Tweets by @Tweetsbysuku myblog: වෙලාවකට මේක හරි කරදරයක්...

Facebook Fan Page

Monday, May 9, 2016

වෙලාවකට මේක හරි කරදරයක්...

ගයන්ත කරුණාතිලක ඇමතිතුමාට දෙයක් අන්තර්ජාලයේ තිබුනොත්,
හොඳ හෝ නරක වේවා අනිවාර්යෙන් බොහෝදෙනෙක් මට ඒ ගැන කියනව...
ඒක හොඳ දෙයක්.. දැනුවත් කිරීම...

ඒත් දවසකට ඒවා 10-20ක් කියන්නට ගියාම ඒ හැම එකම බලන්නයි හොයන්නයි ගියාම ඒක හිතට කරදරයකි.

අපි එතුමාට ගරු කරන්නෙ ඥාතිත්වයටත්, චරිතය හොඳ නිසාත් යන කරුණු මූලික කරගෙනය.

පහුගිය දවස් වල විවිධාකාර හේතු වලට ඇමතිතුමාට මඩ සහ විවේචන වලදි බොහෝදෙනෙක් ඒ ගැන දැනුවත් කිරිම ගැන ස්තූතිවන්ත වෙන අතර, ඒවාට පිලිතුරු සැපයීම ඇමතිතුමා පත් කරන ලද නිලධාරින් විසින් මිස මම කල යුතු දෙයක් නොවන බව මට හිතෙනවා...

අනිත් කාරණය ඒවා සමහරකට නිසි පිලිතුරක්, පැහැදිලි කිරිමක් ඇමතිතුමාගෙ නිලධාරින් කරපු බවක්ද නැති අතර සමහර ඒවාට පිලිතුරු දෙන්නෙ දවස් ගණනකිනි. එතකොට ඒවා වෙලා ඉවර වීම ගැන මටද ප්‍රසාදයක් නැත.
ඉතින් ඒවා මට අදාල කාරණා නෙමෙයි....

මම ඇමතිතුමා, ඇමති උනාට පස්සෙ එතුමාගෙ වැඩකට හෝ, සාධාරණ හේතු ඇති, සුදුසුකම් ඇති අයට උදව්වක් අරන් දෙන්නට මිස මගෙ පෞද්ගලික වැඩ වලට ඇමතිතුමාව මුණ ගැසී නැත.

මම කරන වැඩ මම කරගෙන යනව මිසක්, ආණ්ඩුව හා සම්බන්ධව කරන දෙයක් නැත... වාසනාවට අපිට ලැබෙන දේවල් තිබෙන අතර, එනිසා වෙනත් අයගේ දේවල් උවමනාවක්ද නැත.

https://www.facebook.com/photo.php?fbid=10203732410065263&set=a.10203765117682933&type=3‪#‎May2016TSH‬

No comments:

Post a Comment