Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Sunday, May 31, 2015

ඉදල ඉදල...

ඉදල ඉදලා ටික කාලෙක ඉදන් ෆේක් එකට දුවනවා... එහෙම ගිහින් ඉතින් වෙනදට වඩා ක්‍රියාශීලි උනා.

රියල් එකේ ගෑණු ළමයෙක් කියන්න කවුරුවත් නෑ. ඉන්න ඔක්කොම වගේ සහෝදරියො සහ ඇන්ටිලා... ඒවගේ අය.. දන්න අය.. නොදන්න අය ඇත්තෙම නැති තරම්...
පහුගිය අවුරුදු 9-10ටම පලවෙනි වතාවට කාටවත් නොතේරුනත් ෆේස්බුක් එකේ තනිකම දැනෙන්න, මසේජ් අඩුවෙන්න පටන් ගත්තෙ මේ කාලේ. ඒකෙ ලොකු අවුලක් මට නෑ, මොකද නිකන් හිටියත් කරන්න වැඩ තියෙනවා.
ෆේස්බුක් ෆැන් පේජස් කීපයක්ම  තියෙනවා. ඊට අමතරව තව සෝෂල් මිඩියා වැඩ, ගයි මාම ගැන හොයන වැඩ වගේ ඒව තියෙනවා. ඉතින් පාළුවක්ම නෑ.
ඒත් පහුගිය කාලෙ වෙනකම් දවසකට මසේජ් 20-30ක සාමාන්‍යයක් දවසට තිබිලත්(ඔන්ලයින් යන්නෙ නැතිව), දැන් ඒක දවසට 2-3ට බැහැල..
ඒක එක්තරා විදියකට මේ දවස් වල ජිවිතේටත් අදාල වෙලා..

ඒවත් හේතු උනා ඉතින් ෆේක් එකට දුවගෙන යන්න. ඉතින් දිගට ගිහින්. ඒ කාලෙ ඉදන්ම කවුද කියල හොයාගන්න ඕන කියල හිතුනු ගෑනු ළමයෙක්ගෙ කමෙන්ට් එකක් ගාවින් කමෙන්ට් කලා.. කමෙන්ට් එකේ තරම ඒ ළමයා මට රික්වෙස්ට් කලා..
ඉස්සර ටිකක් දැනගෙන හිටි කෙනෙක් නිසා දවස් කීපයක්ම දකින එයාගෙ පෝස්ට් වලටත් කමෙන්ට් කරා. කමෙන්ට් කරල තියෙන පලපුරුද්ද අනුව ඕන කෙනෙක්ට කතා කරන්න හිතෙන විදියට අදහස් දක්වන්න පුලුවන් කියල හිතනව..

කොහොම හරි දවසකට විතර කලින් ඒ ගර්ල් කතා කරා. ටිකක් කතා කරගෙන යනකොට දන්නෙ.. අපෙ චූටි නංගිගෙ යාළුවෙක්. අපි දන්න පලාතකම...
ඔන්න ඉතින් ඉදල ඉදල චැට් කරාම ඒ ඉන්නෙත් දන්න කෙනෙක්... මාව ටිකක් දන්නවත් එක්ක පින්තුරත් දැකල...

Saturday, May 23, 2015

Nihal Aiya's Song - thanx music.lk

ආදරේ පෑ ඒ සිත.. මා සතු වේදො....
ඒ සඳ නිවිලා මා සිත රිදවා යාදො...//

මගෙ දෙනෙතේ තියා උන් ප්‍රේම හසරැල් නිවිලා...
දෑසේ කඳුලැල් මවාලා... උන්නු දෙදෙනා බැඳීලා....

ඈත අහසේ පුරා... ලියමි ඔබගෙ සෙනේ....
පෙරදි ඔබ නෑ කියා... කියමි හඬගා ප්‍රියේ...//
මාගෙ මේ ආදරේ පිදුවෙ හරි ආදරෙන්...
තාම ඒ ප්‍රාර්ථනා ...
සුළගෙ නෑ පා කලේ... //

ඈත සංසාරයේ.. දෙන්න හමුවී තියේ...
යාවිදො වෙන් වෙලා... නපුරු ඇයිදෝ ප්‍රියේ... //
දෑස කඳුලෙන් පිරෙයි... පැතුව පැතුමන් නිවෙයි...
සාගරේ සේ පිරූ ....
කෝ ඔබේ ආදරේ.... //
වෙන් වී යන්නේ නෑමයි කී සඳු රේණු...
ප්‍රාර්ථනාවන් අනන්තවත් තිබුනාවූ...
මෙම සසරේ ගෙනාපූ මෙමා හැමදා පතාපූ....
ආයෙ වෙන්වී නොයේවා... ප්‍රේමෙ සිහිනේ දිනේවා...

