Tweets by @Tweetsbysuku myblog: පහත් අය...

Facebook Fan Page

Tuesday, February 3, 2015

පහත් අය...

“ තුලා දණ්ඩද, දීනයාද එක සමානය...
අල්පමාත්‍ර දෙයකිනිදු තුලා දණ්ඩ ඉහළට හෝ පහළට යන්නේය....
අල්පමාත්‍ර දෙයකිනිදු දීනයාද ‘සතුටට හෝ අසතුටට‘ පත් වන්නේය..... “

- පංච තන්ත්‍රය

මේක කියවද්දි මතක් උනේ මේ ලගදි පවුලක්ම ගෙදර වැඩ කරන්න හිටිය සේවකයා මරල දාපු සිද්ධිය...

එතනදි මූලික හේතුවට ලක්වෙන්නෙ, රු. 15000ක් පඩි ලබන ඒ චරිතය, රු. 5000ක් එන මාසේ පඩියෙන් කපාගන්න කියල දෙන්න ඉල්ලුවත් ඒකට බෑ කීම නිසාලු.
අපේ අම්ම ඒ කතාව පත්තරේ තිබිලද කොහෙද මට කිව්ව.

හිත ගොඩක්ම රිදුනෙ අවු 13 පොඩි ගෑණු දරුවව දූෂණය කරල මරපු එක. තමන්ටත් දරුවො ඉද්දි ඒවගේ තිරශ්චීන වෙන එක ගැන හිතන්නත් අමාරුයි...

එතනදිත් සමහරවිට අර රු 5000 දුන්න නම් ඔය ගැටළුව ඇති නොවෙන්න තිබ්බ... ඒවගේම වැඩට ගනිද්දි, තමන් ගාව සේවයට ගනිද්දි හොදට හිතල ගන්න ඕන...
පහුගිය කාලේ ඔය වගේ සිද්ධ වෙච්ච අපරාධ ගොඩක් කරල තියෙන්නෙ සමාජයේ තත්වයක් නැති අය... පිලිගැනීමක් නැති අය..

ඒ වරද හදන්න, සමාන්‍ය පුරවැසියටත් ගරුත්වයක් ඇතිවෙන සමාජ ක්‍රමයක් ඇතිවෙන්න ඕන...

අපි මේ වෙලාවෙ හිතාගන්න ඕන දේ තමයි පුද්ගලයන් ගැන, තේරුම් අරගෙන ඉන්න එකත්, තමන්ට වඩා බලවත් අයට වඩා බලයක් තත්වයෙන් අඩු තමන්ට කිට්ටු අයට තියෙන බව තේරුම් අර ගැනීමත්... හ්ම්...

No comments:

Post a Comment