Tweets by @Tweetsbysuku myblog: නුඹට සාප නොකරමි.....

Facebook Fan Page

Wednesday, June 26, 2013

නුඹට සාප නොකරමි.....

මම නුඹට සාප කරන්නෙ නෑ.....
කෙනෙක් කියාවි ඒක පොඩි කාලෙක ආදරයක් කියල....
නුඹ කියාවි මම හරියට කලේ නෑ කියල... නෑ මම හරියට කලා... නුඹ තමයි නොකලේ....
“මගෙ තුරුලෙ අන්තිම හුස්ම පොද යවන්න කතා කල නුඹ“.... එකපාරටම මාව සම්පූර්ණයෙන්ම අමතක කරලා හැමදෙයින්ම බ්ලොක් කරන තත්වෙට ආවේ කොහොමද කියල අදටත් මට හිතාගන්න බෑ...
ඒත් ඒක දෙයක් නුඹ ඒක කලා... නුඹ දැන් තවකෙක් එක්ක සතුටින් ඇති.... ඒක හොඳයි සතුටින් ඉන්න...
කම්මැලිකමේ හිටපු මම නුඹ නිසා අරමුණකින් වැඩ කලා... නුඹට ඕන උනේ මාව නිවුස් කියන රස්සාවට දාන්න... මම ලංකාවෙන්ම නිවේදකයන් අතරින් දිනල තියෙන කෙනෙක්, මම ඒක නුඹට කිව්වෙ නෑ. මම ඉන්ටවීව් ගියා නම් මාව ගනිවි කියල මම හිතනව, ඒවගෙම එතන මට කනෙක්ෂන්ස් තිබුනා... ඒත් නොගියේ මම අකමැති හිතට එකඟ නැති වැඩ කරන්න.. නුඹට ඒක හිතාගන්න බැරි උනාට මට කාරි නෑ ඒක නුඹේ තත්වය මගෙ නෙමෙයි.
නුඹ දන්නවා මම වෙන ගෑණු ළමයි ගාවදි හැසිරුනෙ කොහොමද කියල, එහෙම කලේ නුඹට තිබුනු ආදරේට. එහෙම කරලා නුඹ මාව අතැරියම, ෆේස් බුක් එකේ ඉදගෙන ගෑණු ළමයින්ට කරදර කරන,  දරුවොත් ඉන්න, සංවිධාන අටවගෙන සල්ලිත් හොයන එයින් රටටත් වින කරන, දහමට අපහාස කරන මිනිස්සු මට අපහාස කලා ‘කනවැන්දුමා‘ කියල.

කොහොම උනත් නුඹ එක දෙයක් මතක් තියාගන්න මට ෆේස්බුක් එකේම හොද යාළුවො කියන්න පුලුවන් 1000ක් විතර ඉන්නවා මගෙ ෆැමිලිත් 150ක් විතරනේ... මට අපෙ පවුලෙ අයගෙ උදව් තියෙනව... මාව කවදාවත් වට්ටන්න බැරි ඒකයි... මම ඒ අය එක්කත් තිබුනු දේවල් වලට වෙලාව අඩු කරලා නුඹට පෙම් කරද්දි නුඹ කලේ තියෙන වෙලාවත් අරගෙන ෆේස්බුක් ජනප්‍රිය වෙන්න ගියා....
නුඹ මේ අවුරුද්දෙන් 2න් ෆෙස්බුක් එකේ ස්විට් වෙන්න කරන්න හදන දේ කරන අය මම අවුරුදු 8ක් තිස්සෙ දැක්කා...
කොහොම උනත් මගෙ නපුරුකම් වගේ වැරදි තිබ්බ මම නෑ කියන්නෙ නෑ හැබැයි ඒව විශ්වාස සම්බන්ධ ප්‍රශ්න නෙමෙයි, මටත් අසරණකම් බැරිකම් තිබුන, මගෙ නපුරුකම් ඇත්ත ඒවගේම ඒව කරන්න උනේ නුඹේ වැරදි නිසා බවත් අමතක කරන්න එපා. නුඹට කියන වෙලාවට මොකුත් කරන්න බෑ. නුඹට බෑ හරියට දෙයක් ස්ථිරව කියන්න වගෙ ගොඩක් තිබ්බා.
කලින් කෙනා නිසා තමන්ගෙ හැමදේම පුදන්න ලෑස්ති වෙලා හිටපු නුඹට බැන්ඳත් ඒව කරන්න විදියක් තියෙනව කියල, කියල දුන්නෙ මම, නිදි පෙති අරගෙන නිදාගත්ත නුඹට නිදිපෙති නැතිව නිදාගන්නකම් චැට් කලේ මම, නුඹ නිදාගන්නකම් බලාගත්තෙ මම, හරියට වෙලාවට නිදාගන්න නුඹට වෙලාව නිදාගන්න හැදුවෙ මම, නුඹේ ලෙඩ මම හොඳ කරන්න හිතුවා, කරන්නත් පුලුවන් උනා, තව එහෙම ඒව කොච්චර තියෙනවද... (මට දුකක් නෑ මම ඕක ගොඩක් අයට කරල තියෙනවා ඒ මගෙ හැටි නිසා, ඒ කාටවත් මම පෙම් කලේ නෑ)
තව කොච්චර තියේද...
නුඹ නිසා හිත හැදුනා හිත සැනසුනා... ඔක්කොටම වඩා මායාවෙන් මම රැවටුනා... ඒක නුඹේ හැටි වෙන්නැති කේන්දරෙත් ඒක තියෙනවනේ. නුඹේ අම්මවත් නුඹ ඔය ගති නිසා නැති කරගනි කියල මට හිතෙනව. ඒක විතරක් කරගන්න එපා. මොකද අම්මල හැමදාම ඉන්න නිසා අනිත් අය නැති උනත්.....
මම නුඹට සාප කරන්නෙ නෑ. හැබැයි මට තියෙන අත්දැකීම්, කේන්දරයේ සාක්ෂි අනුව නුඹට සැප තියේවි... සතුට නැතිවේවි... කවදාවත් ඇත්තට ආදරේ කරන කෙනෙක් මුණ නොගැහේවි.... මේක කියන්නෙ ද්වේෂයෙන් කියල නුඹට හිතුනත් මේක කියන්නෙ යථාර්ථවාදිව කියලයි මම හිතන්නෙ. නුඹට ඇතිවෙන බැඳීම් තාවකාලික් ආශාවන් වලට සීමා වේවි. ඊට පස්සෙ මොකුත් තියෙන එකක් ආදරයක් කියල. එදාට සමහරවිට නුඹට අතීතය මතක් වේවි...
කොහොම හරි සතුටින් ඉන්න. නුඹට හැකි වේවි කියල මම හිතනව පතනව...

2 comments:

  1. හරිම දුක හිතෙන කතාවක්, ඒත් මේක කියෙව්වම මට එක දෙයක් තේරුණා. මං මගෙත් එක්ක ඉන්න කෙනාට නිතරම කියනවා ඔය නපුරුයි, මට බනිනවා, හරිම සැරයි කියලා. එත් මේක දැක්කම හිතුනා මං එහෙම හැම වෙලෙම කියන එක වැරදියි කියලා. :)

    ReplyDelete
    Replies
    1. දැන්වත් තේරුනා නම් කොච්චර දෙයක්ද නංගි...

      Delete