Thursday, March 2, 2017
Thursday, February 23, 2017
My Speech at Sirikotha - 16-02-2017
01 ) අපිට ප්‍රශ්නයක් ඇති බව - දවස් පතා එජාප පාක්ෂිකයන්ට ආණ්ඩුවක් තියෙන විටත් තිබෙන ගැටළු සහ ප්‍රශ්න දන්න නිසා ඒ ගැන පැහැදිලි කිරීම.
ජාතික ආණ්ඩුව සිටින විට තිබෙන තත්වය, පලාත් සභා - පලාත් පාලන ආයතන වල බලය තවම නැති බව.
02) එදා සහ අද ගැන විපරමක්
- බඩු මිල - ඉන්ධන, ආහාර ද්‍රව්‍ය
- මාධ්‍ය නිදහස
- අධ්‍යාපනයට දුන් සහන
- 1990 නිදහස් ගිලන් රථ සේවය
- තොරතුරු දැන ගැනීමේ පනත
03) “බලගතු ශ්‍රී ලංකාවක්“ සංකල්පය - ඩීඑස් සේනානායක මැතිතුමාගේ සංකල්පය දිගටම ක්‍රියාත්මක නොවීමත්, එය නැවත වත්මන් අගමැතිවරයා ගෙන ඒමත්.
--
https://www.facebook.com/sukumal.harischandra/videos/10209913528189353/
මසේජ් වලින් ලැබුනු ඒවයින් දැනුනු ඒව..
Tuesday, February 21, 2017
ජීවත් වෙන්න ගොඩක් අය කොච්චර දේවල් කරනවද කියල වෙලාවකට හිතෙනවා.. ඇත්තටම තරුණ අය සෑහෙන්න උත්සහ දරනවා දියුණු වෙන්න.
තරුණ විතරක් නෙමෙයි මැදි වයස් වල අය පවා සෑහෙන මහන්සියක් ගන්නවා ඒ වෙනුවෙන්.
මේ ස්වීප් ටිකට් ඊයෙ(18) අපි එක්ක හිටිය යාළුවෙක් ගත්තෙ. මම කාලෙකින් දැක්කෙ ක්ෂණික ස්වීප් ටිකට්.. කාලෙකින් හූරල තිබ්බෙ නෑ.
මෙතනම 6ක් තියෙනවා 7ක් හීරුවා 1කට 20ක් තිබ්බ.
තව යාළුවෙක් 8ක් ගත්තා. තව කෙනෙක් 4ක් ගත්තා.
මම ගත්තෙ නෑ. මට මේ දවස් වල හිතිල තියෙන්නෙ මේව ගන්න එක තේරුමක් නැති වැඩක් කියල වගේ..
කොහොම උනත් ලොතරැයියක් ගත්තාම බලපාපොරොත්තුවක් තියෙනවා දවසක්, 2ක් යනකම් ඇදේවි කියල..
අපි ඒ තත්වය වෙනස් වෙන විදියට රට දවසක හදන්න උවමනායි කියලත් හිතෙනවා..
ලෝකෙ තත්වෙ පහුගිය කාල වල අපි හොයල බැලුවා හදිසි ධනලාභ, හදිසි වාසනා ගැන, විශේෂයෙන් ලොතරැයි වාසනා ලැබුනු අය ගැන.
සාමාන්‍ය විදියට ලොතරැයියකින් පරම්පරා 5කට විතර මුදල් ලැබුනත්, ඒ දිනන අයගෙන් 95%කට වඩා පරම්පරා 5කට ලැබෙන සල්ලි, පලවෙනි අවුරුදු 5 ඇතුලත ඉවර කරගෙන නැති කරගන්නව කියල තමයි සංඛ්‍යාලේඛන වල තියෙන්නෙ.
ඒක ලෝකෙ තත්වය නිසා මම ලංකාවෙ අපි දන්න ඒව හිතල බැලුව.
ලොතරැයි වාසනා ලැබුනු අය 20ක් විතර දැනන් හිටියත් ඒ අයගෙන් හොද තත්වෙක අදටත් ඉන්නෙ 1-2ක් විතරයි කියලත් මතක් උනා..
ලොතරැයි කියන්නෙත් එක්තරා සූදුවක්.
#hithenadewalfeb2017 #ලොතරැයි #වාසනාව #අපි #රට

Thursday, February 16, 2017
Thursday, February 9, 2017
Monday, February 6, 2017
බලගතු ශ්‍රී ලංකාවකට යහපාලන ආණ්ඩුවෙන් ?
