Tweets by @Tweetsbysuku myblog: වචන වල බලයක් ඇත....

Facebook Fan Page

Sunday, March 3, 2013

වචන වල බලයක් ඇත....

අද Face book දාපු පෝස්ට් එක ... තව ටිකක් එකතුත් කරන්න ඕන...


ලෝකෙ තියෙන හැම භාෂාවකම තියෙන වචන වල යම් බලයක් තියෙනවා....
හිතන්න යාළුවෙක් බණිනව කියල... හිත රිදෙන්නෙ නැද්ද... ?

සංගීතය නිසා මිනිස්සු විතරක් නෙමෙයි සත්තු පවා සැනසෙනවා, රවීන්ද්‍රනාත් තාගෝර් එහෙම කියල තියෙන්නෙ.
සංගීතයේ සප්ත ස්වර වල බලයක් තියෙනවා. ගුත්තිලයේ තියෙනවා සත්තු පවා ගුත්තිල පඬිතුමාගෙ වාදනයට කැමති වෙච්ච බව.

“ඕම්“ කියන වචනයෙත් බලයක් තියෙනවා. විශ්වාසයක් තියෙනවා ඕම් කියන්නෙ ලෝකය ආරම්භයෙදි මුලින්ම ඇහුනු හඬ කියල.

පිරිත් වලින් රෝග සුවකරගන්න පුලුවන් බව අත්දැකීමෙන් දන්නවා. රතන, කරණීය මෙත්ත වගේම බොජ්ඣංග පිරිත, ගිරිමානන්ද පිරිත එහෙම ඇහුවම හරි සහනයක් දැනෙනවා. පිරිත් වල විශ්මිත බලයට හේතුව ඒවයෙ තියෙන අක්ෂර බන්ධනයෙ බලවත්කම නිසා කියල කියනවා.

අද වැළලී ගියපු අපි නොදන්න සමහර මන්ත්‍ර ශාස්ත්‍ර වල තියෙනවා මන්ත්‍ර බලයෙන් කරපු හිතාගන්නත් බැරි විශ්මිත දේවල්. උදාහරණයකට ගහක තියෙන අතු බිමට නවල ගෙඩි කඩා ගැනීම කියන්න පුලුවනි.

බෙර, හේවිසි, උඩැක්කි හඬවලට යක්ෂ, භූත, දේව කියන අමනුෂ්‍ය බලවේග ක්‍රියාත්මක කරන්න පුලුවන් කියනවා.
දළදා මාලිගාවේ දිනපතා උදේ හවස ශබ්ද පූජාවන් තියෙනව.
සෙත්කවි, පිරිත්, මන්ත්‍ර වල තියෙන්නෙ වචනයෙ බලය. සෙත් කවි හදන්න නම්, ගණ බල පිහිටුවල හොඳට දන්න කෙනෙක් වෙන්න ඕන.. නැත්නම් වෙන්නෙ වෙන වැරදි බව අත්දැකීමෙන් දන්නවා.

මහා රාවණා මහ රජතුමා දඬු මොනරය ක්‍රියාත්මක කෙරෙව්වෙ මන්ත්‍ර බලයෙන් බව පොත්වල තියෙනව.

ශිව භක්තිකයො තමන්ට ප්‍රාර්ථනයක් කරන්න ඕන උනාම “ඕං නමං ශිවාය“ කියනවා.

මේ වගේ හොඳ වගේම නරකත් වචනයෙන් කරන්න පුලුවනි.. යාළුවෙක් බැන්නත් අපෙ හිත රිදෙන එකේ, නිතරම කරලා හදපු නරකට කරන දේවල් තියෙනවා මන්ත්‍ර වල.. ඒවට කියනවා හදි හූනියම් කියල. ඒවත් ගොඩාක් තියෙනවා එක එක ඒවා.. හූනියම් වලින් උමතු කරවීම ඉදන් ජීවිතේ නැති කිරීම දක්වා කරන්න පුලුවනි. වචන වල බලය කිව්වොත් මන්තර තියෙනවා යක්කු ගෙන්නතෑකි ඕන කෙනෙක්ට... ගෙන්නලා මේ දේ කරන්න කිව්වොත්(යකා ඉල්ලනදේත් දෙන්න ඕන) බොහෝදුරට කරනවා...
හැබැයි මොන දේ උනත් නිවරදිව ධර්මය පිලිපදින කෙනෙක් නම් මොන හූනියමටවත් මොකුත් කරන්න බැරි බව අත්දැකීමෙන් දන්නවා.


* වචන කියන්නෙ බලයක්.... ඒක භාවිත කරද්දි අනිත් අයට අවැඩ නොවෙන්න නිවරදි වචන භාවිත කරන්න අපිට පුලුවන් නම් වැදගත්... අට සිල් සමාදන් වෙද්දි හිස් වචන නොකියමි කියල සමාදන් වෙනවනේ....
හ්ම්...

2 comments:

  1. හ්ම්ම්.. ඝණ පිහිටුවා නම් දැමීමත් වචන වලට ශක්තියක් ඇතිබවට තවත් සාක්ෂියකි.
    හොඳ සටහනක්..!

    ReplyDelete
  2. නන්ඳු මිස් ටික දවසකින් දැක්කෙ....
    ගණ, බල දෙකම පිහිටුවල සෙත්කවි එහෙම ලිව්වම බොහොම සාර්ථකයි....

    ReplyDelete