Tweets by @Tweetsbysuku myblog: Karma ....

Facebook Fan Page

Friday, September 2, 2016

Karma ....

අපෙ අක්ක කෙනෙක් කම්පා වෙනව ලගදි ට්‍රේන් එකට වැදුනු ගෑණු කෙනෙක් ගැන...

ඒකට අපි කියන්නෙ “සහකම්පනය“ කියල... Empathy...
අනුන්ට වෙන දෙයකට දුක් වෙන එක, ඒ හැඟීමෙන් හිතන එක.....

Empathy, Sympathy වෙනස් උනත්.. ලග ලග යෑම් තියෙනව.. අනුකම්පාව ඉතින් භූමිකම්පාවක් වෙන්නත් ඉඩ තියෙනව...

ඔය වගේ වෙන සිද්ධි ගණනාවක් මම අත්දැකීමෙන් දන්න බව..
ඒව දන්න තරමට, අකුසල් විපාක ගැන තේරෙන තරමට, දැන් වෙනද වගේ කම්පාවක් ඇති වෙන්නෙ නැහැ. ඒ ගැන වෙනස් විදියකට හිතන්න තරමක් පුරුදු වෙලා..

1 තමයි රටම දන්න අර තරුණ ගෑණු ළමයි දෙන්නෙක් කෝච්චියට හැපුනු එක..
ඒක හොයල බලද්දි ඒ දෙන්නගෙ කර්ම විපාකයක්... කනේ මොනවත් ගහගෙන නොහිටියත්, හිටියත් කෝච්චිය එන සද්දෙ කොහොමත් ඇහෙනවා. ඒ ඇර කෝච්චියක් එක්ක අපිට තරඟෙට දුවන්න පනින්න බැරි බව අපි ඕන කෙනෙක්ට තේරෙනව...
අපිට වඩා දන්න තේරෙන අයගෙන් ඇහුවම තමයි කිව්වේ හ්ම්...

2 විදියට අපේ පැත්තෙ හිටිය කොන්දොස්තර මහත්තයෙක්ගෙ නෝන කෙනෙක් ඉන්නව. ඒ මිනිස්සු බොහෝම යහපත් අය.
දරුවො 2ක් ඉන්නවා ඒ අයටත් දරුවො ඉන්නවා. ඉතින් මේ ආච්චි හොදට හිටිය. තමන්ගෙ නැන්දම්මටත්, අම්මල තාත්තලටත් සැලකුවා. එක අකුරකින් වරදක් කෙනෙක්ට කියන්නෙ නෑ. හිත රිද්දන්නේ නෑ.
මාස 2කට විතර උඩදි උදේට පාන් ගේන ත්‍රිවිල් එක යද්දි වෙන කෙනෙක් ඒක ඉස්සර කරන්න වංගුවකදි ඇවිල්ලා අර ත්‍රිවිල් එක ඇවිල්ලා අර ආච්චිගෙ වැදිලා අත් 2යි 1 කකුලකුයි කැඩුනා.
කෝම හරි මේ ලගදි ගියාම දෙයියනේ කියල ඇදේ ඉන්නවා. තමන්ගෙ අය සාත්තු කරන නිසා හොදයි.
මේව ඉතින් කර්ම විපාක වෙන්න ඕන.. නැත්නම් හදිසියෙ මේ හොදට හිටි අයට මෙහෙම වෙන්න විදියක් නෑ.

මේකෙ තියෙන හරිම අසාධාරණය - චපල විදිය තමයි මේ ජිවිතේ කොච්චර හොදට හිටියත් එකපාරට නොදන්න කරදරයක් වෙන එක...

දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ලොකු ලොකු අය වැරදි කරලා බේරෙන්නෙ කොහොමද කියල...
එයාලටත් පොලි පිටින් ලැබෙනව... මේ ආත්මයෙදි 20%ක් විතර තමයි සාමාන්‍ය විදියට...
ඒත් ඊලග ඒවයෙදි වෙන ආත්ම වලත් එකතු උනාම ආත්ම භව 5-6ක ඒව එක්ක..

මේ ජිවිතේ හොඳට හිටියා කිසි හොඳක් වෙන්නෙ නෑ කියල “සියදිවි නසාගන්න“ හිතන අයත් ඉන්නව..
ඒත් ඇත්තම කතාව තමයි එහෙම කරගත්තොත් ඒකත් මහා අකුසලයක්...
ඒකියන්නේ මැරිලවත් මේකෙන් බේරෙන්න බැහැ... අකුසල් විපාක නැති කරන්න තියෙන හොඳම දේ කුසල් කරන එකමයි.. ඒව අවබෝධ කරගන්න එකයි...

- කලින් හොඳ කරපු අය මේකෙ හොඳට ඉපදිලා කලින් හොඳ අමතකව අකුසල් කරනවා.. එයාලට විපාක ගොඩක් දුරට ඊලග ඒවයෙදි ලැබෙන්නෙ.
කලින් නරක කරපු අය මේකෙ නරකට ඉපදිලා බාධක මැද ඒත් හොඳින් ඉන්නවා, පින් කරනවා.. ඒත් ඒ විපාක හොඳින් ලැබෙන්නෙත් අඩුවෙන්..

- ඔය නිසා තමයි නිවන් ඉක්මන් කරගන්න කියල බුදුන්වහන්සේ දේශනා කලේ හ්ම්...

#septsh2016 #pin #kusal #පින #කුසලය #පව් #අකුසල් #ජිවිතය

No comments:

Post a Comment