“ බලගතු ශ්‍රී ලංකාවක් “ යන තේමාව නිදහස් ලංකාවේ පලවෙනි අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්.සේනානායක මහතාගේ සංකල්පයකි. එතුමාට අවශ්‍යව තිබුනේ ලංකාව ලෝකයේම පිලිගැනීම තිබෙන, බලගතු රාජ්‍යයක් කිරීමටය.
http://www.wedivistara.com/sinhala/details.php?arti_id=735
අපේ රට ඒකාලයේ ආසියාවේම ආර්ථික වශයෙන් බලගතු රටක්ව පැවතින. කෙසේ වුවද පසුකාලීනව විවිධාකර දේශපාලනමය, සමාජයමය හේතු සාධක සහ බලපෑම් නිසා අපට එම තත්වයන් අහිමි විය.
සිංගප්පූරුව, ලංකාවේ කොළඹ වැනි තත්වයකට ගෙන ඒමට ලී ක්වාන් යූ අගමැතිතුමා ලංකාවට පැමිණ තීරණය කල අතර, මැලේසියාවේ මහතීර් මොහොමඩ් අගමැතිතුමාද ලංකාවේ දියුණු තත්වයට මැලේසියාව ගෙන ආ යුතු බවට ඒ කාලයේ තීරණය කරන ලදි.
වසර 30ක් පැවති යුද්ධයද ඊට පෙර පැවති භීෂණ සමයද දැඩිව ලංකාවේ ආර්ථික - සමාජිය පරිහානි වලට හේතු වූ අතර යුද්ධයෙන් පසුව ජනතාව බලාපොරොත්තු වූ පරිදි සැනසිලිදායක කටයුතු පැවති රජයෙන් ලැබුනේ නැත. එම නිසා 2015 ජනවාරි 8 වනදා “යහපාලනය“ තේමා පාඨය කරගත් මෛත්‍රිපාල මහතාව, ජනාධිපති කරන ලදි.
එදා මෙදාතුර වසර 2යි මාසයක පමණ කාලයක් තුලදී ලංකාවේ ආර්ථික සමාජීය තත්වයන් දන්නා අත්දැකීමෙන් විමසා බැලීමේදී 2015 වසර සාර්ථක වූ අතර 2016 සෑහෙන ආර්ථික වශයෙන් ගැටළු ඇති කල වසරක් බව සිතෙයි. එය සොයා බලන විට පෞද්ගලිකව මට පමණක් නොව දන්නා බොහෝ අයටද එසේ වී ඇති අතර, රජයටද එසේ වී ඇත.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට නිසි ගෞරවය ලැබීම, හිටපු අග්‍ර විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියට සිදු වූ වරද නිවරදි කිරීම, දුමින්ද සිල්වා, අතකොටා යන අයට මරණ දඬුවම ලැබීම නීතියේ පැත්තෙන් අප දුටු යහපත් දේ ලෙස සැලකිය හැක. එසේ කියා සියල්ලම ඒ පැත්තෙන්ද සාර්ථක නැත. හදාගත යුතු බොහෝ දේ තිබේ.
යහපාලන ආණ්ඩුවේ කරන ලද හොඳම දේ අතර 1990 නොමිලේ කරන ගිලන් රථ සේවාවද, වසර 13ක් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම සහ ලක්ෂ 45ක් වූ පාසල් දරුවන් සියලුදෙනාටම රක්ෂණයක් ලබාදීම, ඖෂධ මිල අඩුවීම මූලිකව දැක්විය හැක.
ඒක පුද්ගල දළ දේශිය නිෂ්පාදිතය 1960 සිට වැඩි වී ඇත්තේ 28 ගුණයකින් පමණය. අපට එසේ වුවද අනිකුත් සෑම රටකම එය වැඩි වී ඇත්තේ අපට වඩා වැඩියෙනි. ඒක පුද්ගල ආදායම වැඩි වී ඇති බව කිසිවෙකු තර්ක කලොත්, එය වැඩි වි ඇත්තේ ගත් ණය නිසා මිස වෙන දෙයක් මත නොවන බව තේරුම් ගත යුතුය.
අධික ණය බර හැමදාම වැඩිවුනා විනා අඩුවීමක් වී නැත. එසේම රටක් විදියට අපේ ආනයන ප්‍රමාණය වැඩි වුවද, අපනයන ප්‍රමාණය වැඩි වී නැත. ඊට සාපේක්ෂව බදු බරද වැඩි කිරීම තුල ජනතාවට දැනෙන දෙයක් වී ඇත. පෙරට සාපේක්ෂව යහපතක් එහි තිබුනද වැඩිවුනු දේ ගැන වැඩියෙන් කතා කරන රටක, බදු නිසා සියල්ල වැඩි වුනු බවක් හැඟේ.
