Tweets by @Tweetsbysuku myblog: hmmm

Facebook Fan Page

Monday, February 16, 2015

hmmm

මෛත්‍රි ජනපති යහපත් පාලනයක්, රටට කරනු ඇත.
මහින්ද මහත්තයාට තවත් දේශපාලන ගමනක් නැත.

පිටිදූවේ සිරිධම්ම නම් ශ්‍රමණ වේෂක ප්‍රතිරූපකය මේ දවස් වල උත්සහ දරන්නේ තමන්ගේ පිනට ජනපති මාරු උන බවය...
ඒ චරිතය කරන ලද වැඩත්, බේරි ඉන්නේත් කවුරු නිසාද යන්න කියන්නේ නැත.

දැනගත යුතු අයට කියන්නේ, මහින්ද මහත්තයාව ගෙදර යවා, මෛත්‍රිව ජනාධිපති කලේ රටේ ජනතාව බවයි.
ඒ බව නිවරදිව ජ්‍යොතිෂ්‍යය සහ ඊට එහා ගිය අධ්‍යාත්මික බල ඇති අය විසින් ප්‍රකාශ කරන ලදි.
ජනතාවගේ ඡන්ද අයිතිය කොල්ල නොකන්නට රැක්කේ රට රකිනදේව මණ්ඩලය විසිනි...

මේ කරුණු තමන්ට පේන දැනෙන දේ ඇත්ත සිතන අයට වෙනම පෙනේද අප දන්නේ නැත....

මා ජ්‍යොතිෂ්‍යය ගැන රටටම අදාලව සත්‍ය බව සිතූ සිද්ධිය වන්නේ, ගාල්ලෙ අපේ කේන්දර අංකල් 2008 ජනවාරියේදි යුද්ධය ගැන කියූ විට, 2009 මැයි වලදි යුද්ධය අවසන් වන බවටත්, ජුනි වන විට බොහෝවිට ප්‍රභාකරන් පවා ජිවතුන් අතර නොසිටිය හැකි බවටත් එතුමා මට ඒ කාලයේ කීවේය...
එය සත්‍යක් වීම ඒ කාලයේ මට සිතීමට අපහසුව තිබුනු දෙයකි.

ඊට අමතරව 2014 අප්‍රේල් මාසයේ මම සෝෂල් මිඩියා කරන ජ්‍යොතිෂ්‍යය සේවයේ අධ්‍යාත්මික බල ඇති මහතෙකුගෙන් ඊලග ජනාධිපති වන්නේ නාමල් අයියා දැයි විමසූ විට එතුමා කීවේ, ඊලගට එන්නේ කවුරුත් නොසිතන පොලවේ පය ගැසූ සාමාන්‍ය කෙනෙක් බවයි.
ඒ කවුදැයි නොකියා ඊලග නායකයා රජරටින් බිහිවනු ඇති බව පැවසූ එතුමා පේන හැටියට නම් කවුරුවත් නැති උනත් මෛත්‍රිපාල ඇමතිතුමාදැයි විමසූ විට සිනාසී නිහඩ විය...
( මේක මේ ලියන්නට සිතෙන්නට එක හේතුවක් වන්නේද, මහාචාර්ය ගංගානාත් දිසානායක විසින් ලංකාදීපයට දෙන “පැණි වළලු“ ගිය සතියේ කොටසේද ඊලගට නායකයා වන්නේ පොඩි මිනිහෙක් බව පේන කියන තැනක එතුමාට කියා තිබීම ගැන සදහන් වීමය)

මේවා ඒකාලේ වෙන්නට සිතාගන්නවත් බැරි දේවල් නිසා මම කතා කලේද අපේ අම්මා එක්ක විතරය... ඒවා හරියන බව හිතුවේ මෛත්‍රිපාල මහත්තයා විපක්ෂයට එන්නට දින කීපයකට පෙර ස්ථිරව එන බව දැනගත් නිසාය...
අපි හිතන දේවල් ඒ විදියටම වෙන්නේ නැති උනත්... ඒවා රටට හොඳක් ලෙස වෙන බව නම් සිතේ... හ්ම්...

No comments:

Post a Comment