Tweets by @Tweetsbysuku myblog: අලෝකෝ උදපාදි

Facebook Fan Page

Wednesday, January 25, 2017

අලෝකෝ උදපාදි

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ කතාව කියල අපේ Gaya අක්කා ෂෙයා කරල තිබුනු එක දැක්කත් හිතට ආපු නැති දේ
“ දන්වා යවනු පුලුවන් නම් රාජ්‍ය බලය අල්ල ගන්න කියල, හැබැයි ගොඩබැහැපු පරදේශක්කාරයින්ව එලවල “ - කියන දේ ඇහුවම මතක් උනා..

මම කියවල තිබ්බෙ නම්, රුහුණේ වැසි තිස්ස කියල බමුණෙක් වලගම්බා රජතුමාට විරුද්ධව කැරැල්ල පටන් ගත්තාම, “ සිංහලේ රාජ්‍යය ඔබගේය, රාජ්‍යයට එදිරිව පැමිණි විදේශිකයන් හා සටන් කොට ජයගන්න “ කියලයි...
කොහොම හරි, ඒකෙන් මේකෙන් ඉතිහාසෙත් මතක් වෙන්න ගත්ත..
දුටුගැමුණු කුමාරයගෙන් පස්සේ රජ වෙන්නෙ සද්ධාතිස්ස රජතුමා...

සද්ධාතිස්ස රජතුමාට දරුවො 4යි.
3 - ඛල්ලාට නාග 4- වලගම්බා
සද්ධාතිස්ස රජතුමාගෙන් පස්සෙ ථුලත්තන, ලජ්ජතිස්ස රජ වෙලා පස්සෙ ඛල්ලාට නාග රජ උනත්, රාජ්‍ය ලෝභයෙන් මහාභරන්තක කියන සෙනෙවියා රාජ්‍ය ගන්නවා.
මහාභරන්තව මරලා වලගම්බා කුමාරය රජ වෙනව.
මාස 5ක් ඇතුලත රුහුණෙ කැරැල්ලත්, ඉන්දියාවෙන් ආපු ද්‍රවිඩයන් 5 දෙනෙක් නිසාත් රාජ්‍ය නැති වෙනව.
පුලහත්ථ - බාහිය - පණයමාර - පිලියමාර - දාඨික මූලික වෙච්ච ද්‍රවිඩයන් එක්ක සටනෙදි පැරදුනු වලගම්බා රජතුමා පලා යනකොට ගිරි නම් නිගණ්ඨයාගේ වචනත් මතක් වෙනව.

ඒවගේම රථයේ බර වැඩි නිසා රට - ජාතිය වෙනුවෙන් තමන්ව බිලි දෙන සෝමා දේවිය රථයෙන් බැහැපු නිසා රජතුමා රැකුණ වගේම රටත් රැකුණු බවත් මතක් වෙනව.
ඒ සෝමා දේවිය අද අපේ සෝමාවතිය රකින මගෙ ඉෂ්ට දෙවි කෙනෙක් වෙන මහානුභාවසම්පන්න“තාරා දේව මෑණියන් “ බවත් මතක් උනා..

ආක්‍රමණිකයන් 1 -1 ගානෙ මරාගෙන අන්තිමට දාඨික රජ උනත් එයා දුර්වල බවත් අවු 14කට පස්සෙ වලගම්බා රජතුමා ආයෙ ලංකාවෙ රජ උනු බවත් මතක් වෙනව..

ඒ අතර බැමිණිතියාසෑය කියපු මහා දුර්භීක්ෂයත්, පලවෙනි වතාවට නිකාය භේදය වගේම අදටත් කියවෙන ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමත් මක් වෙනව.. 

No comments:

Post a Comment