Tweets by @Tweetsbysuku myblog: Nothing is Permanent !

Facebook Fan Page

Sunday, February 8, 2015

Nothing is Permanent !

“ ආයෙ කවදාවත් රාජපක්ෂ පරම්පරාවෙන් පිටට රට යන්නෙ නෑ... එයාලම තමයි රට පාලනය කරන්නෙ කියල... “

මට මතකයි ඒ කාලේ අපි දන්න විශේෂයෙන්, මහින්ද මහත්තයට පණ දෙන්න වගේ හිටි අය කියනවා...
අපිටත් ඉතින් ඒක ඒවගේ පෙනුනේ... දැන් ඒ කාලෙ උඩ පැනපු අයත්, ඇමතිකම් දරපු අයත් හැසිරෙන හැටි... මූණු දැක්කම තේරෙනවා පත්වෙලා තියෙන තත්වය...

මේක කියන්නෙ එයාල දුකින් ඉන්න එකට සතුටට නෙමෙයි...
ඕන දෙයක් වෙනස් වෙන්න පුලුවන් කියල... වෙනස් කරන්නත් පුලුවන් කියල අපි තේරුම් ගන්න ඕන නිසයි...

අපිට දැනෙන තේරෙන විදියට මහින්ද මහත්තයට ඉදිරියට දේශපාලන ගමනක් නෑ...
එතුමා ඡන්දෙ පැරදුනු දවස් වල ඉදලම හැසිරෙන හැටි, හිතන හැටි අනුව අපිට තේරෙනවා මොන වගේ මානසික තත්වයකද ඉන්නෙ කියල...

රජෙක් වගේ ඉදල ඒව නැති උනාම තියෙන තත්වය අපිට තේරුම් ගතෑකි ආර්ථිකයේ පොඩි වෙනසක් මාසයක් ඇතුලත අපිට උනත් අපිට දැනෙන තේරෙන අමාරුකම් වලින්...
යුද්ධෙ නිසාත්, යම් සංවර්ධනයක් කරපු නිසාත්... අපි මහින්ද මහත්තයට කැමති.. ඒත් ඉතින් එතුමා ආයෙ ඡන්දෙකට එනව කිව්වට අපේ දැනුමෙ හැටියට ආයෙ දේශපාලන ගමනක් නෑ...

ඒවගේම මේ කාලෙ තියෙන ප්‍රශ්න එක්ක ඡන්දෙට ආවොත් වෙන්නෙ ආතතිය තව වැඩි වෙලා නැති කරදර එන එක කියලයි අපිට හිතෙන්නෙ...
කොහොම උනත් ගරු කල යුතු කෙනෙක් බලයට කෑදරයි පේනවට අපි කැමති නෑ...
මෙහෙම කියන්න හේතුව බය කියල හිතෙනව නම් එතුමාටයි ගෝලබාලයන්ටයි තියෙන්නෙ ආයෙ ඉල්ලන්න...
දැනට තත්වය එජාපයට ආණ්ඩුවකට ඉඩ වැඩියි..
එජාපය ප්‍රමුඛ ජාතික ආණ්ඩවුකට ඉඩ වැඩි... 

No comments:

Post a Comment