රජයේ වියදම් සාපේක්ෂව අඩු කර ඇති අතර, එහිදී පෙර පැවති ආණ්ඩුවට සාපේක්ෂව ඇමතිවරුන්ගේ වාහන - නිවාස වලට සේම, කාර්ය මණ්ඩල යනාදිය නඩත්තුවට ලබාදී ඇති උපදෙස් අනුව සිතිය හැක.
එසේ වුවද පෙර පැවති විවිධාකාර අක්‍රමිකතා, සොරකම් යනාදිය නව්‍යකරණයකින් යුතුව කෙරෙන බවට අපට විවිධාකාර ආරංචි මාර්ග වලින් පැහැදිලි වෙයි.
ඇතැම් අමාත්‍යංශයක අමාත්‍යවරයා සොරකම්, දූෂණ, අක්‍රමිකතා නවතා ඇත. ඔහු කරන්නේද නැත. නමුත් එම වැරදි තවමත් සිදුවෙයි. නිලධාරින් බොහෝමයක් පෙර සිටි අයමය, එසේම නව නිලධාරින්ද අතරද එසේ කරන අය සිටී.
බලය සමග එන මොලය සහ සිතීමේ හැකියාව මොටවීමේ හැකියාව තේරෙන්නේ එවන් වැරදි ගැන අදාල අමාත්‍යවරයන්ට දන්වන්නට යෑමෙනි. තමන් යටතේ සිටින නිලධාරින් එසේ නොකරනු ඇති බවට අමාත්‍යවරයාට ඉර හඳ මෙන් විශ්වාසය. එනිසා එවන් දේ නොකියා හරි - වැරදි ගැන කියා නැවතීමට එවන් දේ පිටුදකින අයට සිදු වී ඇත.
මෙහිදී බලය තියෙන අය තේරුම් ගත යුතු දේ වන්නේ බලය සදාකාලික නැති බවය. අප දන්නා කාලයේ අසීමිත බලයක් තිබ්බේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටය. වෙන කිසි රටක අවසන් කල නොහැකි වූ ත්‍රස්තවාදි යුද්ධයක් අවසන් කර, පාර්ලිමේන්තුවේ 3/2කට වඩාද, අනිකුත් සියලු රාජ්‍ය යාන්ත්‍රණයන්, පලාත් සභා, පලාත් පාලන ආයතන වල වැඩි බහුතර බලය හිමිව එතුමා සිටියේය. නමුත් 2005 සිට 2015 යන වසර 10කටත් අඩු කාලයකි, එතුමාටත් රාජ්‍ය බලය හිමිව තිබුනෙ.
එනිසා බලය තියෙන කාලයේ බලය නැති කාලයක හෝ ජිවතුන් අතර නැති කාලයක නරක නොඅසා හොඳ පමණක් අසන්නට කටයුතු කරන්නට ලැජ්ජාවක් - බයක් / දේව ධර්මය ගැන හැඟීමක් දේශපාලකයන්ට ඇති විය යුතුමය. එය ඉදිරි කාලයේ ඇති වනු ඇති බවට උදක්ම විශ්වාස කරනව.
මේ සියලු කාරණා සමග සොයා බලාගෙන යාමේදි අප මුලින්ම පැහැදිලි කරගත යුත්තේ රටේ ප්‍රශ්නයක් තිබෙන බවය. අපි දැවැන්ත අවුලක තවම සිටිමු. එය මුලින් තේරුම් ගත යුතුය. පෙර රජ දවස අප බොහෝ දියුණු රටක් බව සැබෑය. නමුත් අතීත ශ්‍රී විභූතිය පමණක් සිතීමෙන් ඵලක් නැත. නව ලෝකය සමග දියුණුව යා යුතු වේ.
වර්තමාන ආණ්ඩුවේ ආයෝජන කලාප සැලැස්මවල් දෙස බලන විට, වැරදීම් නැතිව නිවරදිව කරගෙන යන්නේ නම් ඒ ගැන සුභවාදි බලාපොරොත්තුවක් තබාගත හැකි බවද විශ්වාසය. හම්බන්තොට ආයෝජන කලාපයක් ලෙස වැඩි වර්ධනය කල යුතුම දෙයකි. GSP + සහනය මාස 2ක් ඇතුලත බොහෝවිට ලැබෙනු ඇත. ඒ හරහා රෙදිපිළි පමණක් නොව තවත් බොහෝ දෑ සඳහා යුරෝපීය වෙළඳපල විවෘත වෙයි. සංචාරක කටයුතු දියුනු කිරීමද, කෘෂිකර්මාන්තය දියුණු කිරීමද, අන්තර්ජාලයට අදාලව ලෝකය සමග ගනුදෙනු කිරීම් ආදියට රජයේ මැදිහත් වීම මත ලබාදෙන සහයෝගය මතද රට දියුණු කල හැකි බව අපගේ විශ්වාසයයි.
