Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Sunday, May 15, 2016

දහම විශ්වාසයි.... ශ්‍රද්ධාව හ්ම්... ශ්‍රී පාද ගමනෙන් ! (මැයි 12-13) 2016

මැයි 12 රෑ වෙලා ශ්‍රී පාදෙ නගින්න පටන් ගත්ත. ඒ රෑත්,  13 වෙනිදා උදෙත් වැහි බිංදුවක් වැටුනෙ නෑ... (වැහි කාලෙක) ඊට කලින් එකදිගට වැස්සත් තිබ්බ.

විශ්වාස, ශ්‍රද්ධාව වගේ කාරණා එක එක තියෙනව... ඒව ගැන එක එක්කෙනාට තියෙන්නෙ එක එක විශ්වාස..

දහම විශ්වාසයි.... ශ්‍රද්ධාව හ්ම්...

කොහොම උනත් ඒ ගැන හරිම සතුටුයි...

Not a single rain drop(Today morning n yesterday), until we passed 1 Km from #SriPada....

There are things Faith, beliefs...



























Yes I believe in my Karma, Faith n Gods


- සුමනසමන් දෙවියන් සෝවාන් තත්වයට පත්වෙච්ච බවයි පොත් වල තියෙන්නෙ... සමන් දෙවියන්ගෙ නමින් කරන දේවාල වල කපු මහත්තුරු දන්නෙත් එච්චරයි.. හැමදාම කියන පුරුදු දේ මිසක්, හිත දියුණු කිරීමක්, ඒ ගැන අවබෝධයක් ඒ අයට නෑ.
සුමනසමන් දිව්‍ය රාජයා දැන් සකෘදාගාමි තත්වයට පත් වෙලා ඉන්නෙ...

ගමන නම් හොඳයි... සතුටුයි... රටටම එකදිගට වහින්න ගත්තෙ අපි ඇවිල්ලා කිලෝමිටරයක් ගියාට පස්සෙයි...
ගමනේ තියෙන තත්වය එක්ක ඒ අතරමගදි වැස්ස නම් ඇතිවෙන අපහසුතාවය විස්තර කරන්න බැහැ...


ඒනිසා මේ ගමනට අධිෂ්ඨාන දුන්නු අපෙ වෙද මහත්තයට, සුමනසමන් දෙවියන්, නාග රාජයාණන්වහන්සේ, මැණික් කඩවර දෙවියන් ඇතුළු සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට, ගමන යන්න උදව් පදව් කරපු අයට, ගමනේදි උදව් කරපු අය යනාදි කොට ඇති සම්බන්ධ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා !
තුනුරුවන්ගෙ සරණ ලැබේවා !


Wednesday, May 11, 2016

‪#‎GodFather‬ එක්තරා විදියකට වෙනසක් කරපු චිත්‍රපටියක්...
මේ ෆිල්ම් එක බලල ඒකෙන් ආදර්ශ අරගෙනත් දේවල් කරල තියෙනව ඒකාලේ...

‪#‎ගෝඩ්ෆාදර්‬ කියන්නේ ලොකුම පාතාලයක් තියෙන කෙනෙක් උනත්, එයා බොහෝම සාධාරණයි. විශේෂයෙන්ම මත්කුඩු වගේ ඒවට එයාගෙන් උදව්වක් ලැබෙන්නෙ නැහැ. ඇත්තටම ඒකයි ඒකෙ තේරුමත්...

- නීතියෙන් හරියට පිළිසරණක් නැති අයට එයාගෙන් පිහිට තියෙනව....

- එයා ඉන්නෙ ඉහලම දේශපාලනඥයන්ට වඩා ඉහලින්... ඒකයි විශේෂත්වය...

ලංකාවෙ තිබුනු හැම ආණ්ඩුවකම, දැනුත් මැරයෝ, පාතාලය නඩත්තු වෙනව...
හැබැයි ඒ හැමතැනදීම දේශපාලනයට යටින් පාතාලය තිබුන මිසක්, උඩින් තිබිල නෑ..
නමුත් ගෝඩ්ෆාදර් කියන්නෙ ඊට ඉහලින් ඉන්න කෙනෙක්...

