Tweets by @Tweetsbysuku myblog: Sanga & Thirimanna

Facebook Fan Page

Monday, August 31, 2015

Sanga & Thirimanna

මට මේක දාන්න හිතුනේ, පසුගිය දවසක +SL Cricket + ගෘප් එකේ සහෝදරයෙක් දාලා තිබුනා,

“ තිරිමාන්න සංග වගේ වේවි කියල කියල තිබුන ඒත්, තාම පිලිගත්ත රටකට ටෙස්ට් සෙන්චරියක්වත් දාලා නෑ කියල “

● ඒකෙ ඇත්තක් තියෙනවා... ‪#‎තිරිමාන්න‬ හොඳ ප්ලේයර් කෙනෙක්. එයාගෙ ටෙක්නික් එක හොඳයි. ඒත් මටත් ගොඩක් වෙලාවට හිතෙනවා තේරුමක් නැති ඒව ප්ලේ කරල අවුට් වෙනව කියල. ඒනිසා යම් තරමක් කැමති නෑ තිරිමාන්නගෙ බැටින් වලට...

ඒ එක්කම අපි ඉතිහාසෙට යමු... අද මුළු ලංකාවම වැඩියෙන්ම ආදරේ ක්‍රීඩකයා ‪#‎සංගා‬ ..

● 2003 වර්ල්ඩ් කප් එක මතකද... ඒකේ සෙමි ෆයිනල් එකේ ඕස්ට්‍රේලියාවෙ සයිමන්ව ලකුණු 20ටත් අඩුවෙන් රන් අවුට් කරගන්න බැරි උනා සංගට..
සංගා විකට් එක 2වතාවක් කැඩුව... පලවෙනි පාර නොවුනු නිසා අන්තිමේ සයිමන් 90ක් විතර ගත්ත.. අපි පැරදුනා..

ඔය වගේ ගොඩක් ඒව අතීතයේ තියෙනව. ඒකාලෙ අපි කැමති කළුට(රොමේෂ් කළුවිතාන) ...
කළුව කපාගෙන සංග ආවෙ.. ඒකෙ දුක අපිට එදා තිබුන..
‪#‎සංගාට‬ ඇත්තටම අපි ඒ කාලේ ඒ තරම කැමති නැහැ.

● ඊට පස්සෙ මතකද ‪#‎මහේල‬ නායකය වෙච්ච කාලේ. සංගා උපනායකයටත් හිටියා.
ඒකාලෙ කතාවක් තිබ්බා සංගා මහේලගෙන් කැප්ටන්සිය ගන්න හදනව කියල... ඒකාලෙ ගොඩක් අයගේ වීරයා මහේල.. ඒනිසා ඒකෙනුත් අපි සංගට වැඩිය කැමැත්තක් තිබ්බෙ නැහැ.

● ඒත් අද අපි සංගට ආදරෙයි සමහරවිට මහේලටත් වඩා.. ඒකෙ වාසනාවකුත් ඇති මම හිතන්නේ... හිතද්දි ඇත්තටම පුදුමයි අපි සංගට මේ තරම ආදරේ එකට..
ජයසුරිය දේශපාලනේට ආවට පස්සෙ ඒ ආදරය ගොඩක් අයගෙන් නැති උනා...
ඊට පස්සෙ වැඩියෙන්ම ආදරේ අය අතර ඉන්නෙ මුරලියි, මහේලයි, සංගයි..

තිරිමාන්න ප්ලේ කරන විදිය හිතුවම කිසි තේරුමක් නැතිව කරනව කියල වෙලාවක හිතෙනව.. හැබැයි එයාගෙ ටෙක්නික් එක දියුණුයි..
සමහරවිට සංගව වගේ වෙන්න පුලුවනි...

- මතක තියාගන්න ඕන දේ තමයි.. කාලය දේවල් වෙනස් කරනවා... හැමෝටම කාලයක් එනව කියනවනේ.. ඉතින් තිරිමාන්නටත් එහෙම වෙන්න ඉඩ තියෙන්න පුලුවනි...

No comments:

Post a Comment