ආදරේ පෑ ඒ සිත....

Thanx +Music.lk (all of them) & +Nuwan Chinthana  Aiya !

Really appreciated !

Friday, May 22, 2015

@Parliament (20th) - 21

20 වෙනිදා ලෑස්ති වෙලා හිටියෙ ජනමාධ්‍ය අමාත්‍යංශයට ගිහින් සෝෂල් මිඩිය වැඩේ ගැන කියන්න. ඒත් උදේ දේවින්ද අයියට කතා කරාම දැනගත්තෙ ගයි මාම පාර්ලිමේන්තු වැඩ නිසා දවසම පාර්ලිමේන්තුවෙ ඉන්නව කියල.
ඒපාර මම නුවන් අයියටයි, නදුන් අයියටයි ඒක කියල ඒ දෙන්නත් පාර්ලිමේන්තුවට එන්න ආවා.
ඒ දෙන්නත් එක්ක පාර්ලිමේන්තුවට ඇවිත් අයි පෑඩ් එකටත් පාස් එකක් අරගෙන ගියා.

දවසම පාර්ලිමේන්තුවෙ හිටියට ඒ කටයුත්ත කතා කරන්න ලැබුනෙ නෑ. මාධ්‍ය ලේකම් මදුසංක මහත්තය එක්කත් කතා කරා. කොහොම උනත් දැනට පවතින සෝෂල් මිඩියා තත්වය ගැන සතුටු වෙන්න බෑ.

නවීනුත් මුණ ගැහුන. අපේ ආරණ්‍යයේ නායක හාමුදුරුවොත් වැඩල හිටිය.

සෙංකෝලෙ ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලෙ ඉදන් ගෙනියනවත් දැක්ක..

ලන්ච් එකත් ගත්ත. ඒ අනුව හිතද්දි අවුල්ක නෑ. ඒත් සෙනග නිසාත් වෙන වැඩ නිසාත් කතා කරගන්න බැරි උනා..
ආයෙ දවසක් දාගන්න කතා කරගෙන ආව.. හ්ම්...

21 -

අද හවස 2 30 වෙද්දි අපි පාර්ලිමේන්තුවට ගියා. අදත් ටිකක් සෙනග. ඒත් ගයි මාම එක්ක කතා කරන්නත් ලැබුනා. සෝෂල් මිඩියා වැඩේ ගැන මාධ්‍ය ලේකම් එක්ක කතා කරන්න කිව්ව. ඒ මහත්තයගෙ දැනුමත් හැකියාවත් ගැනත් තේරුමක් ආවා. එතුමා කරන දේවලුත් කිව්ව.
අයියලගෙ අදහස් අනුව ඒ කටයුත්ත හරියට කරන්න බලාපොරොත්තු වෙනව. කොහොම හරි ඉතින් 7 වගෙ වෙන ටයිම් එකට ගෙදරට අවා... 

Thursday, May 21, 2015

නේපාලෙට වෙච්ච දේ... මක්කමටත්... (ඊට ආසන්න දෙයක්වත්..)

නේපාලෙට වෙච්ච දේ ගැන එක එක කතාන්දර තිබ්බත්, ඒක අච්චු තැබීමට අයිති වෙන්නෙ අසරණ සතුන් ලක්ෂ ගානක් ඝාතනය කරපු එකට කියල දැන් පැහැදිලියි...
මේ ලගදිත් ආයෙත් භූමිකම්පා ඇතිවෙලා තිබ්බ...
නේපාලය බුදුන් උපන් දේශය කියල අඳුන්වනවට නම් මම අකමැති.. මොකද සිදුහත් කුමාරය ඉපදුනේ දඹදිව/ඉන්දියාවෙ නිසා...

ලගදි අහපු අනාවැකියක කියවෙනව, මක්කමටත් යම් අනතුරක් විමේ ඉඩක් ගැන. මංදා ඒ ගැන හරියටම කියන්න තේරුමක් නෑ. තව හොයල බලන්න ඕන හ්ම්.. 

