Tweets by @Tweetsbysuku myblog: Love & Other

Facebook Fan Page

Saturday, February 21, 2015

Love & Other

පහුගිය දවසක, අපේ Ayodhyaවි එක්ක කතා කරද්දි මම කිව්වා,

අවුරුදු 9ක් මේකෙ හිටියත් හරියට ගෑණු ළමයෙක් ආදරේ කරන්න ලැබිල නෑ, ඉන්න ඔක්කොම අක්කල නංගිල, මම දන්න මේකෙන් මුණ ගැහිලා මැරි කරපු අයත් ඉන්නව කියල...

එතකොට අයෝධ්‍ය නංගි කියනවා, “ අයියා ඔයා හොඳයි. ඒත් ඔයා ගෑණු ළමයින්ට ඒ තරම සැලකිල්ලක් දක්වන්නෙ නෑ, ආඩම්බරයි වගේ අදහසක්... “

මාත් ඉතින් පහුගිය ටිකේ ඕක හිතුවා... හිතන ගමන් පංච තන්ත්‍රය කියවද්දි ඒකෙ තියෙනවා,
‘ද්‍රෝහිත්වයෙන් මිත්‍රත්වය පතන්නාද, කුසීත කමින් ශිල්ප ඥානය පතන්නාද, “අහංකාරයෙන් ස්ත්‍රින්ගේ ආදර ප්‍රේමය“ පතන්නාද මෝඩයෙකි ‘ කියල...
පස්සේ මට හිතුනෙ හරි නේද කියල හ්ම්....

* ඒ අතර මට මෙතන මතකයක් තියෙනවා, ස්ත්‍රි පාර්ශවය දරුණුවට විවේචනයට ලක් කරන, අපහාස උපහාස කරන අයට, කාන්තා ආකර්ෂණ වැඩියි කියල...
ඒක පේන විදියට එහෙම උනත්, නොපෙනන විදියට කොහොමද දන්නෙ නැති නිසා ඒවගේ විශේෂ චරිත කීපයක මසේජ් කරන විදිය, ඊට පස්සෙ හැසිරෙන විදිය කොහොමද කියල කම්පියුටර් දැනුම උපරිමේට තියෙන යාළුවො කීපදෙනෙක්ගෙන් උදව් ගත්තා...

මට පුදුමයි... වෝල් එකේ, කමෙන්ට් එකේ ගෑණු ළමයි අනනුකම්පීය විදියට විවේචනය කරන පිරිමි චරිත.... මසේජ් වල හරිම ආදරණීය, ලෙංගතු, ලබැඳි, ඕන උදව්වකට ඉන්න ජාතියේ චරිත....
ඒකයි එයාලට එච්චරට කාන්තා ආකර්ෂණය... හ්ම්....
එතකොට... එක තැනකදි එකක් කියල රහසේ තව දෙයක් කරන අයටද හරි යනවද මංදා.... හ්ම්..

2 comments:

  1. මේකෙ අර කතාව නම් ඇත්තම ඇත්ත අයියෙ. මගේ යාළුවො දෙන්නෙක් ඉන්නවා පිරිමි ලමයි. කට ඇරියොත් විනාසයි. FB එකේ post එකක් දැම්මොත් අපහාසමයි. හැබයි ඒ දෙන්නා කතා කරන්න ගියාම එහෙම නෑ. ප්‍රෂ්ණ වලදි සෑහෙන්න උදව් කරන්නෙ ඒ අය. මගේ bf ටත් හොදටම විශ්වාස ඒ දෙන්නව.

    ReplyDelete
    Replies
    1. එයාලත් අර වගේද මංද... හ්ම්...

      Delete