Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Thursday, August 6, 2015

මහින්ද මහත්තයා, ශ්‍රිලනිපය ප්‍රමුඛ සන්ධානයෙන් ඡන්දෙ ඉල්ලන එකට අපි නම් කැමතිය..
ඒ පක්ෂ බෙදී යෑම රටට අහිතකර බව දන්නා නිසාය....
පහුගිය කාලයේ එසේ කලා මතකය..

කෙසේ වුවද අපේ විශ්වාසයේ හැටියට නැවත රාජ්‍ය නායකත්වයකට පත්වෙන්නට මහින්ද මහත්තයාට හැකි වෙන්නේ නැත.
ඒක කියන්නෙ තරහකට නොව, කර්ම ඵල ගැන ඇති විශ්වාසය සහ කතා කරන බොහෝදෙනාගේ අදහස් ගැන හිතලාය..

දේශපාලනය ගැන පෝස්ට් දැමීම, පක්ෂ වල කාඩ් ඇගට වැදීමට සහ හිත් නරක් වීම් වලට මූලික හේතුවක් වේ. ඒව එහෙම උනත් හිතෙන දේ කියන්නම ඕනය... නැත්නම් හිතට හරි නැත..

කමෙන්ට් වලට වඩා මැසේජ් වලින් ස්ටේටසය ගැන අදහස කියයි...
මහින්ද මහත්තයා ආයෙ වැරදිලාවත් ආවොත්, ඒනිසා අගෝ.17න් පස්සෙම කමෙන්ට් කරන්නම් දේශපාලන ඒවයෙ... එහෙම කියයි..

ජන. 8ට පෙර සිංහ සෙයියාවකින් හිටි සමහර චණ්ඩි චරිත නැවත හිස ඔසවන්නට උත්සහ දරන බවක් පෙනේ.
අපි නම් එදත් එයාලට බය නැත...
ඒ අය ආයෙත් චණ්ඩිකම් තර්ජන ගර්ජන අපි දන්නා කිසිවෙකුට දැම්මොත් රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරගන්නට අපි දනිමු... කවුරු බලයේ සිටියත්, අපිට ඒක කරගන්නට හැක...

No comments:

Post a Comment