ලංකාවෙ පහුගිය කාලෙ අත්දැකීම් අනුව ගෝඩ් ෆාදර්ලා හිටියෙම නැති තරම් උනත්, ඒ කාලේ ගෝනවල සුනිල් රටම හොල්ලගෙන හිටියෙ. එජාප ආණ්ඩුවෙ බලය එක්ක... පුදුම තරම් කරදරයක් මිනිසුන්ට තිබිල තියෙනව...
ඊට පස්සෙ සොත්ති උපාලි..
ඊට පස්සෙ ධම්මික, චින්තක අමරසේකරත්, කඩුවෙල වසන්ත, බැද්දගාන සංජීව වගේ නමුත් ලංකාවෙ ප්‍රසිද්ධයි... ඊටපස්සෙ හැමෝම කතා කරපු වම්බොට්ට...

ඔය හැමඑකමත් ඉතින් දේශපාලන අධිකාරි වල අය... පස්සෙ වම්බොට්ට වගේ අයට ඒ අයම වැඩේ දුන්නා...
පහුගිය කාලෙ නම් අතර දකුණෙ පාතාල රාජ කියපු මනෝජ් මෙන්ඩිස් අයියල වගේ අයත් හිටියෙ දේශපාලන හයිය අරගෙන...
ඒනිසයි ආණ්ඩු මාරු උනු ගමන් ඝාතනය වෙන්නෙ...

කොහොම හරි ඉතින්.... ලංකාවෙ ගෝඩ් ෆාදර්ලා ඇති වෙන ක්‍රමයක් නැහැ... එහෙම අය වැඩකට නැති උනත්... සමහරවිට වටිනව වෙන්න පුලුවනි හ්ම්...

#‎හිතෙනදේවල්‬

තරු අත් අකුරින් ලියා එවමි හ්ම්...


තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත..
ඔබෙ සෙවණ පමණි මිහිපිට ඇති එකම සම්පත....//

මඳ පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්...
සඳ කිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්..//
එළි කරමි මගෙ ලඟ ඇති ආදරයේ වත්කම්...
පැල්පත ද මට හොඳයි මිහිරියෙ එක හිත ඇත්නම්...

කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ..
කල්පනා කල පමණ මට කල්පනාවක් නැතේ..
ඇඳිරියද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ..
එනු මැනවි රස බලමු සෙවණක එකම පැල්පතේ..

-

ගායනය, සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

~ SMS වැට් නිසා හරි ගණන් එකේ... ආයෙ ලියුම් ලියමු... 

Monday, May 9, 2016

වෙලාවකට මේක හරි කරදරයක්...

ගයන්ත කරුණාතිලක ඇමතිතුමාට දෙයක් අන්තර්ජාලයේ තිබුනොත්,
හොඳ හෝ නරක වේවා අනිවාර්යෙන් බොහෝදෙනෙක් මට ඒ ගැන කියනව...
ඒක හොඳ දෙයක්.. දැනුවත් කිරීම...

ඒත් දවසකට ඒවා 10-20ක් කියන්නට ගියාම ඒ හැම එකම බලන්නයි හොයන්නයි ගියාම ඒක හිතට කරදරයකි.

අපි එතුමාට ගරු කරන්නෙ ඥාතිත්වයටත්, චරිතය හොඳ නිසාත් යන කරුණු මූලික කරගෙනය.

පහුගිය දවස් වල විවිධාකාර හේතු වලට ඇමතිතුමාට මඩ සහ විවේචන වලදි බොහෝදෙනෙක් ඒ ගැන දැනුවත් කිරිම ගැන ස්තූතිවන්ත වෙන අතර, ඒවාට පිලිතුරු සැපයීම ඇමතිතුමා පත් කරන ලද නිලධාරින් විසින් මිස මම කල යුතු දෙයක් නොවන බව මට හිතෙනවා...

