මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..
වැව් ඉවුරේ දිය රැළ පෙරසේම බිඳෙනවා..
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..//
සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා..
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා....
ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා..
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා...//
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා....
ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා.....
No comments:
Post a Comment