Tweets by @Tweetsbysuku myblog: ඉදල ඉදල...

Facebook Fan Page

Sunday, May 31, 2015

ඉදල ඉදල...

ඉදල ඉදලා ටික කාලෙක ඉදන් ෆේක් එකට දුවනවා... එහෙම ගිහින් ඉතින් වෙනදට වඩා ක්‍රියාශීලි උනා.

රියල් එකේ ගෑණු ළමයෙක් කියන්න කවුරුවත් නෑ. ඉන්න ඔක්කොම වගේ සහෝදරියො සහ ඇන්ටිලා... ඒවගේ අය.. දන්න අය.. නොදන්න අය ඇත්තෙම නැති තරම්...
පහුගිය අවුරුදු 9-10ටම පලවෙනි වතාවට කාටවත් නොතේරුනත් ෆේස්බුක් එකේ තනිකම දැනෙන්න, මසේජ් අඩුවෙන්න පටන් ගත්තෙ මේ කාලේ. ඒකෙ ලොකු අවුලක් මට නෑ, මොකද නිකන් හිටියත් කරන්න වැඩ තියෙනවා.
ෆේස්බුක් ෆැන් පේජස් කීපයක්ම  තියෙනවා. ඊට අමතරව තව සෝෂල් මිඩියා වැඩ, ගයි මාම ගැන හොයන වැඩ වගේ ඒව තියෙනවා. ඉතින් පාළුවක්ම නෑ.
ඒත් පහුගිය කාලෙ වෙනකම් දවසකට මසේජ් 20-30ක සාමාන්‍යයක් දවසට තිබිලත්(ඔන්ලයින් යන්නෙ නැතිව), දැන් ඒක දවසට 2-3ට බැහැල..
ඒක එක්තරා විදියකට මේ දවස් වල ජිවිතේටත් අදාල වෙලා..

ඒවත් හේතු උනා ඉතින් ෆේක් එකට දුවගෙන යන්න. ඉතින් දිගට ගිහින්. ඒ කාලෙ ඉදන්ම කවුද කියල හොයාගන්න ඕන කියල හිතුනු ගෑනු ළමයෙක්ගෙ කමෙන්ට් එකක් ගාවින් කමෙන්ට් කලා.. කමෙන්ට් එකේ තරම ඒ ළමයා මට රික්වෙස්ට් කලා..
ඉස්සර ටිකක් දැනගෙන හිටි කෙනෙක් නිසා දවස් කීපයක්ම දකින එයාගෙ පෝස්ට් වලටත් කමෙන්ට් කරා. කමෙන්ට් කරල තියෙන පලපුරුද්ද අනුව ඕන කෙනෙක්ට කතා කරන්න හිතෙන විදියට අදහස් දක්වන්න පුලුවන් කියල හිතනව..

කොහොම හරි දවසකට විතර කලින් ඒ ගර්ල් කතා කරා. ටිකක් කතා කරගෙන යනකොට දන්නෙ.. අපෙ චූටි නංගිගෙ යාළුවෙක්. අපි දන්න පලාතකම...
ඔන්න ඉතින් ඉදල ඉදල චැට් කරාම ඒ ඉන්නෙත් දන්න කෙනෙක්... මාව ටිකක් දන්නවත් එක්ක පින්තුරත් දැකල...

No comments:

Post a Comment