් ගුවන්ප්‍රහාර, අග්නිදිග ආසියාවේ පාලක මධ්‍යස්ථානය යටතේ විශාල හමුදා නතර කර තැබීම හා මිත්‍ර ජාතීන්ට ස්වභාවික රබර් ලබා ගැනීමට තිබූ එකම රට වූ ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ රබර් වගාව විනාශ වෙන පරිදි නාශක කිරි කැපීම මගින් අපට කරන ලද හානියට වන්දි ලබා ගැනීමට අපි සුදුස්සෝ වෙමු. එහෙත් අපි වන්දි නොඉල්ලමු...

“ ඊට හේතුව ආසියාවේ ලක්ෂ සංඛ්‍යාත ජන ජීවිත උත්තරීතර තත්වයට පත් කල සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ උත්තරීතර තත්වයට පත් කල දහමෙන් කියවෙන පරිදි,
“වෛරයෙන් වෛරයය නොසංසිඳෙන බවත් අවෛරයෙන්ම වෛරය සංසිඳෙන බවත්“ අප විශ්වාස කරන නිසා.

ඒ තිලෝගුරු බුදු පියාණන්වහන්ස්ගේ උත්තරීතර ධර්මය දකුණු ආසියාව, බුරුමය, ලාඕසය, කාම්බෝජය, සියම, ඉන්දුනීසියාව හා ලංකාව හරහා මනුෂ්‍යත්වයේ රැල්ලක් විහිදුවමින් හිමාලය හරහා උතුරට ගමන් කර ටිබැටය හා චීනය පසුකර අන්තිමේදී ජපානයේ පැතිර ගියේය.එම බුද්ධ වචනය නිසාම අප දෙරට අවුරුදු ගණනක් තිස්සේ පොදු සංස්කෘතියකින් හා පොදු උරුමයකින් බැඳී සිටිමු.
මෙම පොදු සංස්කෘතිය තවමත් පවතින බව මේ සම්මේලනයට සහභාගිවීමට එන අතර පසුගිය සතියේ ජපානයේ කල සංචාරයෙන් මම අවබෝධ කරගතිමි. ජපානයේ පොදු ජනතාව එම සාමකාමී ශ්‍රේෂ්ඨ ඉගැන්වීමේ සෙවනින් තවමත් ආභාෂය ලබන බවත් එය තවදුරටත් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බවත් නායකයන්ගෙන්, රජයේ ඇමැතිවරුන්ගෙන්, පන්සල්වල පූජ්‍ය පක්ෂයෙන් මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ගෙන්ද මම අසා දැනගත්තෙමි.

අප ඔවුන්ට ඒ අවස්ථාව දිය යුතුය. සෝවියට දූත පිරිසේ නායකයා ජපානයේ නිදහස සීමා කිරීමට කල යෝජනාවට මට එකග විය නොහැක්කෙ එබැවිනි. නිදහස් ජාතියකට ඇති අයිතිය අනුව ආරක්ෂක හමුදාවක් පවත්වා ගෙන යාම සීමා කිරීම හා ඔහු විසින් යෝජනා කරනු ලබන අනිකුත් සීමා බනධන නිසා වන්නේ මෙම ගිවිසුම මෙහි පැමිණ සිටින නියෝජිතයන්ගේන් වැඩි දෙනෙකුට පමණක් නොව අද පැමිණ නැති ඉන්දියාව වැනි රටවලට පවා පිලිගැනීමට බැරි තත්වයක් උදා වීමය..... “

#JR #jrjayawardene #srilanka #lka #slpolitics #unp

No comments:

Post a Comment