Tweets by @Tweetsbysuku myblog: ඔව් වෙනස්... එහෙම කියල මැරෙන්නයැ..

Facebook Fan Page

Thursday, September 15, 2016

ඔව් වෙනස්... එහෙම කියල මැරෙන්නයැ..

“ ලංකාවෙ මිනිස්සු කතා කරන්න බයයි “ - ලංකාවෙ නීතීඥ මහත්තයෙක්ම කියල තිබුන කියල අද අපෙ Pulasthi අයියා කිව්ව කතා කරද්දි... මට හරියටම ඒ මූලාශ්‍රය මතක නෑ..
සමීක්ෂණයක් කරල කිව්වද මංදා ඉතින්... නීතීඥ මහත්තුරු දන්නවනේ ඕව...

කාලෙක ඉදලම ඉතින් මිනිසුන්ට හුරු කලේ එක එක අයට බය වෙන්න, බය වෙලා ඉන්න, කට පියාගෙන ඉන්න කියලයි... ඒව ඉතින් දැන් ජාන ගත වෙලාද මංදා...

කොහොම උනත් මං නම් කාටවත් බය නෑ, ඉස්සරත් නෑ, දැනුත් නෑ..
යන එන ඕන තැනක වරදක් දැක්කොත් ඒක කියනව, එතන කියල හැදෙන්නෙ නැත්නම් ඊට එහාට කියනව. කරන්න පුලුවන් දේවල් කරනව..

එහෙම කරලා වැඩ වෙච්ච, තනතුරු වලින් එහෙ මෙහෙ වෙච්ච මහ ලොක්කො පවා ඉන්නව...
ඒ තැන් වලදි මගේ හැසිරීම බොහෝම නපුරු උනත්, මං නරක නැහැ.. ඒ ගැන සතුටුයි... රටට - මිනිසුන්ට වරදක් කරන අයට මට පුලුවන් දේ මං කරල තියෙනව..

මෙතන ඒ වෙච්ච හැමදේම නොකිව්වට, මගේ ඒ හැසිරීම් ගැන දැනගත්ත සමහර අය මං දාන හැමදේ ගැනම, වෙන තැන් වල දාන කමෙන්ට් පවා විමසිල්ලෙන් බලන බව මං දන්නව..

- ඒව දැනගත්ත කියල මං මගේ විදිය වෙනස් කරන්නෙ නැහැ..
(එවන් අයගේ බයගුළු, කුඩුකේඩු, ධනය - බලය ටිකක් වැඩියෙන් තියෙන මනුස්සකම් අඩු අයට ලොකු
සැලකිලි දක්වන පහත් ගති වලට කියන්නට දෙයක් නැත..)
ඉහලම කෙනෙක් උනත් නරක නම් මම සලකන්නේ නෑ. හැබැයි අන්තිම අසරණ කෙනෙක් උනත් ගරු කටයුතු නම් ගෞරව කරනවා...
ඒක අද ඊයෙ ආපු දෙයක් නෙමෙයි මගේ සංසාර ගත හැටි...

- ඒ ගති නිසා මට ලාභ වලට වඩා දහස් ගණනින් පාඩු උනත්, ඒ හැමවෙලාවකදිම වගේ බියගුල්ලෙක් නොවී, ස්ථිරව වැඩ කරන්න ලැබුනට මට සතුටුයි...

" Cowards die many years before their death "

" It's better to die on feet, rather than live on knees "

#septsh2016

2 comments:

  1. ඕක මටත් තියෙන ප්‍රශ්නයක්.අසාධාරණයක් දැක්කම කට පියාගෙන ඉන්න පුරුදු වෙලා නැති නිසා මිනිස්සු අපිව කියවන්නෙ වැරදි විදියට.ඒත් තමුන් පෙනී හිටියේ සාධාරණය වෙනුවෙන් වග හෘදය සාක්ෂිය දන්නවා නම් කිසිම ගැටලුවක් නැහැ.

    ReplyDelete
    Replies
    1. හ්ම්... හිතට විතරක් අවුලක් නෑ.. එච්චර තමයි.. ඒක තමයි වටින්නෙ..

      මම නම් ඉතින් ටිකක් රිදෙන්න මොනවවත් කරනවා ඒ අයට..

      Delete