Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Wednesday, September 30, 2015

Life la bonita - Beautiful Island - ලස්සන දූපත - Song - request by Lahiru

අපෙ ලහිරුගෙ ඉල්ලීමට යාන්තමට ට්‍රාන්ස්ලේට් කලා..

___________

Last night I dreamt of San Pedro
Just like I'd never gone, I knew the song
A young girl with eyes like the desert
It all seems like yesterday, not far away

ඊයේ රෑ මම දැක්කා මම සැන් පෙඩ්රෝ වල,
මම කවදාවත් එහෙ ගිහින් නෑ.
තරුණ ගෑණු ළමයෙක්ගෙ කාන්තාරය වගේ තියෙන ඇස් වලින්... දැනුනෙ ඊයෙ වගේ.. ලග දෙයක් වගේ..


Refrain:

Tropical the island breeze
All of nature wild and free
This is where I long to be
La isla bonita
And when the samba played
The sun would set so high
Ring through my ears and sting my eyes
Your Spanish lullaby

ඒක තියෙන්නෙ හොඳ රස්නයක් තියෙන පැත්තක, ස්වභාව ධර්මයෙන් ලස්සන වෙච්ච නිදහස් පැත්තක්. එහේ තමයි මට යන්න ඕන... ලස්සන දූපතට.. සම්බා ප්ලේ කරන කොට- නැටුම් විශේෂයක්, ඉර හොඳටම රස්නෙට තියෙද්දි ඉරු රැස් නිසා ඔයාගෙ ස්පාඤ්ඤ නැළවිල්ල මගෙ කන් දෙක හරහා යාවි, මගෙ ඇස් වලට අනිවි.


I fell in love with San Pedro
Warm wind carried on the sea, he called to me
Te dijo te amo
I prayed that the days would last
They went so fast

මට ආදරයක් හිතිල තියෙනවා සැන් පෙඩ්රෝ එක්ක.
මුහුදෙන් එන උණුසුම මුසු සුළග, මට කතා කරනවා.. මම යාඥා කලා හැමදාම ඒ දවස් තියෙන්න කියල... ඒ දවස් ඉක්මනටම ගියා..

(refrain)

I want to be where the sun warms the sky
When it's time for siesta you can watch them go by
Beautiful faces, no cares in this world
Where a girl loves a boy, and a boy loves a girl

මට ඉන්න ඕන එහේ ඉරු රැස් වලට අහස උණුසුම් වෙන,
දවල්ටත් නිදාගන්න පුලුවන් හිතේ හැටියට... ලස්සන මුහුණු තියෙන, කිසි දෙයක් ඕනවට වඩා නොහිතන පැත්තට මම කැමති..
ගෑණු ළමයෙක් පිරිමි ළමයෙක්ට ආදරේ කරන, පිරිමි ළමයෙක් ගෑණු ළමයෙක්ට ආදරේ කරන ඒ පලාතෙ...


Last night I dreamt of San Pedro
It all seems like yesterday, not far away
ඊයේ රෑ මම දැක්කා මම සැන් පෙඩ්රෝ වල,
මම කවදාවත් එහෙ ගිහින් නෑ.


(refrain x 2)

La la la la la la la
Te dijo te amo
La la la la la la la
El dijo que te ama

Thursday, September 24, 2015

My New Social Media Campaign


https://www.facebook.com/dh.designschool

I was thinking to have another social media service providing things for sometime.

I m kinda bored with social media stuffs I was doing...

So I got new one as I wished.. its a Interior Design Course.... by Dr.Dilini Halvitigala.

According to my knowledge she is the only one person in Sri Lanka who's having a PHD.

Also she is in TV, Magazines often. Only thing not that well social media campaign.

They got likes more than 8000. But I m not happy about engaging with posts and all.

So I m working on it... a week ago 17th of Sep. 2015 I had this opportunity to make it right...

Saturday, September 12, 2015

විහිළුව නම්..., සල්ලාලයන්ද දෙවියන්ගේ පිහිට යැදීමයි..