Tuesday, May 19, 2015

@Anuradhapura

It was good to be at Anuradapura today... Had a great time... and lunch was exceptional by Buddhika Aiya...

We were happy and there was a chance to visit lakes too, but I have to go to Ministry tomorrow and came back.. hmm

https://www.facebook.com/sukumal.harischandra/posts/10205261041080083

Sunday, May 17, 2015

මැයි 13 & 15

මැයි 13 
12 වෙනිදා නුවන් චින්තන අයිය කතා කරල කිව්ව, ගයි මාමව මීට් වෙන්න අමාත්‍යංශෙට යනව කියල... මාත් ඉතින් වැඩක් නැති නිසා එන්නම් කිව්ව..  මේ දවස් වල ලේ ලෝ හිටියට මටත් හිතුන ඒ පලාතෙ ගිහින් එන්න.
කෝම හරි මම නුගේගොඩට ගිහින් අයියල එක්ක ගියා. නුවන් අයියයි, ගෝල් සෝන් ෆැමිලි එකේ තව අයිය කෙනෙකුයි, ඒ අයියලගෙ තාත්තයි තව අංකල් කෙනෙකුයි ගියා.

අමාත්‍යංශෙට ගිහින් බලද්දි බදාදා මහජන දිනය හොදටම සෙනග. ඒ මදිවට දන්න කෙනෙකුත් නෑ. ආසනේ අය, දිස්ත්‍රික්කෙ අය හිටිය.දර්ශනත් ඇවිල්ලා හිටිය. මම කිව්ව දැන් ඇමතිතුමා ගාවමයි නේද මැයි දිනේ දවසෙත් දැක්ක කියල..
අපේ වෙලාව කලින් තිබ්බ නිසා මුලින්ම කතා කරා. සෙනග අස්සෙ යන්න විදියක් මට ලැබුනෙ නෑ. එතන දොර වැහුව කවුද ගෑණු කෙනෙක්. නුවන් අයියල ඇතුලෙ මම එළියෙ. ඒ ගෑණු මනුස්සයට සිංහලෙන් කිව්වට යන්න ලැබුනෙත් නෑ. මට කිව්ව මහජන දිනේට ආපු අය ආපු පැත්තෙන් යන්නලු එතනට කිට්ටු කරන්න බෑ.
මගෙ වෙලාවට දේවින්ද අයිය හිටිය. දේවින්ද අයිය ගයි මාමගේ සම්බන්ධීකරණ ලේකම් වෙලා ඉන්න එක මගෙ වෙලාව. දේවින්ද අයියට කිව්ව අයියෙ මට යන්න විදියක් නෑ කියල. ඒපාර දේවින්ද අයිය මාව එක්කගෙන ගියා ඇතුලට.
ගයි මාම මාව දැකල ආ ආවද අපිව බලන්න කියල ඇහුව.

අපේ වෙලාව ආවම, නුවන් අයියල ගිහින් තිබ්බේ පියෝ ටීවි එකේ එයාලගේ ඩ්‍රීම් ටිවි එකේ වැඩකට.. ඒපාර කතා කරද්දි සෝෂල් මිඩියා ගැනත් කතා උනා.
ගයි මාම කියනව, මම බැනලලු, අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්ට සෝෂල් මිඩිය වලට සපෝට් කරන්න බෑ කියල. ඒක පැමිණිල්ලක් වගේ කිව්වම හැමෝම මම දිහා බැලුව.. (පස්සෙ මතක් උනේ ගයි මාමට මාව තාම මතක අවු 10 දරුවෙක් වගේ කියල)
මම කිව්ව ඉතින් මම කියන විදියට කරනව නම් ඇර මම උදව් කරන්නෙ නෑ කියල...
ඒපාර නුවන් අයියල කිව්ව එයාල සපෝට් කරන්නම් කියල.. මාධ්‍ය ලේකම් ලංකාවට ආවම කතා කරගන්න කිව්ව..


කෝම හරි ඒව ඉවර වෙලා ලන්ච් එකත් අරගෙන එන ගමන් සනෝරා එක පැත්තෙ ගියා.  නිහාල් අයියගෙන් ඇහුව දැන් හරිනේ සිංදු දාගන්න ඇතිනේද කියල.. එයාගෙ ෆෝන් එකට මොනවද වෙලා අපේ නොම්මර නැති වෙලාලු. මම ඒපාර කිව්ව හෙට හරි අනිද්ද හරි ගිහින් ඔය වැඩේ පිලිවලෙක් කරගමු කියල..

