Tweets by @Tweetsbysuku myblog: රාජ යෝග ගැන හිතට දැනුනු දෙයක්...

Facebook Fan Page

Wednesday, March 20, 2013

රාජ යෝග ගැන හිතට දැනුනු දෙයක්...

සමහර අය හිතනවා රාජ යෝග එන්නෙ මහා බලවත් අයට විතරයි කියල. සාමාන්‍ය විදියට රාජ යෝග කියන්නෙ සුවිශේෂි දෙයක් තමයි, රජ නොවුනත් ඉහල තැනකට එනවා.
(චන්ද්‍රිකා ජනාධිපතිනියට හා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට රුචක යෝගය, ලලිත් ඇතුලත්මුදලි මහතාට සස යෝගය, සිරිමාවෝ අගමැතිනියට වගේම එස්.බී දිසානායක මහත්තයට ගුරුහංස යෝගය )
ඒකෙදි රාජයෝගයට අදාල ග්‍රහයෝ, අනිත් ග්‍රහයන්ගෙ බල දුබලකම් පවා බලපානව.
ජීවිතේදි දැකපු දෙයක් තමයි සාමාන්‍ය ජීවිත තියෙන අයටත් රාජයෝග තියෙනවා සමහර ඒව ඉතාම ප්‍රබලව තියෙන්නෙ, එහෙම අය සාමාන්‍ය ජිවිත ගතකරමින් හොඳින් ඉන්නවා, වෙන බලවත් තැනකට එන්න උත්සහ ගන්නෙ නෑ.
ලගදි දැක්ක එක කේන්දරයක ගුරුහංස, සස කියන රාජයෝග වගේම 11 රවි පිහිටීම නිසා කෝටියක් දෝෂ භංගවීමත් වෙනවා(ඒකත් බොහොම බලවත් දෙයක්), ඒවගේම 6 වැන්නෙ රාහු පිහිටීම කටක ලග්නය නිසා සතුරන් පලවා හරිමින් ඉදිරියට යන දෙයක්. නමුත් බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරන හොඳ කෙනෙක්. ප්‍රබල බව තේරෙන්නෙ ජීවිතේ ඉන්න විදිය දැක්කම හොඳින්.

මම හිතන්නෙ රාජය යෝගයක් තියෙන එක හොඳයි, නෑ කියල දුක් වෙන්න උවමනාත් නෑ. ගොඩක් අද ඉහල තත්ව වල වැජඹෙන අයට ග්‍රහයෝ දුබල බවත් රාශි වල ප්‍රබල වීම නිසා එහෙම වෙලා බවත් ලගදි අහගත්තා. පාප ග්‍රහයන් හෝ එවැනි දේවල් නිසා එහෙම වෙන්න පුලුවනි.
ඉතින් රාජයෝගයක් තිබ්බත් නැතත් ඒ හැටි හිතන්න දෙයක් නෑ හොඳින් හිටියම හොඳ වේවි... හ්ම්
-යථාර්ථවාදි ජනතාවාදියා...

No comments:

Post a Comment