Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Monday, September 12, 2016



හරියට මාකට් නොවෙන ලංකාවෙ සිනමාවේ රජ කතා, හාස්‍යජනක පමණක් තරමක් ලාභ ලබයි...
සිනමාව ඇත්තේ කුමන තැනද යන්න රටම  දන්නවාය...

එහෙම තියාගෙන ලොකු උත්සවයකට රට පිටින් නළු නිළියන්ද ගෙනැල්ලා ස්ටේජ් වල සංදර්ශන කලාම ලංකාවෙ සිනමාව දියුණු වෙනවාලු...
සිනමාව දියුණු කරන්නට පුලුවන් වෙන්නේ මෙහෙම දේවල් කරලාය යන්න මට නම් තේරෙන්නේ නැත..

ලංකාවෙ කලා ක්ෂෙත්‍රය, විශේෂයෙන් සංගීත ක්ෂෙත්‍රය විනාශ කලාට කමක් නැත. අලෙවිකරණ ක්ෂෙත්‍රයේ වටිනාකම් නැති කලාට කමක් නැත.
කොහොම හම්බ කලත් කමක් නැත..., කොහොම ඉදලා, කොහොම තැනකට ආවත් කමක් නැත...

සිනමාව දියුණු කරනවා කියා වැඩ කලාම, බුද්ධ ශාසනය වෙනුවෙන් දේවල් කරාම ..., අතිබහුතරය දකින්නේ පව නොව පින ගැනය... ලංකාවේ මිනිසුන්ට සල්ලි  හම්බ කල විදිය වැඩක් නැත. මිනිසුන් වෙනුවෙන් ඇත්තටම මානුෂීයද, හොඳ පපුවක් තියේද යන්න අදාලම නැත...

කොහොම හරි සල්ලි හොයාගෙන ඉහලින් වැජඹෙමින්, තවත් අයථා වැඩ මෙන්ම පවතින ක්‍රමයන් විනාස කලද...
ධනය තියෙනවා නම් ඒ අය හරි ලොකුය...

එහෙම රටක් දියුණු කල හැකියි හිතන අපිටත් වෙලාවකට පිස්සුද මංදාය.... හ්ම්...

No comments:

Post a Comment