දෙවියන්ගේ අණසකට යටත්ව දේව පරිවාර සේනා වල සිටින යක්ෂ, භූත, ප්‍රේත යනාදි කොටස් වලින් අසාධාරණ වලට යුක්තිය ඉටු කරගැනීමට සිතන නිර්ආගමික අදහස් ඇති සල්ලාල මහත්තුරු සිටීම හරිම ෂෝක්ය..

ගැහැණු දරුවන්ගෙ ජිවිත උකසට ගනිමින්, කරන්න පුලුවන් විනාශද කරමින්, තනිවී සිටින කාන්තා පාර්ශවයෙන් විවිධාකාර ක්‍රම වලින් මුදල්ද උපයන සල්ලාල මහත්තුරුන්ට අමතක වී ඇත්තේ නිර්ආගමික අදහස් වලින් ඔද්දල් වී දහමට සහ ඒ මුවාවෙන් ජන වර්ග වලට පවා අපහාස කරමින් සිටියද...,
තමන්ටත් තමන්ගේ කර්ම විපාක ඵල දීමට ඉඩ ඇති බවයි...

තමන්ගේ කර්ම ශක්තිය යාන්තමට හෝ හොඳ නිසා මෙතුවක් කල් හැමදේම හරියට වගේ කරගෙන, කරන වැරදි වලින් බේරී සිටිමට හැකියාව තිබුනු ඔයිට වඩා රජවරු හා සමානව දිවි ගෙවූ මිනිසුන් බලු බල්ලන් සේ උඩින් පහතට වැටෙනවා අපි අත්විඳ ඇත.

“ වැරදෙන කොට තේරෙන්නත් වාසනාවක් තියෙන්න ඕන... නවතින්නෙ කොතනින්ද කියල තේරෙද්දි... කල් යයි.. “

Monday, August 31, 2015

Sanga & Thirimanna

මට මේක දාන්න හිතුනේ, පසුගිය දවසක +SL Cricket + ගෘප් එකේ සහෝදරයෙක් දාලා තිබුනා,

“ තිරිමාන්න සංග වගේ වේවි කියල කියල තිබුන ඒත්, තාම පිලිගත්ත රටකට ටෙස්ට් සෙන්චරියක්වත් දාලා නෑ කියල “

● ඒකෙ ඇත්තක් තියෙනවා... ‪#‎තිරිමාන්න‬ හොඳ ප්ලේයර් කෙනෙක්. එයාගෙ ටෙක්නික් එක හොඳයි. ඒත් මටත් ගොඩක් වෙලාවට හිතෙනවා තේරුමක් නැති ඒව ප්ලේ කරල අවුට් වෙනව කියල. ඒනිසා යම් තරමක් කැමති නෑ තිරිමාන්නගෙ බැටින් වලට...

ඒ එක්කම අපි ඉතිහාසෙට යමු... අද මුළු ලංකාවම වැඩියෙන්ම ආදරේ ක්‍රීඩකයා ‪#‎සංගා‬ ..

● 2003 වර්ල්ඩ් කප් එක මතකද... ඒකේ සෙමි ෆයිනල් එකේ ඕස්ට්‍රේලියාවෙ සයිමන්ව ලකුණු 20ටත් අඩුවෙන් රන් අවුට් කරගන්න බැරි උනා සංගට..
සංගා විකට් එක 2වතාවක් කැඩුව... පලවෙනි පාර නොවුනු නිසා අන්තිමේ සයිමන් 90ක් විතර ගත්ත.. අපි පැරදුනා..

ඔය වගේ ගොඩක් ඒව අතීතයේ තියෙනව. ඒකාලෙ අපි කැමති කළුට(රොමේෂ් කළුවිතාන) ...
කළුව කපාගෙන සංග ආවෙ.. ඒකෙ දුක අපිට එදා තිබුන..
‪#‎සංගාට‬ ඇත්තටම අපි ඒ කාලේ ඒ තරම කැමති නැහැ.