මැයි 15 


මම 9 වෙද්දි සනෝර එක ගාවට ගිහින් නිහාල් අයිය එක්ක music.lk එකට ගියා. අපෙ නුවන් අයිය ඇවිල්ල හිටියෙ නෑ ඒපාර වාඩි වෙලා ඩ්‍රීම් ටිවි එක බල බල හිටිය... ඩිලොනුත් හම්බ උනා.
නුවන් අයියගෙ යාළු අයියත් ආවා. ඇවිල්ල වැඩේ ඇහුව. ටිකක් වෙලා ගිහින් තමයි අනිත් නුවන් අයිය ආවෙ..
ඒපාර කතා කලා. නිහාල් තිලකරත්න අයියගෙ සිංදු බලල තිබ්බ නිසා කරන්න තිබ්බෙ අත්සන් කරන එකයි. එතකොට තමයි දැනගත්තේ රිංගින් ටෝන් වලට දාන්න 7000ක් සල්ලිත් අරගෙන තිබ්බ කවුද කෙනෙක්. තමන්ගේ සිංදුවට සල්ලි දීලා රිංගින් ටෝන් දාන සිරිතක් නෑ. අවුලක් නෑ ඉතින් කරන හැටි කියල දුන්න.
නුවන් අයියගෙ යාළු අයිය කිව්ව ගයි මාමට කරන සපෝට් එක එන සතියෙම කරල දෙමු කියල. මම ඒවා පස්සෙ දේවින්ද අයියට කියල අහගත්තා පාර්ලිමේන්තු දවස් එහෙම..
කොහොම හරි මට පරක්කු උනු නිසා මම ආවා විනාඩි 10ක් විතර කලින්. නිහාල් අයියට වැඩේ හරියට කරල දීලා තිබ්බ...
මම ඊට පස්සෙ නුගේගොඩ ගිහින් නුවන්මි නංගියි, ධනුවයි මීට් වෙලා මිපැණි බෝතලේකුත් දීලා ආවා... කාලෙකින් නුවන්මිව දැක්කෙත් හ්ම්...

* නිහාල් අයිය ගොඩක් සතුටු උනා කලින් ඉදල සිංදු දාලා දෙන්න උදව් කරාට. එයාගෙ දක්ෂතාවය තියෙනවා සපෝට් එකක් තමයි නැතිව හිටියෙ කියල... කෝම හරි ඉතින් උදව්වක් කරන්න ලැබුනට සතුටුයි... වැලේ වැල් නැති කාලෙත් හරියට හිතට සතුට එන දෙයක් තමයි උදව්වක් කරන එක... හ්ම්..

Saturday, May 9, 2015

I wish our country had programs like #Wake Up Call

අපේ රටෙත් මෙහෙම වැඩසටහන් තිබ්බ නම් කියල හිතෙනව... දරුවො යහමඟට ගන්න... වැරදෙන තැන් කියල දෙන්න... ඒ අත්දැකීම් ගැන නිවරදිව කියල දීලා හරි දේ ගැන අවබෝධය දෙන්න... හ්ම්...
ඉදිරියෙදි මෙහෙම දේවල් අපිත් කරන්න ඕන..

#WakeUpCall - Fb - https://www.facebook.com/WakeUpCallTNT

මේ වැඩසටහනේ පිලිවෙලට කියල දෙනව ජිවිතේ වරදින තැන්... ගොඩක් දුරට ගන්නෙ බිඳුනු පවුලක දරුවෙක්ව දේවල් කියල දෙන්න... විශේෂයෙන් ගොඩක් කේන්තිය තියෙන, පවුල් පසුබිමේ ප්‍රශ්න එක්ක ජිවත් වෙන දරුවන්ට ජිවිතේ හරියට කියල දෙන්න උත්සහ කරනව..
එතනදි ඒ දරුව කැමති රස්සාව හෝ ඒ මාර්ගයට යන හැටි වගේම, ඒ ක්ෂෙත්‍ර වලටත් එක්ක යනවා...

දිගටම වැරදි විදියට හිතුවොත් ඒව කලොත් හිරේ යන්න වෙන බව පවා කියනව... හිරේට එක්කගෙන ගිහිල්ලා ඒ වයස් වල එහෙම කරදර වෙලා ආපු දරුවන්ව මුණගස්සල කතා කරනවනව... සෑහෙන වටින දෙයක් හ්ම්....

