Tweets by @Tweetsbysuku myblog: තරු අත් අකුරින් ලියා එවමි හ්ම්...

Facebook Fan Page

Wednesday, May 11, 2016

තරු අත් අකුරින් ලියා එවමි හ්ම්...


තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත..
ඔබෙ සෙවණ පමණි මිහිපිට ඇති එකම සම්පත....//

මඳ පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්...
සඳ කිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්..//
එළි කරමි මගෙ ලඟ ඇති ආදරයේ වත්කම්...
පැල්පත ද මට හොඳයි මිහිරියෙ එක හිත ඇත්නම්...

කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ..
කල්පනා කල පමණ මට කල්පනාවක් නැතේ..
ඇඳිරියද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ..
එනු මැනවි රස බලමු සෙවණක එකම පැල්පතේ..

-

ගායනය, සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

~ SMS වැට් නිසා හරි ගණන් එකේ... ආයෙ ලියුම් ලියමු... 

2 comments:

  1. දැන් ඉතින් ලියුම් ලියන්න නම් තමා වෙලා තියෙන්නෙ.. කෝල් එක්ක ගත්තම එහා පැත්තෙ ඉන්න එකා කතා කරල ඉවර වෙන්නත් කලින් කට් කරන්න හිතෙනවා..

    ReplyDelete
  2. දැන් ගොඩක් අයට ස්මාට් ෆෝන් තියෙනවනේ වැසි දැරිය... ඒකක් පාවිච්චි කලා නම් ඩේට වලින් එන්න තිබ්බා...

    දැනට මං ඒක කරනවා... පාඩු අඩුයි... මගෙ කනෙක්ෂන් එක නිසා වෙනම වියදමක් යන්නෙ නෑ හ්ම්...

    http://blogsuku.blogspot.com/2016/05/facetime-viber-imo.html

    ReplyDelete