Tweets by @Tweetsbysuku myblog: බලගතු ශ්‍රී ලංකාවකට යහපාලන ආණ්ඩුවෙන් ?

Facebook Fan Page

Monday, February 6, 2017

බලගතු ශ්‍රී ලංකාවකට යහපාලන ආණ්ඩුවෙන් ?

“ බලගතු ශ්‍රී ලංකාවක් “ යන තේමාව නිදහස් ලංකාවේ පලවෙනි අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්.සේනානායක මහතාගේ සංකල්පයකි. එතුමාට අවශ්‍යව තිබුනේ ලංකාව ලෝකයේම පිලිගැනීම තිබෙන, බලගතු රාජ්‍යයක් කිරීමටය.
http://www.wedivistara.com/sinhala/details.php?arti_id=735


අපේ රට ඒකාලයේ ආසියාවේම ආර්ථික වශයෙන් බලගතු රටක්ව පැවතින. කෙසේ වුවද පසුකාලීනව විවිධාකර  දේශපාලනමය, සමාජයමය හේතු සාධක සහ බලපෑම් නිසා අපට එම තත්වයන් අහිමි විය.
සිංගප්පූරුව, ලංකාවේ කොළඹ වැනි තත්වයකට ගෙන ඒමට ලී ක්වාන් යූ අගමැතිතුමා ලංකාවට පැමිණ තීරණය කල අතර, මැලේසියාවේ මහතීර් මොහොමඩ් අගමැතිතුමාද ලංකාවේ දියුණු තත්වයට මැලේසියාව ගෙන ආ යුතු බවට ඒ කාලයේ තීරණය කරන ලදි.

වසර 30ක් පැවති යුද්ධයද ඊට පෙර පැවති භීෂණ සමයද දැඩිව ලංකාවේ ආර්ථික - සමාජිය පරිහානි වලට හේතු වූ අතර යුද්ධයෙන් පසුව ජනතාව බලාපොරොත්තු වූ පරිදි සැනසිලිදායක කටයුතු පැවති රජයෙන් ලැබුනේ නැත. එම නිසා 2015 ජනවාරි 8 වනදා “යහපාලනය“ තේමා පාඨය කරගත් මෛත්‍රිපාල මහතාව, ජනාධිපති කරන ලදි.

එදා මෙදාතුර වසර 2යි මාසයක පමණ කාලයක් තුලදී ලංකාවේ ආර්ථික සමාජීය තත්වයන් දන්නා අත්දැකීමෙන් විමසා බැලීමේදී 2015 වසර සාර්ථක වූ අතර 2016 සෑහෙන ආර්ථික වශයෙන් ගැටළු ඇති කල වසරක් බව සිතෙයි. එය සොයා බලන විට පෞද්ගලිකව මට පමණක් නොව දන්නා බොහෝ අයටද එසේ වී ඇති අතර, රජයටද එසේ වී ඇත.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට නිසි ගෞරවය ලැබීම, හිටපු අග්‍ර විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියට සිදු වූ වරද නිවරදි කිරීම, දුමින්ද සිල්වා, අතකොටා යන අයට මරණ දඬුවම ලැබීම නීතියේ පැත්තෙන් අප දුටු යහපත් දේ ලෙස සැලකිය හැක. එසේ කියා සියල්ලම ඒ පැත්තෙන්ද සාර්ථක නැත. හදාගත යුතු බොහෝ දේ තිබේ.

යහපාලන ආණ්ඩුවේ කරන ලද හොඳම දේ අතර 1990 නොමිලේ කරන ගිලන් රථ සේවාවද, වසර 13ක් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම සහ ලක්ෂ 45ක් වූ පාසල් දරුවන් සියලුදෙනාටම රක්ෂණයක් ලබාදීම, ඖෂධ මිල අඩුවීම මූලිකව දැක්විය හැක.

ඒක පුද්ගල දළ දේශිය නිෂ්පාදිතය 1960 සිට වැඩි වී ඇත්තේ 28 ගුණයකින් පමණය. අපට එසේ වුවද අනිකුත් සෑම රටකම එය වැඩි වී ඇත්තේ අපට වඩා වැඩියෙනි. ඒක පුද්ගල ආදායම වැඩි වී ඇති බව කිසිවෙකු තර්ක  කලොත්, එය වැඩි වි ඇත්තේ ගත් ණය නිසා මිස වෙන දෙයක් මත නොවන බව තේරුම් ගත යුතුය.
අධික ණය බර හැමදාම වැඩිවුනා විනා අඩුවීමක් වී නැත. එසේම රටක් විදියට අපේ ආනයන ප්‍රමාණය වැඩි වුවද, අපනයන ප්‍රමාණය වැඩි වී නැත. ඊට සාපේක්ෂව බදු බරද වැඩි කිරීම තුල ජනතාවට දැනෙන දෙයක් වී ඇත. පෙරට සාපේක්ෂව යහපතක් එහි තිබුනද වැඩිවුනු දේ ගැන වැඩියෙන් කතා කරන රටක, බදු නිසා සියල්ල වැඩි වුනු බවක් හැඟේ.

