Tweets by @Tweetsbysuku myblog: LIfe Goes .... 5

Facebook Fan Page

Tuesday, June 25, 2013

LIfe Goes .... 5

මුළු පිටකොටුවටම තියෙන හොඳම කෑම කඩය දෙවෙනි හරස් පටුමගේ තියෙන “ශ්‍රියානි“ කඩය හ්ම්....
පිරිසිදුයි... විශ්වාසයි... ඉන්න අයත් හොඳයි....
(https://www.facebook.com/sukumal.harischandra/posts/10200605225727609)
Girls with Sweet Faces, cuddling girls.... are dangerous... Like 'Lady Mogana' @Merlin .....
ස්වීට් මූණූ තියෙන හුරතල් වෙන්න හදන ගෑනු ළමයි ‘භයානකයි‘... හ්ම්... මර්ලින් එකේ ඉන්න ‘ලේඩි මොගානා‘ වගේ....
පරිස්සමට ඉන්න ඕන...

(https://www.facebook.com/sukumal.harischandra/posts/10200597720819991)



- තීක්ෂණ අනුරාධ අයියගෙ තවත් හොඳ ගීතයක්...

ආයෙත් හඬන්න කඳුලක් උනන්න ඇයි අපි මේ හමුවන්නේ...
හිමි නැති ඔයාව හිත යට තියාන දුක් විඳලයි හිත හැදුනේ...
ඔබ හින හෙන්න ඔබෙ රජ දහනේ මං තාමත් මගෙ තනි හීනේ...

(Thanx Kaushika for the song. It comes handy on Lankanadclick Tablet HD Quality)

(https://www.facebook.com/sukumal.harischandra/posts/10200586379736471)

“ මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි....“
ජීවත්ව සිටියදී එපා කියල, මැරුණට පස්සෙ ආයෙ තව මොනව බලාපොරොත්තු වෙන්නද.....
නිවන් දකිනකම් සසර ගමනත් එකට යනව කියල හිතාගෙන හිටියට... අන්තිමට එක විනාඩියක් නෑ ජීවිතේ එක්ක ඉන්නෙ... නොඑන්නම අත්හැරදාලා යනවා... ඒක තමා හැටි... හ්ම්

(https://www.facebook.com/sukumal.harischandra/posts/10200566674803860)

දුකට හිත හදපු දර්ශන මහත්තය, Nihalඅයිය, Sudarshanaඅයිය, Subashiniඅක්ක, Vathsala Jeevapaniඅක්ක, ආන්යාවිය, Kaushika, Chamari

මේක කියපු අපේ Dinushඅයියටත්, එකපාරටම හිත හදපු අපෙ Jeewantha අයියටත් පින්...

“යම් දුකක්, තරහක් වගේ දෙයක් ආවොත් ආපහු හැරිලා අතීතයට අයිති ද කියලා හිතල බලන්න. ඊට පස්සෙ හිතන්න අතීතය අයිති දෙයක් කොච්චර දුක් වුනත් වි‍ඳෙව්වත් නොකා නොබී ඇ‍‍ඟෙ කටු ගහගෙන හිටියත් දශමයක් වත් ආපහු හැදෙන්නෙ නෑ නේද කියලා. එහෙම හිතලා එහෙව් දෙයක් ගැන හිතලා වැඩක් නෑ කියලා දැනගෙන හිතෙන් අයින් කරන්න.

ඊළඟට හිතල බලන්න ඒ හැඟීම අනාගතයට අයිතිද කියලා. අනාගතේ වෙලා නැති දෙයක් ගැන කොච්චර හිතුවත් වද වේදනා වින්දත් නිකමටවත් ඒවා අපි හිතන විදියටම වෙනවද කියලා. උදාහරණයක් වශයෙන් හිතන්න මීට අවුරුදු දහයකට කලින් අපි හිතාගෙන විදියට ද දැන් වැඩ සිද්ධ වෙන්නෙ කියලා. එහෙම බැලුවම නැති එකේ තව ඉදිරියට හිතන දේවලුත් අපි නොහිතනම විදියකට වෙයි කියලා හිතලා ඒ අනාගතයට අයිති ගැටෙන්න තියෙන හේතුව හිතෙන් අයින් කරලා දාන්න.

ඊළඟට හිතන්න ඒක බාහිර පුද්ගලයකුට සම්බන්ධ හැඟීමක් ද කියලා. අපිට අපේ හැඟීම් දැනීම්, කරන කියන දේවල් ගැනවත් වග කියන්න බැරි එකේ අනුන් කරන කියන ඒවට වගකියන්න පුලුවන් ද කියලා හිතල බලන්න. අඩු ගානේ මට එන තරහ, දුක, පසුතැවීම මටවත් වලක්ව ගන්න බැරි නම් මම කොහොම ද පිට කෙනෙක්ගෙ හැඟීම් පාලනය කරන්නෙ කියලා හිතන්න.

මේක ප්‍රිය කෙනෙක්ගෙන් වෙන් වීමක් නම් මෙහෙම හිතන්න. පාරෙ යන කෙනෙක් දිහා බලන්න. නැත්නම් මතක් කර ගන්න. ඔය කෙනා සෑහෙන වාරයක් අපේ අම්ම තාත්ත වෙලා ඉන්න ඇති. පෙම්වතා පෙම්වතිය සැමිය බිරිඳ දුව පුතා වෙලා ඉන්න ඇති. ඒ කාලෙ ඒ සමීප නෑකම තියෙද්දි එයා මැරුණම අපි සෑහෙන අඬන්න ඇති. ආපහු සංසාරෙදි හමුවෙන්න පතන්න ඇති. නමුත්; අද අපිට එයාව පාරෙදි පේනවා. එදා තිබුණ හැඟීම අද නෑ. හැම සම්බන්ධ කමක්ම ඔය වගේ අස්ථීරයි කියලා හිතන්න. අද ඒ වෙන් වෙන කෙනත් අනාගතේ භවයක හමුවෙයි. නමුත් කිසිම සම්බන්ධයක් නැති මගියෙක් විදියට. ඒ වගේ තමයි කෙළවරක් නැති සංසාරෙ හැටි.

ඉතින් මේ අපේ සංසාරෙත් එක්ක ගහන ගේම් එකේ දුක්වෙන්න නැතිවෙන්න පසුතැවෙන්න කියලා දේවල් තියෙනව නම් ඒ හැම දෙයක්ම මායාවක් බොරුවක් විතරයි. බලන්න අර ගිය භවයේ නෑදෑය දැන් පාරෙ ගියාට ගානක් නෑ වගේ තමයි. “

ටැග් කරගන්න බැරි උනු උපුල් අයිය, හසන්ති අක්ක, ඉරු සේවය, මධුක මහත්තයවත් මතක් කරන්න ඕන...
(https://www.facebook.com/sukumal.harischandra/posts/10200550459958499)

No comments:

Post a Comment