Donating, gifting, giving things to others... may be da best happiness !!!
ලොකුවට දෙයක් නැති කාලෙදි කරන දන්දීම තවත් වටිනව ඇති... මොකද එතනදි වැයවෙන ධනය, ශ්‍රමය ගැන අවදානමකුත් තියෙන නිසා..
අතේ සතේ නැති උනත්... පින් කරලා ලැබෙන සතුට... ඊට වඩා සැනසීම මෙච්චරයි කියන්න බෑ...
ඒවිතරක් නෙමෙයි ඒ පින අනුමෝදන් කරන්න ඉෂ්ට දේවතාවරු ප්‍රමුඛ දේව මණ්ඩලයක්... සසර පුරා හිටි ඥාතීනුත් ඉන්නවා...
එතනදි වැයවෙන කොට ආයෙ ලැබේද නැද්ද කියල චකිතයක් දැනෙන්නෙ ඇත්තටම පව ඉස්මතු වීම නිසා වෙන්න ඕන...
මොකද බෝධිසත්වයෝ සංසාරය පුරාම හැමදේම දන් දුන්නා... බුදු බව විතරක් පතලා... හැබැයි සංසාරය පුරාවටම දිගටම ලැබුනා... අදත් දානය අපි පූජා කරනවා...
ඒකියන්නෙ පිනක් කරද්දි මොකුත් වෙනම ප්‍රාර්ථනා නොකර නිවනම පැතුවාම හොදටම ඇති....
අද කරපු දන්පින් ගැන සතුටින් හිතමින් හිටියත්, Roshini අක්කත් අතහැරීම ගැන පෝස්ට් එකකට ටැග් කල නිසා මේව දාන්න හිතුනේ...
අත්හැරීම තමයි මූලික පාරමිතාව.... ඒක ප්‍රකාශ වෙන්නෙ දන්දීමෙන්...
සියල්ල අත්හැරීම කියන එක සංසාරයේම පුරුදු කරල නැති කෙනෙක්ට ඒ තරම ලේසි නෑ.. මුලින් ටික ටික පටන් ගන්න...
සරලවම කිව්වොත් කෑම කාලා අර ඉදුල් ටික, සමහරවිට ඒවත් ඉවර කරන්න හිතුනොත් බත් ඇට කීපය සහ හොදි... ඒව හෝදන්න.. එතනින් අත්හැරිම පුරුදු කරන්න.. ඒ කරන ගමන් මේ ඉදුල් ස්වල්පය කුසගිනි ඇති සතෙකුගේ ආහාරය පිණිස වේවා කියල හිතන්න...
කාලය එක්ක පුරුදු වේවි... නිවන්ගාමි වීමේ මූලික දේ දන්දීම... - අත්හැරිම හුරුවීම..
“යමෙක් මං තරම් දන්දීම ගැන දන්නවා නම් කන කෑම වල අන්තිම කටත් දන්දේවි “ කියල බුදුන් වහන්සේ වදාරල තියෙනවා...
No comments:
Post a Comment