Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Tuesday, February 21, 2017

ජීවත් වෙන්න ගොඩක් අය කොච්චර දේවල් කරනවද කියල වෙලාවකට හිතෙනවා.. ඇත්තටම තරුණ අය සෑහෙන්න උත්සහ දරනවා දියුණු වෙන්න.
තරුණ විතරක් නෙමෙයි මැදි වයස් වල අය පවා සෑහෙන මහන්සියක් ගන්නවා ඒ වෙනුවෙන්.

මේ ස්වීප් ටිකට් ඊයෙ(18) අපි එක්ක හිටිය යාළුවෙක් ගත්තෙ. මම කාලෙකින් දැක්කෙ ක්ෂණික ස්වීප් ටිකට්.. කාලෙකින් හූරල තිබ්බෙ නෑ.
මෙතනම 6ක් තියෙනවා 7ක් හීරුවා 1කට 20ක් තිබ්බ.
තව යාළුවෙක් 8ක් ගත්තා. තව කෙනෙක් 4ක් ගත්තා.
මම ගත්තෙ නෑ. මට මේ දවස් වල හිතිල තියෙන්නෙ මේව ගන්න එක තේරුමක් නැති වැඩක් කියල වගේ..

කොහොම උනත් ලොතරැයියක් ගත්තාම බලපාපොරොත්තුවක් තියෙනවා දවසක්, 2ක් යනකම් ඇදේවි කියල..
අපි ඒ තත්වය වෙනස් වෙන විදියට රට දවසක හදන්න උවමනායි කියලත් හිතෙනවා..
ලෝකෙ තත්වෙ පහුගිය කාල වල අපි හොයල බැලුවා හදිසි ධනලාභ, හදිසි වාසනා ගැන, විශේෂයෙන් ලොතරැයි වාසනා ලැබුනු අය ගැන.

සාමාන්‍ය විදියට ලොතරැයියකින් පරම්පරා 5කට විතර මුදල් ලැබුනත්, ඒ දිනන අයගෙන් 95%කට වඩා පරම්පරා 5කට ලැබෙන සල්ලි, පලවෙනි අවුරුදු 5 ඇතුලත ඉවර කරගෙන නැති කරගන්නව කියල තමයි සංඛ්‍යාලේඛන වල තියෙන්නෙ.

ඒක ලෝකෙ තත්වය නිසා මම ලංකාවෙ අපි දන්න ඒව හිතල බැලුව.
ලොතරැයි වාසනා ලැබුනු අය 20ක් විතර දැනන් හිටියත් ඒ අයගෙන් හොද තත්වෙක අදටත් ඉන්නෙ 1-2ක් විතරයි කියලත් මතක් උනා..

ලොතරැයි කියන්නෙත් එක්තරා සූදුවක්.

#hithenadewalfeb2017 #ලොතරැයි #වාසනාව #අපි #රට

No comments:

Post a Comment