Tweets by @Tweetsbysuku myblog: Facebook Relationships...

Facebook Fan Page

Wednesday, March 13, 2013

Facebook Relationships...

සබඳතා කිව්වම එක එක විදියෙ සබඳතා තියෙනවා... අපෙ වයසෙ හැටියට වැඩිය කතා කෙරෙන්නෙ ආදර/ප්‍රේම සබඳතා ගැනයි....

අද තේරුන දෙයක් ගැන සටහනක් දාන්නයි මේ  යන්නෙ...

මම වැඩිය ඉන්නෙ ෆේස් බුක් නිසා මට එතන හුරුයි. අවුරුදු 7කට වැඩි කාලයක් ෆේස් බුක් එකේ වෙන එක එක විදියේ, එක එක රටවල අයගෙ ආදර සබඳතා ගැන අවබෝධයක් ලැබුනා...

හැමතැනම වගේ ෆේස්බුක් එක තුලින් ලැබෙන ප්‍රේම සබඳතා පවා හරියනවා, බිඳවැටෙනවා දෙකම වෙනවා.... සාපේක්ෂව මගෙ අත්දැකීම අනුව නම් එච්චර සාර්ථක නෑ... ඒ කීවේ මට අනුව, ඒ උනාට මගෙ හොඳම යාළුවගෙත් ප්‍රේමය මුලින් මුණ ගැහෙන්නෙ ෆේස්බුක් එකෙන්...

අද තේරුන වැදගත් දෙයක් තියෙනවා, චතූ නංගි කතා කරද්දි එයා මට කිව්වෙ, ෆේස් බුක් එකෙන් දැනගෙන කතාබහ කරලා ප්‍රේමය දක්වා ගියොත්..., ඒක පාරෙදි හරි වෙන කොහෙදි හරි අඳුනගෙන මුණ ගැහිලා කතා කරලා වෙන සම්බන්ධයකට වඩා හොඳයි කියල. අද තමයි මට ඒක පලවෙනි වතාවට හිතුනෙ.. හ්ම්... ඒකතාවත් බොහොම හරි... එහෙම දැනගෙන ආදරයක් පටන් ගැනීමෙත් හොඳක් තියෙනවා....

තාමත් ලංකාවෙ ෆේස්බුක් එකට තියෙන්නෙ කළු නමක්.. ඒ උනත් ෆේස්බුක් එක තුලින් හොඳ දේවල් වෙලා තියෙන බව අත්දැකීමෙන් දන්නවා... වාහන/ආයුධ පාවිච්චි කලාම අනතුරු වෙන්න පුලුවනි.. එහෙම කියල අපි ඒව පාවිච්චි නොකර ඉන්නෙ නෑනේ... හ්ම්..

මේක ෆේස්බුක් ස්ටේටස් එකක් විදියට දානවද කියල තාම හිතුවෙ නෑ... හ්ම්

1 comment: