Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Tuesday, January 22, 2013

Experiences.....

Kingfisher Air-hostesses
Young : I want to buy my own experiences....
Old : Its better, you' ll have to pay for it.....

කාත් එක්ක හරි කතා කරාමත් ජීවිත අත්දැකීම් ලැබෙන එක හොඳ දෙයක් කියලයි මට හිතෙන්නෙ... හ්ම්....
තරුණ අයට කොහොමත් හැමදේටම එක්ස්පීරියන්ස් එක ගන්න ඕන... හැබැයි ඒ වෙනුවෙන් කැපකිරීමක්/ගෙවීමක් තියෙනවා.. මට උනත් එච්චරයි... අවුරුද්දකට කලින් කියපුව තේරුනා නම් හරිනෙ...

Air hostess ලා ගැන හිතද්දි ඒක වෙනම සමාජයක්... අතිශයින් නිදහස ලැබුනු සමාජයක්.... පිරිමි, ගැහැණු දෙගොල්ලන්ටම අසීමිත නිදහසක් ලැබෙන සමාජයක තමන්ගෙ ගරුත්වය රැකගන්න එක ලේසි දෙයක් නම් නෙමෙයි... ඒනිසා වෙන්න ඕන සල්ලි ලැබුනත් අපි දන්න සමාජයෙ වැඩි කැමැත්තක් නැත්තෙ ඔය පැත්තට... අපෙ නංගි හැබැයි එයාලයින් කැබින් කෘ කෝස් එක කලා... එච්චරයි...
හොයල බැලුවම කීප දෙනෙක් එයා හොස්ටස්ලා, තනිකඩ ජීවිතයක් ගෙවන්න හුරු වෙලා. නරක පිරිමින්ගෙන් කරදර උනාම ගෑණු රළු වෙනවා... මම දන්න කටක ලග්න ගෑණු ළමයි කීපයක් ඉන්නවා, රිදවීම් ලැබුනාම රළු වෙලා තනියම ඉන්න හිතනවා...(කේන්දරවලත් එහෙම හිතෙනව මගෙ හිතේ)
එයා හොස්ටස් කෙනෙක්ට ලොකු සැලරියක් තියෙනවා... හැබැයි ඒක වැඩි වෙන්නෙ ෆ්ලයි කලොත් විතරයි... ෆ්ලයි කරන්න යන ලිස්ට් එකට නම දාගන්න නම් නිකන් ඉදල බෑලු... දන්න කීපදෙනෙක් ඉන්නවා, ෆ්ලයි නොකර සැලරිය විතරක් අරගෙන ගරුත්වය රැකගෙන ඉන්න.... හොඳ අය කොතනත් ඉන්නවනේ... හ්ම්..

පිරිමි කොහොමත් විශේෂ හොඳ කොටසක් නෙමෙයි.. හැබැයි එහෙම කියල ගෑණුත් හොඳයි කියන්න බෑ... තමන්ගේ ජීවිතේ ගැන තමන්ට තියෙන අයිතිය වගේම වගකීම ගැනත් හිතල වැඩ කලා නම්.... හ්ම්... එච්චරයි....

Yesterday

Do not mad at me, this pic was edited by a friend
Fine day in the beginning cause headache wasn't with me. Hmm tried few things and I was all alone. I went to Mr.Mahinda's office right on time 5.30. I just wanted to make sure things are ready to step in.

Discussion was successful. Another discussion took place in a bar, celebrating and discussing  new facts. So many things were discussed and I just listen and gave my ideas. Its good to have that kinda company, so I can learn a lot. I came back to home in mid night... Mama drop me and time wasn't an issue.

All though it was a good day time was gone, had a wash and again looked into "Podu Purushaya" book. I m kinda liking it very much. I feel its good if I could find someone like Varnasi... so calm, and intelligent. I do not like Sasha... I aint his kind. But he suited to her. Love is kinda amazing thing, with unbelievable facts.
It was almost 1'O clock, then I came to bed.

Hmm.....

Monday, January 21, 2013

පොත් කියවද්දි....

ජීවිතෙත් හරි පුදුම එකක් කියල හැමදාම දැනෙද්දි... උදේ නැගිටිද්ද ඔළුව රිදීම නම් නෑ... කෝකටත් ඩොක්ට අයියව මීට් වෙන්න වෙනවා....
මංජු පීරිස් මහත්තය නම් කිව්වෙ සිංහ ලග්න කාරයන්ට වාසනාවන්ත සතියක් කියල... හැමදේම හරියන බවත් කිව්වා... අනෙ මංදා... මේෂෙටත් හොඳය කිව්වෙ... හැමදාම ඒකට හොඳයි තමා.... කටකෙටත් හොඳයි කිව්වා...

