Tweets by @Tweetsbysuku myblog: අද(6) කැළණි පන්සලට යන්නට ලැබුනා..

Facebook Fan Page

Thursday, August 6, 2015

අද(6) කැළණි පන්සලට යන්නට ලැබුනා..


දැක්ක, මුණ ගැහුනු, කතා කරපු අය එක්ක හිතද්දි තමයි තේරෙන්නෙ කොච්චර අය පන්සල් එනවද කියල...
ඒ අනුව හිතද්දි අතීතයේ ඉදලම අපි, පන්සල් වලට එන්නැති කියල හිතෙන්නෙ..

සංසාරේ අසරණ වෙච්ච අය කොච්චර මෙතන ඉදගෙන යාතිකා කියනවද, යාඥා වගේ කරනවද කියල හිතෙනව... හැමදාම එහෙම වෙන්නැති...

සමහර අයට දහම ගැන වැටහීමක් නැහැ. මහ පොලවේ වටිනාකම තේරෙන්නෙ නැහැ. එහෙම කීපදෙනෙක්ට ඒව තේරුම් කරල දෙන්න පුලුවන් උනා යම් තරමක්.. එයාල වයසින් වැඩිවෙලා හිටියට දහම ගැන අවබෝධය අඩුයි කියල හිතෙන්නේ..
එයාල හිතන්නෙ පහනක් පොලවේ තියන එක පවක් කියල... එයාලගෙ ඔළුවෙ තියෙන්නෙ බහිරවයන්ටයි පොලව අයිති කියල...
පොලව මහී කාන්තා වහන්සේ, භූමි මාතා දේවින් වහන්සේ, භූමි දේවින් වහන්සේ වගේ දෙවිවරු ගැන එයාලට තේරුමක් නැහැ.

මහ පොලවෙන් තමයි ශක්තිය ලැබෙන්නෙ... මහ පොලවෙ තමයි අපි ඉන්නේ... ඒව තේරුම් ගන්න ඕන...
ආටෝප අස්සෙ තියෙන දේවල් මිසක් ස්වභාව ධර්මය එක්ක බැඳුනු අපේ දහම ගැන අදහසක් නැති එක කණගාටුවට කාරණයක්...

https://www.facebook.com/sukumal.harischandra/posts/10205846192468502

තව එකක් මෙතනට එන මෝඩ ගෑණු ළමයින්ගෙ අවබෝධයයි, එයාලගෙ දෙමව්පියො, හිතවත් අයගෙ තරමයි තේරෙන්නෙ කැළණි පුදබිමට ඇඟට හිර වෙච්ච ඩෙනිං කෑලි ඇදගෙන ආවමයි...
දහමට ඇඳුම කියන දෙයින් ලොකු වෙනසක් නැහැ. පටාචාරව නිරුවතින් බුදුන්වහන්සේ ගාවට දුවගෙන ආවා... එහෙම ආවෙ අවසිහියෙන්...
ඒ ගරුත්වය දහමටත්, දහමට සම්බන්ධ තැන් වලටත් දෙන්න ඕන...

අද ඉතින් ගෑණු ළමයි හොදට ඉගෙන ගෙන අධ්‍යාපනයෙන් ඉහල යද්දි, ඉදිරියට ලැබෙන්න තියෙන දේවල් තේරෙද්දි උඩඟු වෙලා තමන්ගෙ නියම වටිනාකම් නැති කරගන්න කාලයක්නේ.. මෝඩ කෙල්ලො...

ඉතින් සතුටු සිතින් පින්කම් කරල ආවා... ඒ ගැන සතුටුයි...





No comments:

Post a Comment