Tweets by @Tweetsbysuku myblog: ආදරය සහ නැතිබැරිකම - වැඩිවිස්තර වෙබ් අඩවියට ලියන ලද්දකි.

Facebook Fan Page

Thursday, September 22, 2016

ආදරය සහ නැතිබැරිකම - වැඩිවිස්තර වෙබ් අඩවියට ලියන ලද්දකි.

“ ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු, සල්ලි නැතත් රජ වෙනවාලු“ කියල සිංදුවක තියෙනව. ඇත්තටම ආර්ථිකය කියන කාරණය අදාල නැතිව හරි ගියපු ආදර කතා නැතුවම නෙමෙයි. ඒත් අතිබහුතර ආදර කතා වලට මූලික සාධකය වෙච්ච දේ තමයි ඒක.
සාමාන්‍ය ජීවිතයෙදි ආර්ථිකය හොඳ නම් තියෙන ප්‍රශ්න වලින් 70%ක් ඉවරයි(සල්ලි වැඩි වෙද්දි වෙනම එන ප්‍රශ්න තියෙනව).  දෙන්නෙක්ගේ ආදරයකදී දෙන්නගේ සිතුම් පැතුම් 1 වගේ නම්, ආර්ථික තත්වයන් ආසන්නව හරි සමාන නම් ඒ ආදරය සාර්ථක වෙන්න වැඩි ඉඩක් තියෙනව.
                                                          ආදරේ කරගෙන යද්දි ලුණුයි, බතුයි උනත් කමු කිව්වට, කාලය එක්ක ඒව වෙනස් වෙනව. සදහටම ඉන්නවා, මොන ප්‍රශ්නය තිබුනත් කියල පටන් ගන්න ආදර කතා වල, ආර්ථික දුර්වලකම් තිබුනොත් ටිකෙන් ටික ඒ අඩුලුහුඬුකම්  තේරෙනකොට ක්‍රමානුකූලව ඒක ආදරයට බලපානව. විවාහයට පස්සෙ ආර්ථික දුර්වලතාවය තේරුනොත් ඒ ප්‍රශ්න හෙමින් උනත් උග්‍ර තැනකට එන්න ඉඩ වැඩියි( Poverty comes from the front door, Love flies from the Window).

                                                       පහුගිය කාලෙ සමීක්ෂණයකින් දැනගෙන තියෙනවා කොළඹ දික්කසාද ප්‍රතිශතය 60%ක් කියල. ඒකට මූලික වෙන කාරණා  බොහෝමයක් තිබුනත්, බොරු වියදම් එක්ක පටන්ගන්න ජිවිතය හිරවීමත් ප්‍රධාන හේතුවක් වෙනව ඒවයෙදි.
“අන්තිම හුස්ම පොද යවන්න ඕන ඔයාගෙ තුරුලේ“ කියල පටන් ගන්න ආදරේ, ටිකෙන් ටික ආර්ථික තත්වය කියන කාරණාව එක්ක කලින් ගත්ත තීරණ වෙනස් කරනවා. කාලෙකට පස්සෙ ආදරෙන් වෙන් වෙද්දිත් ඒකම කියනවා, මම හිතුවේ අර විදියට ඒත් කාලය එක්ක තේරුනා අපි  දෙන්න නොගැලපෙනව කියල. අද  තියෙන සමාජ ආර්ථික ක්‍රමයත්, සමාජ වෙබ් අඩවි ජාල වල පේන විවිධාකාර දේවලුත් එක්ක බොරු ආටෝපයට මුල් තැනක් ලැබිල තියෙනව.
එතනදි ඇත්ත ආදරය අසරණ වෙනව. ඇත්ත ආදරේ කියන දේට තියෙන පිලිගැනීම නිකම්ම නැති වෙලා යනවා. ඉතින් ආදරයටත් සිද්ධ වෙනවා පවතින තත්වයන් මත තීරණ ගන්න. එතනදි කවදහරි තමන්ගෙ දරුවන්ට, අම්ම/තාත්ත ඇතුළු පවුලේ අයට හොඳම විදියට ගරු කරන, සලකන කෙනාව නෙමෙයි ආර්ථික ස්ථාවරත්වය වැඩිම කෙනෙක්ව හොයාගන්න කටයුතු සිද්ධ  වෙනව.

  පහුගිය දවසක දන්න කෙනෙක් තමන්ට හිත ගිය ගෑණු ළමයගෙන් කැමැත්ත අහල තිබුන. ගෑණු ළමය අහල කොහොමද මාව බලාගන්නේ ඔයා කියල ?
පිරිමි ළමය කියල, ජීවිත කාලෙම ආදරෙන් බලාගන්නම, කන්න - අඳින්න දෙන්නම් කියල.
එතකොට ගෑණු ළමය කියල තියෙනව, ඔය දේවල් අපේ ගෙදරිනුත් මට ලැබෙනව. මාව කුමාරිකාවක් වගේ බලාගන්න පුලුවන් නම් ඇර මම ඔයාට කැමති වෙන්නෙ නෑ.

කවුරු උනත් කැමති සතුටින්, සැපෙන්, සමෘද්ධිමත්ව ඉන්න.

එහෙම හිතද්දි “ආදරය“ කොච්චර පරම පිවිතුරු උනත්, ආර්ථික ශක්තිය කියන කාරණය එක්ක වෙන ඒව අදාලම නෑ..

- යථාර්ථවාදි ජනතාවාදියා

http://www.wedivistara.com/sinhala/details.php?arti_id=198



No comments:

Post a Comment