අදත් තනිය දැනෙන නිසා... ගත්තා “පොදු පුරුෂයා“ කියවන්න... ඉස්සර වැඩි කැමැත්තක් තිබ්බෙ නෑ පොත කියවන්න, මොකද ඊට කලින් ඒක ගැන මහාචාර්ය සුචරිත ගම්ලත් මහත්තය ලියපු විචාරයක් කියවල තිබ්බනේ භාෂාව අවුල් කියල... මනෝරම අයියත් භාෂාවෙ අවුල කිව්වා... ඒකෙත් හැටි... පොත බලල එපාය විචාර බලන්න.. මට හිතෙන එක මුලින් කරනවා... “ස්වයංජාත“ එකේ උනෙත් ඒක... මුලින් ටෙලි නාට්‍ය බලල පස්සෙ පොත බැලුවේ... ටෙලියෙන් පොත විනාස කරලා....
ඇයි ඉලියඩ්/රණබිම... හෝමර් ලිව්ව රණබිම කොච්චර හොඳට ලියලද... හැබැයි “ට්‍රෝයි“ මූවි එකේ මුලු කතාවම වෙනස් කරලා... අනුන්ගෙ බිරිඳක් පැහැරගෙන ආපු පැරිස්/පරීස හොඳ කෙනෙක් වෙලා... හෙලන්ගෙ මහත්තයා මනුල වයසක නාකි නරක කෙනෙක් කරලා... හොඳ ආගමන බලලෝභි නායකයෙක් කරලා... ඔය වගෙ විකෘති තිබ්බා..

කොහොම හරි හිතුව වගේ පොත නරක නෑ.. පොත හොඳයි... නැවතීම් නැතිව කියන භාෂාවෙන් එක දිගට ලියල තියෙනවා...
මව් සෙනෙහස, ප්‍රේමය, අවබෝධය, සිද්ධි තව තවත් බොහෝ දේවල් එක්ක කතාව ගලාගෙන යනවා... තාම ඉවර නෑ... මට ප්‍රේමයත් මතක් උනා... මතක් නොවුන නම් තමා පුදුමේ....
4 වෙද්දි යන්නත් ඕන... හ්ම්... නැකැත් ටික කියල සාධාරණ තීරණයක් ගන්නත් ඕන....

Sunday, January 20, 2013

අපොයි මගෙ ඔළුව

ඔන්න ඉතින් දවස හොඳට පටන්ගත්තා කියමුකෝ... ඇහැරුනේ 7ට විතර... ඒත් හොඳට හිටියා.... ප්‍රසාද් එන නිසා ක්‍රිකට් මැච් එකත් ටිකක් බලන ගමන් බිස්නස් ප්ලෑන් එකත් ගැහුවා....

9ට විතර ආෂ්ව මතක් උනා නිකමට වගේ, ඒ වෙලාවෙ ඉදන් ඔළුව රිදුනා... ප්‍රසාද් ආවේ 10 30ට විතර... මුල් ටික කතා කලා... ඒත් හොඳටම ඔළුව රිදුනා... බාම්, පැනඩෝල් තියා පැනඩීන් එකටවත් ආන්සර් කලේ නෑ. අන්තිමේ ප්‍රසාද්ට උනේ පැය 2-3ක්ම ෆේස් බුක් ඉන්න මම නිදාගත්ත නිසා.. එයා යද්දිත් ඔළුව රිදෙනවා... ඒපාර කාලා නිදාගත්තා 4 විතර වෙනකම්... හ්ම්...

ඊට පස්සෙ නැගිටල ආයෙත් ඉතින් සුපුරුදු පරිදි ප්ලෑන් එක එහෙම බැලුවා... ෆිට් මදි... මැච් එක ඩ්‍රෝ වෙලානේ... 220 ලේසි නෑ පිච් එක අනුව මට හිතුනෙ... කොහොම හරි ඉතින් ඔළුව හොඳට තිබ්බත් රෑ වෙද්දි රිදෙනව ටිකක්.. දැනුත් රිදෙනවා... ඩොක්ට අයියව හොයාගන්නත් තාම බැරි උනා....
චැට් කරන එක ඉතින් කරන එකනේ... චතූට ෂිමිට කියන්න අමතක වෙලානෙ මම මතක් කලා කියල... ඒකෙත් හැටි....
රොජර් කාරයා තාම දැක්කෙ නෑ දැන් අවුරුද්දක් විතර.. දුරා අයියත් හිටිය වගෙ දැක්කා මම කතා කලේ නෑ... එයත් කඳුළු වගේ නොකියම යන්න හදනවනේ... හ්ම්...
දිලිනි අක්කටත් හොඳටම වැඩ...
එච්චරයි මතක දැන් 11 30 කිට්ටුයි තාම මම නැගිටල....