අපේ රටේත් මෙහෙම ඒව කරන්න ඕන....


Thursday, April 30, 2015

- අදටත් ගැලපෙන... ඒ කාලෙ ලියවෙච්ච දේවල්... හ්ම්... - Yuganthaya

“ හොඳ නරක දෙකටම සිනාසෙන්ට පුරුදු කරගත් මිනිසුන්ට පමණයි ලංකාවෙහි සන්තෝසයෙන් ඉන්ට හැක්කේ... “
“ අල්ලක් විතර ඇති මේ ලංකාවෙ ඉන්න අපි අපේ අතීතය වර්ණනා කරන්නෙ කොයිතරම් අහංකාරකමකින්ද... ? “

“ පොදු මිනිසුන් පාලනය කරමින් තමන්ගේ විශේෂ අයිතිවාසිකම් රැකගෙන සිටීම අමාරු වේගෙන එනකොට ලොකු මිනිසුන් කරන්නේ කුමක්ද ? 
ආගම ඇදහීමටත්, අතීත මුතුන්මිත්තන්ගේ ලොකුකම් කීමටත් පටන් ගැනීමයි... “

https://www.facebook.com/sukumal.harischandra/posts/10205147139352611

Tuesday, April 28, 2015

Last Knights - 2015


I like War... I don't love it....

As far as it goes... eventually its a pathetic mistake... something we should not do if its not the last thing to do in whole world...

" the Wounds of Honor.... are self - inflicted... "

n in the end... its a shame to miss a good fight.... for the right cause...

" Honor is something that all men are born with...
It cannot be taken from you....
Nor can it be granted....
It must only not be lost.... "

Wednesday, April 22, 2015

යහපාලනය සහ ඉදිරිය ගැන - අදහසක්

‪#‎යහපාලනේ‬ අවුල් තිබ්බත් කාලෙකින් පොදු ජනතාව අලුත් අවුරුද්ද ජයට සමරා ඇත...

මෛත්‍රි ජනාධිපතිතුමා සිය ධූර කාලය හරියට ගත කරනු ඇති අතර සමහර අයගේ අනාවැකි පරිදි එතුමාට කරදර වන්නේ නැත ... මාරක ගෙවී අවසන්ය..

පින ඉවර නිසා යම් කැමැත්තක් ජනතාවගෙන් තිබුනද මහින්ද මහත්තයට දේශපාලන ගමනක් ඉතිරි නැත..
එතුමාගේ කාලයෙ එක්සත් ජාතින්ගෙ මුල් පුටුව අපිට ගන්නට හැකිව තිබියදී එයට උදව් නොකල නිසා වුනු පාඩුව මෙන් ඒකාලයෙ වුනු වැරදි ඉදිරියටත් එලියට එනු ඇත ..
පහුගිය පාර්ලිමේන්තුවේ බාගයකට වඩා ඊලඟ ඡන්දෙන් ගෙදර යනු ඇත ..
රටට වින කල අයට, නීතියෙන්ද, කර්ම විපාකද ලැබෙනු ඇත..

#‎ජවිපෙ‬ පාර්ලිමේන්තු නියෝජනය වැඩි වනු ඇත ..

#‎රනිල්ගේ‬ පින මතුවන කාලය බැවින් එජාපය ඊලඟ ඡන්දෙන් පැහැදිලි බහුතරයක් ලබනු ඇත...
මෙතෙක් කල් වැරදි කල අයට විපාක ලැබෙන අතර යහපතින් ජීවත් වුනු අයට යහපත සැලසෙනු ඇත ..
අන්තවාදය අතුගෑවී යන අතර, දහමට පිටුපාන ජාතිවාදයද නැතිවෙනු ඇත...

https://www.facebook.com/sukumal.harischandra/posts/10205093552452972


( බොහෝදෙනා සමග කතා කිරීමෙන්ද, ජ්‍යොතිෂ්‍යයත් ඊට එහා ගිය අධ්‍යාත්මික ගුණවත් භාවයන්ගෙන් යුතු සිල්වත් අය සමග ඉදිරිය ගැන කතා කිරිමෙන්ද එළඹුනු අදහස්ය..)

පෞද්ගලිකව මට මේ කාලයේ මහ වෙනසක් නොමැති වුවද සොයාබැලීමේදී බොහෝ පැතිවල ජනතාව වෙනදාට වඩා සරුවට අලුත් අවුරුද්ද සමරා ඇත.