Tweets by @Tweetsbysuku myblog: “ සැනසීමට - සතුටට හිමි වෙන්න තිබුනු තැන අභිමානයට හිමි වෙච්ච තව එක පවුලක් “

Facebook Fan Page

Wednesday, June 7, 2017

“ සැනසීමට - සතුටට හිමි වෙන්න තිබුනු තැන අභිමානයට හිමි වෙච්ච තව එක පවුලක් “

කොයිතරම වීරයෙක් උනත්, දෙමාපියන්ට දරුව නැති වේදනාව කොයිතරම දැනෙනවා ඇත්ද.... ? (පින්තුරේ ඉන්නෙ මුතාලිෆ්ගෙ තාත්ත)

කර්නල් මුතාලිෆ්...
දැනට අවුරුදු 12කටත් කලින් රට වෙනුවෙන් ජිවිතය දුන්නු බුද්ධි අංශයේ හිටිය හොඳම රණවිරුවෙක්...
අපේ පවුල් වල හමුදාව - පොලිසියට සම්බන්ධකම් සෑහෙන තිබ්බත්, මම මුතාලිෆ් කියන රණවිරුවව දැනගන්නේ පත්තරෙන්... පස්සෙයි හොයල බැලුවේ..

ඉපදුනු රටට ණය නැති සැබෑ මිනිස්සු...

මතකය අලුත් උනා DS Senanayaka විද්‍යාලය 22 වතාවටවත් පවත්වපු රණවිරු සැමරුමේදී දැක්ක නිසා... මම ඒ ලගමයි හිටියේ.. අපේ Leshan අයියවත් මුණ ගැහුන...
පොඩි දෙයක් ලියන්න හිතුනෙ Subashini අක්කා මතක් නිසයි...

#warheros #srilanka #lka #colonelmuthalif #srilankanarmy

ප.ලි

පහුගිය දවසක අපේ Ranga අයියා එක්ක කතා කරද්දි, අයිය කියනවා, “ මල්ලි ඔයා උදේ 4ට නැගිටිනව නේද.. ඒක හරි හොඳයි.. අපිට නම් කරන්න අමාරුයි.. යුද්ධෙ කාලේ එක දිගට නිදි මැරුවා, රෑට තමයි වැඩියම සූදානමෙන් ඉන්න ඕන... ඒ නිදිමරපුවා කවර් කරගන්න අමාරුයි...

- මං මොනවද රටට කරල තියෙන්නේ... මට එහෙම හිතුන හ්ම්... 

No comments:

Post a Comment