රජයේ වියදම් සාපේක්ෂව අඩු කර ඇති අතර, එහිදී පෙර පැවති ආණ්ඩුවට සාපේක්ෂව ඇමතිවරුන්ගේ වාහන - නිවාස වලට සේම, කාර්ය මණ්ඩල යනාදිය නඩත්තුවට ලබාදී ඇති උපදෙස් අනුව සිතිය හැක.
එසේ වුවද පෙර පැවති විවිධාකාර අක්‍රමිකතා, සොරකම් යනාදිය නව්‍යකරණයකින් යුතුව කෙරෙන බවට අපට  විවිධාකාර ආරංචි මාර්ග වලින් පැහැදිලි වෙයි.
ඇතැම් අමාත්‍යංශයක අමාත්‍යවරයා සොරකම්, දූෂණ, අක්‍රමිකතා නවතා ඇත. ඔහු කරන්නේද නැත. නමුත් එම වැරදි තවමත් සිදුවෙයි. නිලධාරින් බොහෝමයක් පෙර සිටි අයමය, එසේම නව නිලධාරින්ද අතරද එසේ කරන අය සිටී.
බලය සමග එන මොලය සහ සිතීමේ හැකියාව මොටවීමේ හැකියාව තේරෙන්නේ එවන් වැරදි ගැන අදාල අමාත්‍යවරයන්ට දන්වන්නට යෑමෙනි. තමන් යටතේ සිටින නිලධාරින් එසේ නොකරනු ඇති බවට අමාත්‍යවරයාට ඉර හඳ මෙන් විශ්වාසය. එනිසා එවන් දේ නොකියා හරි - වැරදි ගැන කියා නැවතීමට එවන් දේ පිටුදකින අයට සිදු වී ඇත.
මෙහිදී බලය තියෙන අය තේරුම් ගත යුතු දේ වන්නේ බලය සදාකාලික නැති බවය. අප දන්නා කාලයේ අසීමිත බලයක් තිබ්බේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටය. වෙන කිසි රටක අවසන් කල නොහැකි වූ ත්‍රස්තවාදි යුද්ධයක් අවසන් කර, පාර්ලිමේන්තුවේ 3/2කට වඩාද, අනිකුත් සියලු රාජ්‍ය යාන්ත්‍රණයන්, පලාත් සභා, පලාත් පාලන ආයතන වල වැඩි බහුතර බලය හිමිව එතුමා සිටියේය. නමුත් 2005 සිට 2015 යන වසර 10කටත් අඩු කාලයකි, එතුමාටත් රාජ්‍ය බලය හිමිව තිබුනෙ.
එනිසා බලය තියෙන කාලයේ බලය නැති කාලයක හෝ ජිවතුන් අතර නැති කාලයක නරක නොඅසා හොඳ පමණක් අසන්නට කටයුතු කරන්නට ලැජ්ජාවක් - බයක් / දේව ධර්මය ගැන හැඟීමක් දේශපාලකයන්ට ඇති විය යුතුමය. එය ඉදිරි කාලයේ ඇති වනු ඇති බවට උදක්ම විශ්වාස කරනව.

මේ සියලු කාරණා සමග සොයා බලාගෙන යාමේදි අප මුලින්ම පැහැදිලි කරගත යුත්තේ රටේ ප්‍රශ්නයක් තිබෙන බවය. අපි දැවැන්ත අවුලක තවම සිටිමු. එය මුලින් තේරුම් ගත යුතුය. පෙර රජ දවස අප බොහෝ දියුණු රටක් බව සැබෑය. නමුත් අතීත ශ්‍රී විභූතිය පමණක් සිතීමෙන් ඵලක් නැත. නව ලෝකය සමග දියුණුව යා යුතු වේ.
වර්තමාන ආණ්ඩුවේ ආයෝජන කලාප සැලැස්මවල් දෙස බලන විට, වැරදීම් නැතිව නිවරදිව කරගෙන යන්නේ නම් ඒ ගැන සුභවාදි බලාපොරොත්තුවක් තබාගත හැකි බවද විශ්වාසය. හම්බන්තොට ආයෝජන කලාපයක් ලෙස වැඩි වර්ධනය කල යුතුම දෙයකි. GSP +  සහනය මාස 2ක් ඇතුලත බොහෝවිට ලැබෙනු ඇත. ඒ හරහා රෙදිපිළි පමණක් නොව තවත් බොහෝ දෑ සඳහා යුරෝපීය වෙළඳපල විවෘත වෙයි. සංචාරක කටයුතු දියුනු කිරීමද, කෘෂිකර්මාන්තය දියුණු කිරීමද, අන්තර්ජාලයට අදාලව ලෝකය සමග ගනුදෙනු කිරීම් ආදියට රජයේ මැදිහත් වීම මත ලබාදෙන සහයෝගය මතද රට දියුණු කල හැකි බව අපගේ විශ්වාසයයි.

එය එසේම වනු ඇති බව විශ්වාස කරමු. මක්නිසාද යත්, නැතිනම් අපේ රට තව තවත් යන්නේ අගාධයට නිසාය. මතු පරපුරක දරුවෙකු, “ රට වෙනුවෙන් මොනවද කලේ ? “ යන්න අසද්දී, රටට කල දෙයක් කීමට රට හොඳ තැනක තිබිය යුතුමය.

අපේ රටට තුනුරුවන්ගෙ සරණයි !

Sukumal Harischandra
+94 770 253438


No comments:

Post a Comment