● ඊට පස්සෙ මතකද ‪#‎මහේල‬ නායකය වෙච්ච කාලේ. සංගා උපනායකයටත් හිටියා.
ඒකාලෙ කතාවක් තිබ්බා සංගා මහේලගෙන් කැප්ටන්සිය ගන්න හදනව කියල... ඒකාලෙ ගොඩක් අයගේ වීරයා මහේල.. ඒනිසා ඒකෙනුත් අපි සංගට වැඩිය කැමැත්තක් තිබ්බෙ නැහැ.

● ඒත් අද අපි සංගට ආදරෙයි සමහරවිට මහේලටත් වඩා.. ඒකෙ වාසනාවකුත් ඇති මම හිතන්නේ... හිතද්දි ඇත්තටම පුදුමයි අපි සංගට මේ තරම ආදරේ එකට..
ජයසුරිය දේශපාලනේට ආවට පස්සෙ ඒ ආදරය ගොඩක් අයගෙන් නැති උනා...
ඊට පස්සෙ වැඩියෙන්ම ආදරේ අය අතර ඉන්නෙ මුරලියි, මහේලයි, සංගයි..

තිරිමාන්න ප්ලේ කරන විදිය හිතුවම කිසි තේරුමක් නැතිව කරනව කියල වෙලාවක හිතෙනව.. හැබැයි එයාගෙ ටෙක්නික් එක දියුණුයි..
සමහරවිට සංගව වගේ වෙන්න පුලුවනි...

- මතක තියාගන්න ඕන දේ තමයි.. කාලය දේවල් වෙනස් කරනවා... හැමෝටම කාලයක් එනව කියනවනේ.. ඉතින් තිරිමාන්නටත් එහෙම වෙන්න ඉඩ තියෙන්න පුලුවනි...

Sunday, August 30, 2015

ශකුවිගේ හිතට දැනුනු අදහසක්...

කවි, නිසදැස් ලියාගන්න බැරි එක හරි අවාසනාවක් තමයි.. හ්ම්...

You have proved that...,
True Love is an illusion...
“ සැබෑ ප්‍රේමය මුලාවක් බව ...
ඔබ යළිත් තහවුරු කලා...“
___________ ලංකාදීපයට ශාන්ත කුමාර විතාන මහතා ලියන අහස් වියනෙනි _________

Saturday, August 15, 2015

Doni Akka's Birth day Gift...

https://www.facebook.com/photo.php?fbid=868215343269416&set=a.138526939571597.30828.100002428749933&type=1


Doni Akka's Birthday was on 14th July. Nangi worked on cross-stitch for Akka... nearly finished 15th.... Any ways I failed to post it day by day...
Also we went to Somawathiya Temple and Doni Akkala were in Kaduruwela... Get to know it after came back to Colombo...

Eventually Amma gave it to a Currier service and Doni Akka received it..

Anyways my plan was to meet her, that day... couldn't do it... I thought I could do it this year... hmm... 

Friday, August 14, 2015

ඡන්දෙට කලින්...

වසර 67ක් වූ ලාංකේය දේශපාලනයේ... ප්‍රධාන පක්ෂ 2 වන එජාපය සහ ශ්‍රිලනිපය අතින් වුනු වැරදි ඇත.
මෙවර ඡන්දයෙන් එම සියලු වැරදි, සහ මඩ සියල්ල ගැන සලකා බලා ජනතා තීන්දුව ලැබෙනු ඇත.

#‎එජාපයට‬ ඇති වාසියක් නම්, පසුගිය කායේ පැවතියේ සන්ධාන ආණ්ඩු වීමය. එම ආණ්ඩු වල වැරදි බොහෝය..

* රටේ පොදු මතය නම්, හොරකම් හෝ අයථා ක්‍රියා, අපරාධ ඔප්පු කරන්නම ඕන නෑ කියලාය...
ඒ අනුව රිචඩ් ද සොයියා ඝාතනය එජාපයට බරවත්, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් සන්ධානයට බරවත් ජනතාව කල්පනා කරති..