අනිත් කාරණය ඒවා සමහරකට නිසි පිලිතුරක්, පැහැදිලි කිරිමක් ඇමතිතුමාගෙ නිලධාරින් කරපු බවක්ද නැති අතර සමහර ඒවාට පිලිතුරු දෙන්නෙ දවස් ගණනකිනි. එතකොට ඒවා වෙලා ඉවර වීම ගැන මටද ප්‍රසාදයක් නැත.
ඉතින් ඒවා මට අදාල කාරණා නෙමෙයි....

මම ඇමතිතුමා, ඇමති උනාට පස්සෙ එතුමාගෙ වැඩකට හෝ, සාධාරණ හේතු ඇති, සුදුසුකම් ඇති අයට උදව්වක් අරන් දෙන්නට මිස මගෙ පෞද්ගලික වැඩ වලට ඇමතිතුමාව මුණ ගැසී නැත.

මම කරන වැඩ මම කරගෙන යනව මිසක්, ආණ්ඩුව හා සම්බන්ධව කරන දෙයක් නැත... වාසනාවට අපිට ලැබෙන දේවල් තිබෙන අතර, එනිසා වෙනත් අයගේ දේවල් උවමනාවක්ද නැත.

https://www.facebook.com/photo.php?fbid=10203732410065263&set=a.10203765117682933&type=3‪#‎May2016TSH‬

හැමදාම නත්තල්..

හොයාගෙන යනකොට, ලෝකෙ ඉහලටම ගියපු අතිබහුතරය, විශේෂයෙන් ලෝකය වෙනස් කරපු නායකයෝ, විශේෂ අය කවුරුවත් සැපට සනීපෙට හැමදාම ඉදලා ඒ තත්ව වලට ඇවිත් නැහැ...

මට ඒක හිතුනෙ අහම්බෙන් වගේ ධර්මාශෝක රජතුමාගෙ කතාව ටිවි එකේ දැක්ක නිසා...
එහෙම හිතුවම, නැපොලියන් බොනපාට්, හිට්ලර් වගේ අයත්, දුටු ගැමුණු මහ රජතුමා, මහා විජයබාහු, මහා
පරාක්‍රමබාහු වගේ රජවරු පවා යම් කාලෙක හරිම කරදර විදල තියෙනව...
ලෝකෙ රටවල් ගානක රාජ්‍ය නායකයොත් එහෙමයි... ඔබාමා ගැන හිතුවත්, ඉන්දියාවෙ මෝදි ගැන හිතුවත් එහෙමයි...

ඊට අමතරව පහුගිය කාලෙ රජ වගේ හිටිය අපෙ මහින්ද මහත්තයත් සෑහෙන කරදර විඳලා ආවෙ. හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්තයත්, අද ජනාධිපති මෛත්‍රිත් එහෙමයි...

- නාමල් අයියල වගේ අයට වැරදුනෙත් එතන වෙන්න පුලුවනි...

මට මේ හිතුනෙ හැමදේම හරි ගිහින් හැමදාම නත්තල් එක්ක දේශපාලන බලයත් ලැබේවි කියල හිතාගෙන පතාගෙන, මවාගෙන ඉන්න මං දන්න, අපි එක්කත් ගේමට ඉන්න සමහර අය ගැන හිතෙද්දි... හ්ම්...

Tuesday, April 26, 2016

ලෝකයේම රස්සා කරන අය 80%කටත් වඩා සිටිති.
එනම් ව්‍යාපාර කරන අය, තමන්ගේම ව්‍යාපාර කරන අය සිටින්නෙ
20%කට අඩුවෙනි.

●  රස්සා කරන අයට ලෝකයේම පොදු තත්වය නම් දවසේ වටිනාම කාලයේ රැකියාවට වැය කිරීමට සිදුවීමයි.
රස්සාව ලැබෙන්නේ උගත්කමට, හැකියාවටයි. දවසේ හොඳම කාලයේ රස්සාව කරනවාට මාසයට වතාවක් පඩියක් ලැබෙයි. එය නිවරදිම අගයද නැද්ද කෙසේ වෙතත්, එය වටිනා දෙයකි.