එය එසේම වනු ඇති බව විශ්වාස කරමු. මක්නිසාද යත්, නැතිනම් අපේ රට තව තවත් යන්නේ අගාධයට නිසාය. මතු පරපුරක දරුවෙකු, “ රට වෙනුවෙන් මොනවද කලේ ? “ යන්න අසද්දී, රටට කල දෙයක් කීමට රට හොඳ තැනක තිබිය යුතුමය.
අපේ රටට තුනුරුවන්ගෙ සරණයි !
Sukumal Harischandra
+94 770 253438

Saturday, February 4, 2017
Thursday, January 26, 2017
පහුගිය දවසක අපෙ Sunethra Liyanage අක්ක මාව මෙන්ෂන් කරල තිබ්බ අනංමනං පේජයෙ තිබුනු ප්‍රවීණ ගීත රචක හේමශීද අල්විස් සහ එම මහත්මිය අසරණ වෙලා ඉන්නව කියල. කලාකරුවන් නිසා ජනමාධ්‍ය ඇමතිතුමාට කියල සහයෝගයක් දෙන්න කියල...
https://www.facebook.com/dgeethanjana/posts/10211992005264707?pnref=story
ඒ අතර කාලෙකින් මුණ ගැහුනු දහම් පාසල් මිතුරෙක් වෙච්ච Dhamma Geethanjanaත් ඒ කාරණයම මට කිව්වා, දැනුවත් කරන්න කියල. ෆෝන් නොම්මරේත් හොයල දුන්න.
මම හේමශීද අල්විස් මහත්තයට කතා කරාම දැනගත්තා, වතුර ප්‍රශ්නයට උදව් ලැබුනු බවත්, තවම ලයිට් ප්‍රශ්නයට විසදුමක් නැති බවත්..
මම Gayantha Karunathilaka ඇමතිතුමාට කතා කරලා, ඊට පස්සෙ Devinda Gunasekara මහත්තයා හරහා, කලාකරුවන්ගෙ සුභසාධනය වෙනුවෙන් පත් කරපු උපදේශකවරයා වන රවීන්ද්‍ර ගුණසේකර මහත්තයව සම්බන්ධ කරගෙන, අද මුණ ගැහුන..
රවීන්ද්‍ර ගුණසේකර මහත්තයා ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙක් බව දැනගත්තෙත් අද තමයි. එතුමා පොඩි කාලෙ ඉදලම පත්තර වලට ලියපු බවත් දැනගත්ත..
ගොඩක් දේවල් කතා උනා. හේමශීල අල්විස් මහත්තයල, ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙ කාලෙ බොහොම ප්‍රසිද්ධ අය බවත්, අවාසනාවන්ත විදියට අද මෙහෙම වෙලා බවත්..
( ගුණසේකර මහත්තයා පින්තුරයකට පෙනී ඉන්න කැමති උනේ නෑ)
ඉතින් අපි හැකි ඉක්මණින් ජනමාධ්‍ය ඇමතිතුමා හරහා ඒ කටයුත්ත කරල දෙන්න උත්සහ කරනව..
දැනුවත් කරපු - දිරි දුන්නු හැමෝටම ස්තූතියි !
https://www.facebook.com/Ananmanan.fanpage/videos/10154144318267546/

Wednesday, January 25, 2017
අලෝකෝ උදපාදි
“ දන්වා යවනු පුලුවන් නම් රාජ්‍ය බලය අල්ල ගන්න කියල, හැබැයි ගොඩබැහැපු පරදේශක්කාරයින්ව එලවල “ - කියන දේ ඇහුවම මතක් උනා..
මම කියවල තිබ්බෙ නම්, රුහුණේ වැසි තිස්ස කියල බමුණෙක් වලගම්බා රජතුමාට විරුද්ධව කැරැල්ල පටන් ගත්තාම, “ සිංහලේ රාජ්‍යය ඔබගේය, රාජ්‍යයට එදිරිව පැමිණි විදේශිකයන් හා සටන් කොට ජයගන්න “ කියලයි...