ඔප්පු නොවුනු කාරණා කෙසේ වුවද, “‪#‎හෙජින්‬ ගිවිසුමෙන්“ ලංකාවට සිදුවු පාඩුව කෝටි සිය ගණනකි..
එහිදී එයට එවකට අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන් තීන්දුව මහින්ද ජනාධිපති ක්‍රියාවට නැංවූයේ නැත... ඒ අනුව ලංකාවට එම කෝටි ගණනක පාඩුව විඳීමට සිදුවිය.
එහිදී එම රටවල් ඉදිරියේ දණ නැමුවේ වෙන රටවලට දණ නොනමනවා කියු හිටපු ජනාධිපතිය..

* ඊට අමතරව, ‪#‎රතුපස්වල‬ සිද්ධිය, ‪#‎කටුනායක‬ සිද්ධිය, ‪#‎ධීවර‬ උද්ඝෝෂණය ආදිය සිදුවූයේ මෑත ඉතිහාසයේ වන අතර ඒ ගැන ජනතාවට මතකය...

* කොයිතරම් විද්වතුන් කිව්වත් අධ්‍යාපනයට 6%ක් නොදුන්නේ ‪#‎මහින්ද‬ මහත්තයාගේ ආණ්ඩුවයි...
ඉතියෝපියාවෙත් 2%ක් දළ දේශිත නිෂ්පාදිතයෙන් දෙනවිට අපේ රටේ එය 1.3%ක් විය...

* අද යුධ අපරාධ ගැන කතා කරත්, යුද්ධය අවසන් වී දින 2ක් ඇතුලත ලංකාවට පැමිණි ‘බෑංකි මූන්ට‘ දරුස්මාන් වාර්තාවට අවසර දුන්නේ (යුධ අපරාධ වාර්තාව) මහින්ද ජනාධිපතිය.
ඉන්පසු වතාවන් 3කදි එම වාර්තාව පසසමින් ලියුම් යැව්වේ(වතාවක් ජිඑල් පීරිස් මහතාය) මහින්ද ජනාධිපතිගේ අනුදැනුමට අනුවය.
(පාර්ලිමේන්තු හැන්සාඩ් ගතව ඇත)

තවද අපිට ජනතාව විදියට මතක කාරණයක් නම්, බයිසිකලයෙන් දේශපාලනයට පැමිණි අය අද මහ ධනවතුන් වි ඇති බවය... ගමේ පාරවල් කොන්ක්‍රීට් කිරීම, ප්‍රජා ශාලා සෑදිම යහපත්ය. නමුත් ඒවායෙන් ලබාගත් කොමිස් ප්‍රමාණය ගැන ගමේ මිනිස්සු කතා කරති... නගරයේ මිනිසුන්ට වඩා ඒවා ගැන සිතන්න, කතා කරන්න වෙලාවක් ගමේ අයට ඇත.

නගරයේ අය ඕවා සිතීම කෙසේ වෙතත් පවතින තත්වයන් අනුව වේගවත් තීරණ ගන්නා ජනතාවකි..
ඒ සියල්ල සහ මහ පොලවේ තත්වයද, ජ්‍යොතිෂය සහ ඊට එහා ගිය අධ්‍යාත්මික ශක්තිය ඇති අයගෙන්ද සොයා බැලීමෙන් පසුව... එජාපයට 120ක් සමග බහුතර බලය ලැබෙන්නට ඉඩ වැඩිය.
තැපැල් ඡන්ද වලින් 55%ක්වත් එජාපයට ලැබී ඇති අතර, පොලිසියේ අයගේ ඡන්ද වලින් 60%කට වඩා එජාපයට ලැබි ඇති බව අපගේ වාර්තා පවසයි.
ඉදිරියේදි රටට හෙමින් යහපත් කාලයක් උදාවන බවද, මෙතෙක් වැරදි කල පව්කාරයන්ට සිය කර්ම විපාක ඵල දෙන බවද, යහපත්ව සිටි අයට හොඳ කාලයක් උදාවන බවද ජ්‍යොතිෂ්‍යය සහ ඊටත් වඩා ඒවා දන්නා අය අපට පවසා ඇත.

