Tweets by @Tweetsbysuku myblog: හෙළ ජාතික අභිමානේ........

Facebook Fan Page

Monday, December 15, 2014

හෙළ ජාතික අභිමානේ........

හෙළ ජාතික අභිමානේ....................
වැඩු විරුවන් සේ පොරණේ....
දිනු මව්බිම සව්සිරියෙන් සරසව්...
පිබිදෙව් පිබිදෙව් සැරසෙව්.......

වීර විකුම් පෑ පෙර දරුවෝ - දෙස රැස මුර කෙරුවෝ.....
ඒ ලෙය ඇති ඔබ සුරවිරුවෝ - නොමවව් ණයකරුවෝ....
දැය දියුණට පැද යන නැවියා - ගොවියා බිම දෙවියා.......
සැපතෙහි විපතෙහි නොතැවෙයි නොසැලෙයි අටලෝදම හුරු හෙළයා.... //

මුහුදට ඈදෙන මහ ගංඟා - කුඹුරට යලි හරවා....
ධාන්‍ය වගා කොට සිරිලක මේ - පෙරදිග කෙත කරවා.......
අරපිරිමැස්මට පුරුදු වෙලා - බිඳලව් දුක සංකා......
පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමි තලේ ලංකා...... //


No comments:

Post a Comment