Tweets by @Tweetsbysuku myblog: ගැහැණු විතරද නරක... ?

Facebook Fan Page

Tuesday, February 3, 2015

ගැහැණු විතරද නරක... ?

අපි ඔය චරිතෙ නරකයි කියල හිතෙන නිලියන්ට, ඒ වගේ අයට හරි අපහාසෙන් කතා කරනවා...

කාන්තා පාර්ශවයන්ට එහෙම වෙන්න හේතුවවවත්, ඒ තත්වය නවත්තන්න කටයුතු කරන්නවත් අපිට හිතෙනවද කියන එක ගැටළුවක්....

විශේෂයෙන් එහෙම තත්වයන්ට කාන්තාවන්, ගැහැණු ළමයින් පත්වෙන්නෙ මේ පවතින ක්‍රමය නිසා වෙන්න ඕන...

ඇයි අපිට කවදාවත් නොහිතෙන්නෙ ඒ වැරදි ක්‍රමය වෙනස් කරන්න, හරි ඒකට බොහෝවිට හේතුවෙන පිරිමින්ටත් පහර ගහන්න... ?

පිරිමියා වැරදි කලත් ගැහැණියට විතරක් අපහාස කරල අපි හිත හදාගන්නෙ ඇයි....

මට මතකයි සමහර අමාත්‍යංශ වල ලිංගික අල්ලස් දෙන ක්‍රම කිතිබා ඒක නවත්තන එක හරි අමාරු උන බව.... පස්සෙ පත්වුනු අය ඒක කියල තිබ්බ...
අවුරුදු කීපෙකට කලින් තේරුම් ගත්ත... මෙතන අවුල මේ ක්‍රමයේ...

බලය තියෙන අ ඕන දෙයක් කරද්දි... ඒක ඉවසන නිවට නියාලු විදිය...

බලය, ධනය තියෙන අධමයා කාන්තාවන් කීයක් දූෂණය කලත් ඒවගේ එවුන්ට ඒව දැනගෙනත් තමන්ගේ දුව දෙන්න හිතාගෙන හිටිය අසරණ අම්මල ගැන හිතෙද්දි පිලිකුලක් දැනුන මතකයි ඒ කාලේ... මට මතකයි රටේ ඉහලම තැනක පුතෙක්ගෙ අපි ඒව අත්දැකීමෙන් දැනගෙන ඉද්දි... ඒව දැනගෙන හිටිය සමහර අම්මලා “දරුවට සැපට“ ඉතෑකිනේ කියල අර විදියට හිතාගෙන හිටියා...

අලුත් ජනාධිපතිතුමා ක්‍රමිකව මේ වැරදි ක්‍රමය වෙනස් කරන්න යම් දෙයක් පටන්ගෙන කියල හිතනව... ඒක ආපස්සට හරවන්න...

ඉදිරියෙදි මහා නිදහසක් තියෙන ෆේස්බුක් එකෙත් අනවශ්‍ය අපරාධ, සදාචාරයට පිටින් වෙන ඒව නවත්තන්න නීති ගේන්න වෙනව... හ්ම්...

(ඊයෙ රෑ ටිවි චැනල් එකක වැඩසටහනක හිටිය නිලියක් ගැන ෆේස්බුක් වල තිබුනු දේවල් දැකල ලියන්න හිතුන)

No comments:

Post a Comment