කොහොම හරි, ඒකෙන් මේකෙන් ඉතිහාසෙත් මතක් වෙන්න ගත්ත..
දුටුගැමුණු කුමාරයගෙන් පස්සේ රජ වෙන්නෙ සද්ධාතිස්ස රජතුමා...
සද්ධාතිස්ස රජතුමාට දරුවො 4යි.
3 - ඛල්ලාට නාග 4- වලගම්බා
සද්ධාතිස්ස රජතුමාගෙන් පස්සෙ ථුලත්තන, ලජ්ජතිස්ස රජ වෙලා පස්සෙ ඛල්ලාට නාග රජ උනත්, රාජ්‍ය ලෝභයෙන් මහාභරන්තක කියන සෙනෙවියා රාජ්‍ය ගන්නවා.
මහාභරන්තව මරලා වලගම්බා කුමාරය රජ වෙනව.
මාස 5ක් ඇතුලත රුහුණෙ කැරැල්ලත්, ඉන්දියාවෙන් ආපු ද්‍රවිඩයන් 5 දෙනෙක් නිසාත් රාජ්‍ය නැති වෙනව.
පුලහත්ථ - බාහිය - පණයමාර - පිලියමාර - දාඨික මූලික වෙච්ච ද්‍රවිඩයන් එක්ක සටනෙදි පැරදුනු වලගම්බා රජතුමා පලා යනකොට ගිරි නම් නිගණ්ඨයාගේ වචනත් මතක් වෙනව.
ඒවගේම රථයේ බර වැඩි නිසා රට - ජාතිය වෙනුවෙන් තමන්ව බිලි දෙන සෝමා දේවිය රථයෙන් බැහැපු නිසා රජතුමා රැකුණ වගේම රටත් රැකුණු බවත් මතක් වෙනව.
ඒ සෝමා දේවිය අද අපේ සෝමාවතිය රකින මගෙ ඉෂ්ට දෙවි කෙනෙක් වෙන මහානුභාවසම්පන්න“තාරා දේව මෑණියන් “ බවත් මතක් උනා..
ආක්‍රමණිකයන් 1 -1 ගානෙ මරාගෙන අන්තිමට දාඨික රජ උනත් එයා දුර්වල බවත් අවු 14කට පස්සෙ වලගම්බා රජතුමා ආයෙ ලංකාවෙ රජ උනු බවත් මතක් වෙනව..
ඒ අතර බැමිණිතියාසෑය කියපු මහා දුර්භීක්ෂයත්, පලවෙනි වතාවට නිකාය භේදය වගේම අදටත් කියවෙන ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමත් මක් වෙනව..
Saturday, January 7, 2017
We are very proud of you dear #Thash 🏆
Getting 3A's in Advance Level exam (Commerce) was splendid.... ^_^
We know how hard you work for it... n happily we've done some support since the beginning of your school time :D
මහන්සියෙන් - කැපවීමෙන් දේවල් කරාම හොඳ ප්‍රතිඵල ලැබෙනව කියන්න හොඳම උදාහරණයක් අපේ #තාෂ්...
උසස් පෙල වානිජ අංශයෙන් ඒ 3ක් ...
ඒලෙවල් වලට ගොඩක් මහන්සි උනා.. ඒ අතර ඉඩකඩම් වැඩ වලදිත් උදව් කරා... යාළුවො එක්ක හොඳින් හිටියා.. ඉස්කෝලෙ ගොඩක් වැඩ කලා, ක්‍රීඩා සෑහෙන ගානකින් දිනුවා, උපප්‍රධාන ශිෂ්‍යනායකය (වෙන්න තිබ්බෙ ප්‍රධාන හ්ම්) උනා..
- ඒවගේම මට මතකයි ජනාධිපතිවරණය කාලෙ ඡන්දෙ දෙන්න ගාලු ගියාම, කරදරයක් වෙච්ච යාළුවෙක්ට උදව් කරපුවත්.. ඒවගේ සෑහෙන කරන හොඳ දරුවෙක්..
- හැමෝම එක්ක සහයෝගයෙන් ඉන්න කැමති, බොරුවක් කියන්න අකමැති කෙනෙක්.. ඒක හොදටම දන්නවා, බොරුවක් කියන්න වෙන වෙලාවක් ආවොත් කතා නොකර කටපියාගෙන ඉන්න නිසා.. (ඒ තරම හොඳ වෙන්න අපේ ආශ්‍රය හොඳ හේතුවක් වෙන්නැති :D )

Subscribe to:
Posts (Atom)