Tweets by @Tweetsbysuku myblog: මැයි 13 & 15

Facebook Fan Page

Sunday, May 17, 2015

මැයි 13 & 15

මැයි 13 
12 වෙනිදා නුවන් චින්තන අයිය කතා කරල කිව්ව, ගයි මාමව මීට් වෙන්න අමාත්‍යංශෙට යනව කියල... මාත් ඉතින් වැඩක් නැති නිසා එන්නම් කිව්ව..  මේ දවස් වල ලේ ලෝ හිටියට මටත් හිතුන ඒ පලාතෙ ගිහින් එන්න.
කෝම හරි මම නුගේගොඩට ගිහින් අයියල එක්ක ගියා. නුවන් අයියයි, ගෝල් සෝන් ෆැමිලි එකේ තව අයිය කෙනෙකුයි, ඒ අයියලගෙ තාත්තයි තව අංකල් කෙනෙකුයි ගියා.

අමාත්‍යංශෙට ගිහින් බලද්දි බදාදා මහජන දිනය හොදටම සෙනග. ඒ මදිවට දන්න කෙනෙකුත් නෑ. ආසනේ අය, දිස්ත්‍රික්කෙ අය හිටිය.දර්ශනත් ඇවිල්ලා හිටිය. මම කිව්ව දැන් ඇමතිතුමා ගාවමයි නේද මැයි දිනේ දවසෙත් දැක්ක කියල..
අපේ වෙලාව කලින් තිබ්බ නිසා මුලින්ම කතා කරා. සෙනග අස්සෙ යන්න විදියක් මට ලැබුනෙ නෑ. එතන දොර වැහුව කවුද ගෑණු කෙනෙක්. නුවන් අයියල ඇතුලෙ මම එළියෙ. ඒ ගෑණු මනුස්සයට සිංහලෙන් කිව්වට යන්න ලැබුනෙත් නෑ. මට කිව්ව මහජන දිනේට ආපු අය ආපු පැත්තෙන් යන්නලු එතනට කිට්ටු කරන්න බෑ.
මගෙ වෙලාවට දේවින්ද අයිය හිටිය. දේවින්ද අයිය ගයි මාමගේ සම්බන්ධීකරණ ලේකම් වෙලා ඉන්න එක මගෙ වෙලාව. දේවින්ද අයියට කිව්ව අයියෙ මට යන්න විදියක් නෑ කියල. ඒපාර දේවින්ද අයිය මාව එක්කගෙන ගියා ඇතුලට.
ගයි මාම මාව දැකල ආ ආවද අපිව බලන්න කියල ඇහුව.

අපේ වෙලාව ආවම, නුවන් අයියල ගිහින් තිබ්බේ පියෝ ටීවි එකේ එයාලගේ ඩ්‍රීම් ටිවි එකේ වැඩකට.. ඒපාර කතා කරද්දි සෝෂල් මිඩියා ගැනත් කතා උනා.
ගයි මාම කියනව, මම බැනලලු, අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්ට සෝෂල් මිඩිය වලට සපෝට් කරන්න බෑ කියල. ඒක පැමිණිල්ලක් වගේ කිව්වම හැමෝම මම දිහා බැලුව.. (පස්සෙ මතක් උනේ ගයි මාමට මාව තාම මතක අවු 10 දරුවෙක් වගේ කියල)
මම කිව්ව ඉතින් මම කියන විදියට කරනව නම් ඇර මම උදව් කරන්නෙ නෑ කියල...
ඒපාර නුවන් අයියල කිව්ව එයාල සපෝට් කරන්නම් කියල.. මාධ්‍ය ලේකම් ලංකාවට ආවම කතා කරගන්න කිව්ව..


කෝම හරි ඒව ඉවර වෙලා ලන්ච් එකත් අරගෙන එන ගමන් සනෝරා එක පැත්තෙ ගියා.  නිහාල් අයියගෙන් ඇහුව දැන් හරිනේ සිංදු දාගන්න ඇතිනේද කියල.. එයාගෙ ෆෝන් එකට මොනවද වෙලා අපේ නොම්මර නැති වෙලාලු. මම ඒපාර කිව්ව හෙට හරි අනිද්ද හරි ගිහින් ඔය වැඩේ පිලිවලෙක් කරගමු කියල..

මැයි 15 


මම 9 වෙද්දි සනෝර එක ගාවට ගිහින් නිහාල් අයිය එක්ක music.lk එකට ගියා. අපෙ නුවන් අයිය ඇවිල්ල හිටියෙ නෑ ඒපාර වාඩි වෙලා ඩ්‍රීම් ටිවි එක බල බල හිටිය... ඩිලොනුත් හම්බ උනා.
නුවන් අයියගෙ යාළු අයියත් ආවා. ඇවිල්ල වැඩේ ඇහුව. ටිකක් වෙලා ගිහින් තමයි අනිත් නුවන් අයිය ආවෙ..
ඒපාර කතා කලා. නිහාල් තිලකරත්න අයියගෙ සිංදු බලල තිබ්බ නිසා කරන්න තිබ්බෙ අත්සන් කරන එකයි. එතකොට තමයි දැනගත්තේ රිංගින් ටෝන් වලට දාන්න 7000ක් සල්ලිත් අරගෙන තිබ්බ කවුද කෙනෙක්. තමන්ගේ සිංදුවට සල්ලි දීලා රිංගින් ටෝන් දාන සිරිතක් නෑ. අවුලක් නෑ ඉතින් කරන හැටි කියල දුන්න.
නුවන් අයියගෙ යාළු අයිය කිව්ව ගයි මාමට කරන සපෝට් එක එන සතියෙම කරල දෙමු කියල. මම ඒවා පස්සෙ දේවින්ද අයියට කියල අහගත්තා පාර්ලිමේන්තු දවස් එහෙම..
කොහොම හරි මට පරක්කු උනු නිසා මම ආවා විනාඩි 10ක් විතර කලින්. නිහාල් අයියට වැඩේ හරියට කරල දීලා තිබ්බ...
මම ඊට පස්සෙ නුගේගොඩ ගිහින් නුවන්මි නංගියි, ධනුවයි මීට් වෙලා මිපැණි බෝතලේකුත් දීලා ආවා... කාලෙකින් නුවන්මිව දැක්කෙත් හ්ම්...

* නිහාල් අයිය ගොඩක් සතුටු උනා කලින් ඉදල සිංදු දාලා දෙන්න උදව් කරාට. එයාගෙ දක්ෂතාවය තියෙනවා සපෝට් එකක් තමයි නැතිව හිටියෙ කියල... කෝම හරි ඉතින් උදව්වක් කරන්න ලැබුනට සතුටුයි... වැලේ වැල් නැති කාලෙත් හරියට හිතට සතුට එන දෙයක් තමයි උදව්වක් කරන එක... හ්ම්..

No comments:

Post a Comment