Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Thursday, January 26, 2017

පහුගිය දවසක අපෙ Sunethra Liyanage අක්ක මාව මෙන්ෂන් කරල තිබ්බ අනංමනං පේජයෙ තිබුනු ප්‍රවීණ ගීත රචක හේමශීද අල්විස් සහ එම මහත්මිය අසරණ වෙලා ඉන්නව කියල. කලාකරුවන් නිසා ජනමාධ්‍ය ඇමතිතුමාට කියල සහයෝගයක් දෙන්න කියල...

https://www.facebook.com/dgeethanjana/posts/10211992005264707?pnref=story


ඒ අතර කාලෙකින් මුණ ගැහුනු දහම් පාසල් මිතුරෙක් වෙච්ච Dhamma Geethanjanaත් ඒ කාරණයම මට කිව්වා, දැනුවත් කරන්න කියල. ෆෝන් නොම්මරේත් හොයල දුන්න.
මම හේමශීද අල්විස් මහත්තයට කතා කරාම දැනගත්තා, වතුර ප්‍රශ්නයට උදව් ලැබුනු බවත්, තවම ලයිට් ප්‍රශ්නයට විසදුමක් නැති බවත්..

මම Gayantha Karunathilaka ඇමතිතුමාට කතා කරලා, ඊට පස්සෙ Devinda Gunasekara මහත්තයා හරහා, කලාකරුවන්ගෙ සුභසාධනය වෙනුවෙන් පත් කරපු උපදේශකවරයා වන රවීන්ද්‍ර ගුණසේකර මහත්තයව සම්බන්ධ කරගෙන, අද මුණ ගැහුන..
රවීන්ද්‍ර ගුණසේකර මහත්තයා ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙක් බව දැනගත්තෙත් අද තමයි. එතුමා පොඩි කාලෙ ඉදලම පත්තර වලට ලියපු බවත් දැනගත්ත..

ගොඩක් දේවල් කතා උනා. හේමශීල අල්විස් මහත්තයල, ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙ කාලෙ බොහොම ප්‍රසිද්ධ අය බවත්, අවාසනාවන්ත විදියට අද මෙහෙම වෙලා බවත්..

( ගුණසේකර මහත්තයා පින්තුරයකට පෙනී ඉන්න කැමති උනේ නෑ)

ඉතින් අපි හැකි ඉක්මණින් ජනමාධ්‍ය ඇමතිතුමා හරහා ඒ කටයුත්ත කරල දෙන්න උත්සහ කරනව..
දැනුවත් කරපු - දිරි දුන්නු හැමෝටම ස්තූතියි !

https://www.facebook.com/Ananmanan.fanpage/videos/10154144318267546/

No comments:

Post a Comment