Losers become Winners only in Movies..... ?

I was thinking this all the time...... In so many movies I watched, I saw loser became a winner......
But in real life... it does not seems to be like that..... I do not know y.....

If loser is good, I think he should be a winner...... I really do wish it....


මම මේ හිතුවේ... බලන චිත්‍රපට වල නම්, පරාජිතයා නිතරම වගේ ජයග්‍රාහකයෙක් වෙනවා....
නමුත් ඇත්ත ජීවිතයෙදි එහෙම වෙන පාටක් නෑ... මම දන්නෙ නෑ ඒ ඇයි කියල...

පරාජිතය උනත් හොඳ නම්, යහපත් වෙන්න ඕන කියල මම හිතනවා... හ්ම්

නුඹට හොඳ නං....

නුඹට හොඳ  නං....
මට මොකද  බං....
නුඹේ  කෝලං.....
නුඹ තියාගං.....


මොකට ලිව්වද, හිතුනද කියල මම දන්නෙත් නැති...

මැටිල්ඩා - කතා පොතක් හොඳේ......

ඉස්සර කියවපු කතා පොතක් අපෙ ලොකු අම්මල ඊයෙත් ගෙනැල්ලා..... මට උවමනාව “පොදු පුරුෂයා“ පොත කියවන්න උනත් ඒක අපෙ අම්ම කියවනවා... මම ඉතින් අනිත් පොත් අතර තිබ්බ ඉස්සර කියවපු ‘මැටිල්ඩා‘ පොත ගත්ත කියවන්න.

ඒක Roald Dahl ලියපු උපාලි උබයසේකර මහත්තය පරිවර්ථනය කරපු පොතක්.... දඟකාර ගෑණු ළමයෙක් ගැනයි කියවෙන්නෙ.... ඒකෙ මුල්ම පිටුව කියවද්දි හිනා එනවා... ඒකයි මේ ලියන්නෙ....

අම්මල තාත්තලාගේ හරිම විහිළු වැඩක් තියෙනව. ඔයාලට හිතාගන්න බැරි තරම් කැත, නරක විසප්පුවක් වාගේ පුංචි එකෙක් හිටියත් අම්මල තාත්තලා කියන්නෙ ඒ වාගේ ආශ්චර්යවත්, හොඳ ළමයෙක් තවත් නෑ කියලයි “  - අපේ රටත් දැන් ආසියාවේ ආශ්චර්යයට යන ගමනෙනෙ යන්නෙ... මට මතක් වෙන්නෙ ඒක ගැන.... ඇත්ත තත්වෙ ගැන අවබෝධයක් තියෙන නිසා...

ඊලඟට, “ තවත් සමහර අම්මල තාත්තල ඊටත් එහාට යනවා, ඒ ගොල්ලො කොයි තරම් තමන්ගෙ  ළමය ගැන ආදරෙන් අන්ධ වෙනවද කිව්වොත්, ඒ ගොල්ලො තදබල විදියට හිතේ කාවද්ද ගන්නවා තමන්ගෙ ළමයා ඉපදිලාම තියෙන්නෙ මහා ශ්‍රේෂ්ඨ බුද්ධියක්, සහජ හැකියාවක් එක්කය කියල“.

ඒකෙ ඉතින් වැඩි නරකක් ඇත්තෙත් නැහැ. ඇත්තටම ඔහොම තමයි මේ ලෝකෙ හැටි. හැබැයි ඉතින් අම්මල තාත්තලා ඒගොල්ලන්ගෙ එපා කරපු පොඩි එවුන්ගෙ අසාමාන්‍ය දක්ෂකම් ගැන අපට කියන්න පටන් ගත්තම තමයි වැඩේ නරක අතට හැරෙන්නෙ. එතකොට ඉතින් අපිට කෑ ගානන් වෙනවා, “ඔන්න ඔන්න මාව ලෙඩ වෙන්නයි යන්නෙ... ඉක්මණට බේසමක් ගෙනල්ලා“ කියල....