- ජිවිතයේ වටිනාකම කාලය රස්සාව වෙනුවෙන් කැප කරනවා ගැන කතා කරන්නට ගිහින්, පඩිය ගැන කියන්නේ පඩිය සැබෑවටම වටිනා බව දන්නා නිසාය. පඩියක වටිනාකම තේරුම් ගන්නට, ව්‍යාපාර කර පාඩුවී කරගන්නට දෙයක් නැති අයගෙන් හෝ රැකියාවක් නැති කෙනෙකුගෙන් අසා බලන්න.
රස්සාවේ පඩිය එතරම්ම වටිනා බව කියනු ඇත.

●  මූලිකව කිව යුත්තේ රස්සාවක් යනු “ ස්ථිර ප්‍රශ්න වලට තාවකාලික විසඳුමක් බවයි“
- එනිසා මූලිකව තමන්ගේ පවුලේ අයට මුල් තැන දෙන්න. රැකියාවේ වගකීම් කරන අතරම නිදහසේ සිටින්නට ලැබෙන වෙලාව මනාව භාවිත කරන්න. එනම් රාත්‍රියට ගෙදර ගියද, ගෙදර අය සමග කතා කරන්න.
ප්‍රේමයක් පවති නම් ඒ ගැනද මනාව සොයා බලන්න. මිතුරන් ගැනද සොයා බලන්න.
-- එහිදි අදාල වන්නේ එම අය සමග ඔබට ඇති වටිනාකමේ තරමට අනුව කාලය ඒ වෙනුවෙන් කැප කිරිමට හැකි වීමයි !

● ඔබ රැකියාවක් කරන්නේ නොකර බැරිකමට නම්,
ඔබට රැකියාවේ මුදලින් කොටසක් ඉතිරි කර එය ආයෝජනය කල හැක. අයෝජනයට විවිධාකාර මාර්ග ඇති අතර නිසි විශ්වාසදායි දෙයක් කිරීම ඔබගේ වගකීමකි.
- “බැබිලෝනියාවේ ධනවත්ම මිනිසා - Richest Man in Babylon පොතේ සදහන් වන පරිදි, ආදායමෙන් 10%ක් ඉතිරි කල යුතුය. කාලයක් ඉතිරි කර ඉන්පසුව එය ආයෝජන කල යුතුය. ආයෝජනය සාර්ථක වුවොත් එම ලැබෙන මුදල්ද නැවත ආයෝජනය කල යුතුමය.
● පූජාවලියේ සඳහන් වන්නේ හොඳින් අඟහිඟයෙන් තොරව සිටිමට නම් වියදම මෙන් 8 ගුණයක් ඉපයිය යුතු බවයි.


● කුමන ආකාරයට ජිවිතය ගෙන ගියද, රැකියාවේ වටිනාකමක් තිබේ. විශ්‍රාම යන කාලයට ලැබෙන දේ නිසා රැකියාවේ වටිනාකම අවතක්සේරු කල නොහැක...
එසේ වුවද පෙර කී ලෙස සිතා බලා වෙලාව භාවිත කිරීම තුලින්, සහ ඔබගේම කැපවීම තුලින් සියලු අඩුපාඩු දුරු කරගන්නට කටයුතු කරන්න !

#හිතෙනදේවල් 

Tuesday, April 19, 2016

මල් කඩද්දි

‪#‎Flower‬ “ ‪#‎මල්‬ “

‪#‎ගමේදී‬,
තව මල් කඩා ගන්න..., අපිටත් පින් ලැබෙනවනෙ...
වඳින කොට පින් ටිකක් අපිටත් දෙන්න...

‪#‎නගරෙදි‬,
ඔයා කොහේටද මල් ගෙනියන්නෙ ? මොකක්ද පූජාව ?
මේ මල් අයිති අපිට.., අපේ ඉඩමෙ නොවුනට මේ හරියෙ මල් අයිති අපිට,
අපේ මල් කඩනවට අපි කැමති නෑ..
අපිත් බෝධි පූජාවට, බුද්ධ පූජාවට ගන්නේ මේ මල්...

අහිංසක - අසරණකම්, මෝඩ - කුහකකම් අතර දෝලන වෙන..
ගමෙයි නගරෙයි මනුස්සකම් වල එක පැත්තක්...