Tweets by @Tweetsbysuku myblog: ඡන්දෙට කලින්...

Facebook Fan Page

Friday, August 14, 2015

ඡන්දෙට කලින්...

වසර 67ක් වූ ලාංකේය දේශපාලනයේ... ප්‍රධාන පක්ෂ 2 වන එජාපය සහ ශ්‍රිලනිපය අතින් වුනු වැරදි ඇත.
මෙවර ඡන්දයෙන් එම සියලු වැරදි, සහ මඩ සියල්ල ගැන සලකා බලා ජනතා තීන්දුව ලැබෙනු ඇත.

#‎එජාපයට‬ ඇති වාසියක් නම්, පසුගිය කායේ පැවතියේ සන්ධාන ආණ්ඩු වීමය. එම ආණ්ඩු වල වැරදි බොහෝය..

* රටේ පොදු මතය නම්, හොරකම් හෝ අයථා ක්‍රියා, අපරාධ ඔප්පු කරන්නම ඕන නෑ කියලාය...
ඒ අනුව රිචඩ් ද සොයියා ඝාතනය එජාපයට බරවත්, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් සන්ධානයට බරවත් ජනතාව කල්පනා කරති..

ඔප්පු නොවුනු කාරණා කෙසේ වුවද, “‪#‎හෙජින්‬ ගිවිසුමෙන්“ ලංකාවට සිදුවු පාඩුව කෝටි සිය ගණනකි..
එහිදී එයට එවකට අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන් තීන්දුව මහින්ද ජනාධිපති ක්‍රියාවට නැංවූයේ නැත... ඒ අනුව ලංකාවට එම කෝටි ගණනක පාඩුව විඳීමට සිදුවිය.
එහිදී එම රටවල් ඉදිරියේ දණ නැමුවේ වෙන රටවලට දණ නොනමනවා කියු හිටපු ජනාධිපතිය..

* ඊට අමතරව, ‪#‎රතුපස්වල‬ සිද්ධිය, ‪#‎කටුනායක‬ සිද්ධිය, ‪#‎ධීවර‬ උද්ඝෝෂණය ආදිය සිදුවූයේ මෑත ඉතිහාසයේ වන අතර ඒ ගැන ජනතාවට මතකය...

* කොයිතරම් විද්වතුන් කිව්වත් අධ්‍යාපනයට 6%ක් නොදුන්නේ ‪#‎මහින්ද‬ මහත්තයාගේ ආණ්ඩුවයි...
ඉතියෝපියාවෙත් 2%ක් දළ දේශිත නිෂ්පාදිතයෙන් දෙනවිට අපේ රටේ එය 1.3%ක් විය...

* අද යුධ අපරාධ ගැන කතා කරත්, යුද්ධය අවසන් වී දින 2ක් ඇතුලත ලංකාවට පැමිණි ‘බෑංකි මූන්ට‘ දරුස්මාන් වාර්තාවට අවසර දුන්නේ (යුධ අපරාධ වාර්තාව) මහින්ද ජනාධිපතිය.
ඉන්පසු වතාවන් 3කදි එම වාර්තාව පසසමින් ලියුම් යැව්වේ(වතාවක් ජිඑල් පීරිස් මහතාය) මහින්ද ජනාධිපතිගේ අනුදැනුමට අනුවය.
(පාර්ලිමේන්තු හැන්සාඩ් ගතව ඇත)

තවද අපිට ජනතාව විදියට මතක කාරණයක් නම්, බයිසිකලයෙන් දේශපාලනයට පැමිණි අය අද මහ ධනවතුන් වි ඇති බවය... ගමේ පාරවල් කොන්ක්‍රීට් කිරීම, ප්‍රජා ශාලා සෑදිම යහපත්ය. නමුත් ඒවායෙන් ලබාගත් කොමිස් ප්‍රමාණය ගැන ගමේ මිනිස්සු කතා කරති... නගරයේ මිනිසුන්ට වඩා ඒවා ගැන සිතන්න, කතා කරන්න වෙලාවක් ගමේ අයට ඇත.

නගරයේ අය ඕවා සිතීම කෙසේ වෙතත් පවතින තත්වයන් අනුව වේගවත් තීරණ ගන්නා ජනතාවකි..
ඒ සියල්ල සහ මහ පොලවේ තත්වයද, ජ්‍යොතිෂය සහ ඊට එහා ගිය අධ්‍යාත්මික ශක්තිය ඇති අයගෙන්ද සොයා බැලීමෙන් පසුව... එජාපයට 120ක් සමග බහුතර බලය ලැබෙන්නට ඉඩ වැඩිය.
තැපැල් ඡන්ද වලින් 55%ක්වත් එජාපයට ලැබී ඇති අතර, පොලිසියේ අයගේ ඡන්ද වලින් 60%කට වඩා එජාපයට ලැබි ඇති බව අපගේ වාර්තා පවසයි.
ඉදිරියේදි රටට හෙමින් යහපත් කාලයක් උදාවන බවද, මෙතෙක් වැරදි කල පව්කාරයන්ට සිය කර්ම විපාක ඵල දෙන බවද, යහපත්ව සිටි අයට හොඳ කාලයක් උදාවන බවද ජ්‍යොතිෂ්‍යය සහ ඊටත් වඩා ඒවා දන්නා අය අපට පවසා ඇත.

අපිට අවශ්‍ය රටට යහපතක් වීමය !!!

මේ අනුව Haren Mapitigama මහතා කියන ආකාරයට මේකත් “හීනියට එජාපයට කඩේ යාමක් “ විය හැක. නමුත් මට අනුව නම්, එය යථාර්ථවාදිව කරන ප්‍රකාශයක් පමණි.


මක්නිසාද යත් 99 සිට අඩු තරමින් ඡන්ද රැස්වීම් වලට යමින්, පෝස්ටර් අලවමින් කල දේශපාලනයවත් මේ ‪#‎මහමැතිවරණයට‬ නොකල බැවිනි.



https://www.facebook.com/sukumal.harischandra/posts/10205874175688065


______________________________________________________________





https://www.facebook.com/sukumal.harischandra/posts/10205869835659567

_________________________________




https://www.facebook.com/sukumal.harischandra/posts/10205867644924800

_________________________________________



https://www.facebook.com/sukumal.harischandra/posts/10205860088055883

No comments:

Post a Comment