පොතෙන් කියවපු ටික එක්ක මට ඉතින් දන්න තේරෙන දේ එක්ක හිතෙන දේවල් ගොඩායි....
උණහපුලුවට තමන්ගෙ පැටියා මැණිකක්ලු... සාමාන්‍ය දන්න තේරෙන ලෝකෙ හැම අම්ම, තාත්තම එහෙමයි.... දෙමාපියෙක් වෙනව කියන්නෙ ලොකු දෙයක්... හ්ම්...
ඉතින් කොහොම හරි මගෙ අදහස මේ දෙමාපියන් තමන්ගෙ දරුවට විතරක් අම්ම තාත්ත වෙලා ඉන්න එක එච්චර හොඳ නෑ.... සමාජයට දෙමාපියෙක් තමයි වෙන්න ඕන... අපෙ ප්‍රසන්ජිත් අයියත් පහුගිය දවසක මේ ගැන හොඳ කතාවක් කියල තිබ්බා මතක නෑ...
මම ඒ ගැන කියල පෝස්ට් එකක් දැම්මම, අපෙ චන්දන අයිය කිව්වා, රූ සමාජ සත්කාර වල අන්තිමට කරපු ඉස්කොලෙක දරුවන්ට ඕන දේවල් දුන්න ගියපු ගමනෙදි  අපෙ ඉන්ද්‍රනාත් තේනුවර මහත්තය කිව්වලු, “හදිසියකදි රිලා රංචුවක් කරන්නෙ, අහුවෙන පැටියව අරගෙන ගහට නගිනවා, පස්සෙ තමයි තමන්ගෙ පැටියව හොයාගන්නෙ කියල“.... රිලව් තිරිසන් උනත් අපිට වඩා අවබෝධයෙන් ඉන්නෙ....
මොකද කපටිකම තාවකාලිකයි... බුද්ධිමත්කම එහෙම නැති නිසා.... ඉතින් ඒ කතාව එච්චරයි..

අනිත් කාරණය තමයි... ලෝකෙ තාමත් ඉහලටම ගියපු අතිබහුතරය ඉස්කෝලෙන් අතෑරපු අය... නැත්නම් ඉගෙන ගන්න බෑ කියපු අය.... අයින්ස්ටයින් වගේ චරිත අපිට ඒක කියනවා.. ඒනිසා ගුරුවරු හිතන්ට ඕන ඒකත්....

“දරුවා නොදැනුවත්කම හා කුතුහලය සමඟ පාසලට එයි..., නොදැනුවත්කම ඇතිව... කුතුහලය නැතිව පාසෙලන් පිටවෙයි...“ - පාසල එහෙම තැනක් නොවිය යුතුයි... හ්ම්....

Just 1 min left today....

Just one minute left for today.. I mean 19th.. its almost 20th..... I just checked Birthday list today and now its 20th.....

The day begin with bad..... Ash gave great pain..... time just passed.... Relations were here but no one could ease my pain... I did not tell anyone... So it remained with me..... Dilini Akka knew it, cause I said so... as my words... " Sibling hood exists no matter what "....

Evening was fine too..... Chathu, Anju Nangi, Chathula, Pushpakumara, ... etc lot chat with me.

And now.... I m fine... except sleepy almost 2 hours now.... Chathu is bit rough.. but sweet, good girl....
Some were afraid that I gonna cross the limit... I aint like that.... never was... nor in future.... I can proudly say I live with dignity.....

Life sucks, rots even ........... no life is good..... no matter what..... need some sleep now.. otherwise....

T. S to all !

Saturday, January 19, 2013

අන්තිමට... හ්ම්...

බදින්නට සිතූ පිරිත් නූලද...
සෙතක් වෙන්නට සිතූ සිතුමද...
වෙනකෙකුට අත දීමද....
නුඹ කරාවි මට සිතෙනවා අද....

ආදරවන්තයන්ගෙ පින්තූරයක් දැකල මට මෙහෙම හිතුනේ.... ආෂ් ෂෝක්නේ.... මට වඩා හොඳ කෙනෙක්.... අම්ම බලාගන්න.... හැමෝම එහෙමද... වෙන්නැති....

දුක් උනා කියල ජීවිතේ ඉවර වෙන එකක්ය... නෑනේ... හ්ම්....


කාලෙකට කලින් මම කියපු දේ ඒවිදියටම තේරුම් ගත්ත එක හොඳයි... එතනදි වැරදුනෙ මට...

I know..... lOvE

I know I was rough... I know I did hurt. I know you were too soft to give pain and things.... but with all wrong things.... I did love you.
You never understand that, loving someone  is not that easy.... its not a thing a weak can do. Love is very strong and cause of its way... it give so many things  to embrace....

