Tweets by @Tweetsbysuku myblog: ___ දහම හරියට වටහා නොගැනීම සරල කාරණයක් නොවේය ___

Facebook Fan Page

Monday, December 22, 2014

___ දහම හරියට වටහා නොගැනීම සරල කාරණයක් නොවේය ___

ගොඩක් අයට විතරක් නෙමෙයි දහම ගැන හිතුවම අපිටත් දහම ගැන අවබෝධයක් තියෙනවද කියල හිතල බලන්න වෙලාවල් තියෙනවා..
බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙනවා, හැමදාම වැඩියෙන් ඉන්නෙ සම්‍යක් දෘෂ්ඨික අය නෙමෙයි කියල, ඒ අතරිනුත් බණ අහන්න වෙන්නෙ නෑ වැඩි පිරිසකට, ඒ බණ අහන අය අතරිනුත් ඒක තේරෙන්නෙ අඩු පිරිසකට, ඒ තේරෙන අයගෙනුත් ඒක පිලිපදින්නෙ ඊටත් අඩු පිරිසක්...
දහම එහෙම දෙයක්... දහමේ අනන්‍ය ලක්ෂණය තමයි දහම තමන්ටම දැනගන්න තේරුම් ගන්න පුලුවන් දෙයක්...

අපි දන්න ආන්ටි කෙනෙක් ඉන්නවා. බොහෝම වැදගත් පවුලක හොද කෙනෙක්. අපිටත් ගොඩක් උදව් කරල තියෙනවා, දැනටත් උදව් කරනවා. ඉස්සර සායි බාබා තුමාට වැන්දා..
පස්සෙ ලංකාවෙ සුප්‍රසිද්ධ අසපුවකට, ලංකාවෙ ධර්මය හරියටම දෙන එකම ආයතනය කියන, අභිධර්මය සැක සහිතයි කියපු, කොන්ක්‍රීට් වනාන්තර වගේ අසපු හදන, ඒවයේ අඹන රූප දැක්කම අපිට අපි ගැනම කලකිරෙන තැනකට....

ඉතින් අපිත් මුලින් දන්නෙ නෑ ඒ ආයතනය ගැන හරියට, හැබැයි මුල සිටම එතන කියවෙන්නෙ නිවන් ගැන... කොච්චර ඒ ආන්ටි පැහැදුනාද කිව්වොත් තමන්ගේ ගේ පවා එතනට ලියනවා. ඒක පෞද්ගලික දානයක්ද, සාංඝික දානයක්ද කියල නම් දන්නෙ නෑ...
ඒ ආයතනයේ කටයුතු ගැන අපිට නම් පැහැදීමක් නෑ. කොහොම උනත් අපෙ ආන්ටි එතනට හරි භක්තිවන්තයි. අපිත් ගියාම පොඩි ආධාර ගන්නවා, පින් කරද්දි එක් රැස් වෙලා කරන එක වටිනව නිසා... අපිත් ඉතින් ආන්ටි නිසා දෙනව...

දැන් ගැටළුව ඒ තරම අවුරුදු ගණන් නිවන් ගැන, දහම ගැන එතනින් කියල දුන්නත් ඒ ආන්ටි පොඩි දේටත් කලබල වෙනව. බය වෙනව.. ඒක වයස එක්ක වෙන්න පුලුවන් දෙයක් කියල කෙනෙක් කියන්න පුලුවන් උනත් මනෝ විද්‍යාවයි, උපදේශන ගැනයි දන්න පොඩි දැනුම අනුව ඒක එහෙම වෙන්න බැරි බව තේරෙනවා..
මොකද ඊට වඩා ගොඩක් වයසක ආච්චි අම්මලට එහෙම ගැටළු නෑ...
මේ ලගදි මුණ ගැහුනම අපි ඇහුවා, මහරහතුන් වැඩි මග ඔස්සේ. ඒ ස්වාමින්වහන්සේගෙ බණ ගැන දරන මතය මොකක්ද කියල.. ආන්ටි කියනව, ආන්ටි කැමති නෑලු. ඒ කියන්නෙ සරල කාරණාලු.
ආන්ටිලගේ ධර්මායතනයේ නම් නිවන ගැනමලු උගන්වන්නේ...

මට ඒ ධර්මායතනය කියන තැන ගැන ඇති වෙච්ච ගැටළු ගොඩක් අතර තියෙනවා තරුණ වයසේ සමහර අය “ බඳින්නෙත් නැති, මහණ වෙන්නෙත් නැති “ තත්වයක්... දෙපැත්තටම නැති තත්වයන්...
මේකත් ඒ වගේ.. මහරහතුන් වැඩි මග ඔස්සේ - ඒ හාමුදුරුවන්ගෙ බණ හරිම පැහැදිලියි. ඒක සරල උනත් කෙලින්ම කියවෙන්නෙ නිවනට අදාලව මට හිතිල තියෙන්නෙ...

ඉතින් මට තියෙන කණගාටුව... අපිට එච්චර උදව් කරලත්... දැන් ආයෙ කියල දෙන්න විදියක් නෑ... වයස අඩු නිසා අපි කියන දෙයක් විශ්වාස කරන්නෙත් නැ... ඒ ආන්ටි එක්ක ඉන්න තව කීපදෙනෙක් ඉන්නවා ඒ වයස් වල මහ ලොකු අදහස් තියෙනවා තමන්ගේ තත්වයන් ගැන...
ඉතින් කොච්චර උවමනා උනත්... මෙතනදි නොදන්නම කෙනෙක්ට උනත්, විශේෂයෙන් පුලුවන් විදියට වෙන රටවල අයට පවා... දහම ගැන සරලව තේරෙන දේවල් කියල දුන්නත්....
ඒ ආන්ටිට ඒව තේරුම් කරල දෙන්න බෑ...

සාමාන්‍ය ලෙස බැරි දේවල් නෑ කියල හිතන මට... මේක මගේ අවුලක්ද, පවක්ද කියලවත් ඇත්තටම හිතාගන්න බෑ හ්ම්...

No comments:

Post a Comment