Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Wednesday, May 11, 2016

‪#‎GodFather‬ එක්තරා විදියකට වෙනසක් කරපු චිත්‍රපටියක්...
මේ ෆිල්ම් එක බලල ඒකෙන් ආදර්ශ අරගෙනත් දේවල් කරල තියෙනව ඒකාලේ...

‪#‎ගෝඩ්ෆාදර්‬ කියන්නේ ලොකුම පාතාලයක් තියෙන කෙනෙක් උනත්, එයා බොහෝම සාධාරණයි. විශේෂයෙන්ම මත්කුඩු වගේ ඒවට එයාගෙන් උදව්වක් ලැබෙන්නෙ නැහැ. ඇත්තටම ඒකයි ඒකෙ තේරුමත්...

- නීතියෙන් හරියට පිළිසරණක් නැති අයට එයාගෙන් පිහිට තියෙනව....

- එයා ඉන්නෙ ඉහලම දේශපාලනඥයන්ට වඩා ඉහලින්... ඒකයි විශේෂත්වය...

ලංකාවෙ තිබුනු හැම ආණ්ඩුවකම, දැනුත් මැරයෝ, පාතාලය නඩත්තු වෙනව...
හැබැයි ඒ හැමතැනදීම දේශපාලනයට යටින් පාතාලය තිබුන මිසක්, උඩින් තිබිල නෑ..
නමුත් ගෝඩ්ෆාදර් කියන්නෙ ඊට ඉහලින් ඉන්න කෙනෙක්...

ලංකාවෙ පහුගිය කාලෙ අත්දැකීම් අනුව ගෝඩ් ෆාදර්ලා හිටියෙම නැති තරම් උනත්, ඒ කාලේ ගෝනවල සුනිල් රටම හොල්ලගෙන හිටියෙ. එජාප ආණ්ඩුවෙ බලය එක්ක... පුදුම තරම් කරදරයක් මිනිසුන්ට තිබිල තියෙනව...
ඊට පස්සෙ සොත්ති උපාලි..
ඊට පස්සෙ ධම්මික, චින්තක අමරසේකරත්, කඩුවෙල වසන්ත, බැද්දගාන සංජීව වගේ නමුත් ලංකාවෙ ප්‍රසිද්ධයි... ඊටපස්සෙ හැමෝම කතා කරපු වම්බොට්ට...

ඔය හැමඑකමත් ඉතින් දේශපාලන අධිකාරි වල අය... පස්සෙ වම්බොට්ට වගේ අයට ඒ අයම වැඩේ දුන්නා...
පහුගිය කාලෙ නම් අතර දකුණෙ පාතාල රාජ කියපු මනෝජ් මෙන්ඩිස් අයියල වගේ අයත් හිටියෙ දේශපාලන හයිය අරගෙන...
ඒනිසයි ආණ්ඩු මාරු උනු ගමන් ඝාතනය වෙන්නෙ...

කොහොම හරි ඉතින්.... ලංකාවෙ ගෝඩ් ෆාදර්ලා ඇති වෙන ක්‍රමයක් නැහැ... එහෙම අය වැඩකට නැති උනත්... සමහරවිට වටිනව වෙන්න පුලුවනි හ්ම්...

#‎හිතෙනදේවල්‬

No comments:

Post a Comment