People, World still try to understand what is love...... In my opinion  Love is trust, understanding and affection( kinda like love).... So without those things... love is in vain.....

I understand first time that, and I said it..... in the end... it was only my fault....

I got wish to see you, to talk with you... touch your hand, kiss you hand..., embrace you...... to hug you.... even to kiss you one day.... hmmmm...... damn... life is a mess some times....

You just understand the things in life 24th.... I was happy for it... cause it should be..... and me just thrown away.... anyway it was good.....

Good bye love.....

Friday, January 18, 2013

Something I felt in yesterday...

Its very hard to endure, sad and lonliness..... When its sad, everything seems bad, mistakes, faults... and everything come to mind...

Hmmm.... just have to accept it, no other way to do.

Every time we should know what is our ambition, and who we want to be. So whatever matter comes to us.., we can just face it.... Hard though.... but not impossible..

අද දවස......

කරන්න හිටපු වැඩ, හරියකට කරගන්න බැරි වෙච්ච නිසාත්, පාළුවත්, තනිකමත්, දැනුනු නිසාත්, ජීවිතේ කරගන්න තියෙන ගොඩාක් දේවල් ගැන නිතර හිතෙන නිසාත් මම අද දවස ගොඩක් දුකට වඩා අවුල් සහගතව හිටියේ....

රෑ වෙද්දි ටිකක් වෙනස් උනා, බොරළු පාර එහෙම බලද්දි... ඒ ජීවිත කොච්චර ධෛර්යවන්තද කියල හිතෙද්දි.... මාස 3කින් විතර වැඩියෙන්ම චැට් කලෙ අද වෙන්න ඕන. රෑ චැට් කල අය අතර දෝනි අක්ක, චතූ, විජේ, හර්ෂනි නංගි, තෂූ නංගි, සමන්ති අක්කා, ප්‍රසාද් මල්ලි, නදී අක්කා, කැලුම් අයියා, ජනක අයියා, , චතුල, අංජු, රිෂා අක්කා, ජීඑස්එච් අක්කා, මංජු අයියා, චතූ, තුෂාර මල්ලි ඉන්නවා, තව 20ක් විතර ඉන්නවා ... මගෙ ටයිපින් වේගය ගොඩක් හොඳ නිසා අවුලක් උනේ  නෑ....

දැන් වෙද්දි හිතට හරි... දෝනි අක්ක හොඳ අක්කෙක්, අවුරුදු 3කට විතරවත් කලින් ඉදල මෙතන දැනගෙන හිටියත් රික්වෙස්ට් කලේ, මාස කීපෙකට කලින්. චතූ එක්කත් ටිකක් කතා කලා... ස්වීට්, හොඳයි... හැමදාම වගේ. තුෂාරටත් දැන් හොඳයි වගේ ... අපල කාලේ දුර නිසා හොඳ වේගෙන එනවා... ජීඑස්එච් අක්කවයි පවුලෙ අයවයි ලංකාවට ආවම මීට් වෙන්නත් පුලුවනි...
ෂමින්ද අයියවත් ෆැමිලි දාගන්න හිතෙනව.. අයියගෙ උපන්දිනේ මුල්ම විෂ් එක මම දාපු එකට මාර හැපී මට... දිනේකා නංගිටත් මුල්ම විෂ් එක දැම්ම කොහොම හරි.....
මගෙ ඒ වැඩෙත් හරි ෂෝක්... හ්ම්

ආෂ්... අයින්ම වේවි වගේ... මංදා... 
කොහොම හරි... මදුරුවො කෑවත් දැන් හිතට සතුටුයි..... ඉතින් ජීවිතේ.... එහෙමයි.... නෑ මෙහෙමයි....

ෂමින්ද අයියගේ බත්ඩේ විෂ් එක මෙහෙමයි.....

“ මිතුරනේ ....මාගේ ඡන්ම දිනය වෙනුවෙන් මා හට ඔබලාගෙන් ත්‍යාගයක් බලාපොරොත්තු වේ...එම ත්‍යාගය දිය හැක්කේ ඔබලාට පමණි. ඒ සාධාරනව ඡීවත් විය හැකි සමාඡයක්...මා ඉල්ලනනේ එයම පමණයි....ඔබට එය දිය හැකියි!! සිතන්න....ඒ වෙනුවෙන් ඔබට මාගෙන් “ කේක් “ නොව..ලේ,මස්.නහර පවා ඔබලාට දීමට සූදානම්.....මිතුරනේ ඔබට ශක්තිය !!!!! “