අපිට අවශ්‍ය රටට යහපතක් වීමය !!!

මේ අනුව Haren Mapitigama මහතා කියන ආකාරයට මේකත් “හීනියට එජාපයට කඩේ යාමක් “ විය හැක. නමුත් මට අනුව නම්, එය යථාර්ථවාදිව කරන ප්‍රකාශයක් පමණි.


මක්නිසාද යත් 99 සිට අඩු තරමින් ඡන්ද රැස්වීම් වලට යමින්, පෝස්ටර් අලවමින් කල දේශපාලනයවත් මේ ‪#‎මහමැතිවරණයට‬ නොකල බැවිනි.



https://www.facebook.com/sukumal.harischandra/posts/10205874175688065


______________________________________________________________





https://www.facebook.com/sukumal.harischandra/posts/10205869835659567

_________________________________




https://www.facebook.com/sukumal.harischandra/posts/10205867644924800

_________________________________________



https://www.facebook.com/sukumal.harischandra/posts/10205860088055883

Thursday, August 6, 2015

අද(6) කැළණි පන්සලට යන්නට ලැබුනා..


දැක්ක, මුණ ගැහුනු, කතා කරපු අය එක්ක හිතද්දි තමයි තේරෙන්නෙ කොච්චර අය පන්සල් එනවද කියල...
ඒ අනුව හිතද්දි අතීතයේ ඉදලම අපි, පන්සල් වලට එන්නැති කියල හිතෙන්නෙ..

සංසාරේ අසරණ වෙච්ච අය කොච්චර මෙතන ඉදගෙන යාතිකා කියනවද, යාඥා වගේ කරනවද කියල හිතෙනව... හැමදාම එහෙම වෙන්නැති...

සමහර අයට දහම ගැන වැටහීමක් නැහැ. මහ පොලවේ වටිනාකම තේරෙන්නෙ නැහැ. එහෙම කීපදෙනෙක්ට ඒව තේරුම් කරල දෙන්න පුලුවන් උනා යම් තරමක්.. එයාල වයසින් වැඩිවෙලා හිටියට දහම ගැන අවබෝධය අඩුයි කියල හිතෙන්නේ..
එයාල හිතන්නෙ පහනක් පොලවේ තියන එක පවක් කියල... එයාලගෙ ඔළුවෙ තියෙන්නෙ බහිරවයන්ටයි පොලව අයිති කියල...
පොලව මහී කාන්තා වහන්සේ, භූමි මාතා දේවින් වහන්සේ, භූමි දේවින් වහන්සේ වගේ දෙවිවරු ගැන එයාලට තේරුමක් නැහැ.

මහ පොලවෙන් තමයි ශක්තිය ලැබෙන්නෙ... මහ පොලවෙ තමයි අපි ඉන්නේ... ඒව තේරුම් ගන්න ඕන...
ආටෝප අස්සෙ තියෙන දේවල් මිසක් ස්වභාව ධර්මය එක්ක බැඳුනු අපේ දහම ගැන අදහසක් නැති එක කණගාටුවට කාරණයක්...

https://www.facebook.com/sukumal.harischandra/posts/10205846192468502

තව එකක් මෙතනට එන මෝඩ ගෑණු ළමයින්ගෙ අවබෝධයයි, එයාලගෙ දෙමව්පියො, හිතවත් අයගෙ තරමයි තේරෙන්නෙ කැළණි පුදබිමට ඇඟට හිර වෙච්ච ඩෙනිං කෑලි ඇදගෙන ආවමයි...
දහමට ඇඳුම කියන දෙයින් ලොකු වෙනසක් නැහැ. පටාචාරව නිරුවතින් බුදුන්වහන්සේ ගාවට දුවගෙන ආවා... එහෙම ආවෙ අවසිහියෙන්...
ඒ ගරුත්වය දහමටත්, දහමට සම්බන්ධ තැන් වලටත් දෙන්න ඕන...

අද ඉතින් ගෑණු ළමයි හොදට ඉගෙන ගෙන අධ්‍යාපනයෙන් ඉහල යද්දි, ඉදිරියට ලැබෙන්න තියෙන දේවල් තේරෙද්දි උඩඟු වෙලා තමන්ගෙ නියම වටිනාකම් නැති කරගන්න කාලයක්නේ.. මෝඩ කෙල්ලො...

ඉතින් සතුටු සිතින් පින්කම් කරල ආවා... ඒ ගැන සතුටුයි...





මහින්ද මහත්තයා, ශ්‍රිලනිපය ප්‍රමුඛ සන්ධානයෙන් ඡන්දෙ ඉල්ලන එකට අපි නම් කැමතිය..
ඒ පක්ෂ බෙදී යෑම රටට අහිතකර බව දන්නා නිසාය....
පහුගිය කාලයේ එසේ කලා මතකය..

කෙසේ වුවද අපේ විශ්වාසයේ හැටියට නැවත රාජ්‍ය නායකත්වයකට පත්වෙන්නට මහින්ද මහත්තයාට හැකි වෙන්නේ නැත.
ඒක කියන්නෙ තරහකට නොව, කර්ම ඵල ගැන ඇති විශ්වාසය සහ කතා කරන බොහෝදෙනාගේ අදහස් ගැන හිතලාය..

දේශපාලනය ගැන පෝස්ට් දැමීම, පක්ෂ වල කාඩ් ඇගට වැදීමට සහ හිත් නරක් වීම් වලට මූලික හේතුවක් වේ. ඒව එහෙම උනත් හිතෙන දේ කියන්නම ඕනය... නැත්නම් හිතට හරි නැත..

කමෙන්ට් වලට වඩා මැසේජ් වලින් ස්ටේටසය ගැන අදහස කියයි...
මහින්ද මහත්තයා ආයෙ වැරදිලාවත් ආවොත්, ඒනිසා අගෝ.17න් පස්සෙම කමෙන්ට් කරන්නම් දේශපාලන ඒවයෙ... එහෙම කියයි..

ජන. 8ට පෙර සිංහ සෙයියාවකින් හිටි සමහර චණ්ඩි චරිත නැවත හිස ඔසවන්නට උත්සහ දරන බවක් පෙනේ.
අපි නම් එදත් එයාලට බය නැත...
ඒ අය ආයෙත් චණ්ඩිකම් තර්ජන ගර්ජන අපි දන්නා කිසිවෙකුට දැම්මොත් රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරගන්නට අපි දනිමු... කවුරු බලයේ සිටියත්, අපිට ඒක කරගන්නට හැක...

Monday, August 3, 2015

‪#‎UNPයට‬ ආසන 120ක්වත් එන ලකුණු තිබේ...

සන්ධානයේ කැම්පේන් එකවත් හරියට කෙරෙන්නෙ නැත .. මහින්ද මහත්තය එන ඒවට පලාත් කීපයකින් මිනිස්සු එනවා විතරය..

පුත්තලමෙන් 1 එන්නේ, පාලිත රංගෙබණ්ඩාර මහතා වන අතර, අනුරාධපුරයට ආසන්න පුත්තලමට අයිති එජාප ඡන්ද වලින් 90%කටත් වඩා ඔහුට ලැබෙන බව කතා කලාම තේරුනා...
අනුරාධපුරයේ 1 වන්නෙ හැරිසන් මහතාය..

දිස්ත්‍රික්ක බොහෝමයක 1 වන්නේ, කලින් පාර්ලිමේන්තුවෙ සිටි අය වන අතර ගාල්ලෙ නම් එහෙම වන පාටක් නැත..
එජාපෙට තම ඡන්දත්, පාවෙන ඡන්දත් බොහෝ ලැබෙන අතර සන්ධානයේ කැඩෙන ඡන්ද සෑහෙන්න ජවිපෙට ලැබෙන වැඩි සම්භාවිතාක් පවති.