Tweets by @Tweetsbysuku myblog: One good Daughter

Facebook Fan Page

Monday, March 16, 2015

One good Daughter

හ්ම්... ඇත්ත තමයි...

හොඳ එක දුවෙක්... පිරිමි දරුවෝ 5 නෙමෙයි 10කටත් වඩා වටිනවා...

බුදු හාමුදුරුවෝ කොසොල් රජතුමාටත් දේශනා කරල තියෙනවනේ....

“රජතුමනි, ඇතැම් ස්ත්‍රීහු පිරිමින්ට වඩා ශ්‍රේෂ්ඨ වෙති.
නැණවත්, සිල්වත් ස්වාමියා කෙරෙහි පමණක් සිත් ඇතිව ඔහුව දේවත්වයෙන් සලකා කටයුතු කරන ස්ත්‍රීහු වෙති. එබැවින් ඔවුන් පෝෂණය කරන්න. ඔවුහු ශ්‍රේෂ්ඨ පුත්‍රයෝ බිහිකරති.
එබඳු වාසනාවන්තියන්ගේ පුත්‍රයෝ රජකම හෝ රජුගේ අනුශාසකත්වය හෝ ලබන්නාහ“.

අදහස හරියට මතක නැතිව ඉද්දි මතක් කරල දුන්නු අපේ Dinush අයියට පින්..)

සැබෑ තත්වය ඒක තමයි.. එහෙම හොඳ දුවලා ලෝකෙ ඉන්නවා...

ඒ අතරම අද යම් දුවලා පිරිසකට එනවා එක්තරා ආකාරයකට මාන්නාධිකමක්...
සරලව කිව්වොත් තමන්ගෙ තත්වය ඉහල යද්දි උගත්කමින්, ධනයෙන්, තනතුරු වලින් වගේ ඒවයෙන්..
එහෙම අය ගොඩක් වෙලාවට ගමන හරියට යන්න දන්නෙ නෑ..

ඉතිහාසයේ ඉදලම අපි අම්මට සහෝදරීට සැලකුවේ අනිත් අයට වඩා ඉහල උතුම් තැනක් දීලා... ඒක හරියට ලබාගන්න ඒ අය වැඩ කරන්න ඕන...

ඒක එහෙම හිතෙන්නේ, මීට දශක 3-5කට කලින් ඉතිහාසෙ ගැන හිතුවම වැඩි උගත්කමක් තත්වයක් නැතිව උනත් හිටිය සමහර කාන්තාවන්, එයාලගේ හැසිරීම, පවුල් ජීවිත අදටත් ගරුත්වයෙන් මතක් කෙරෙන නිසා...
අද සමහරවිට ගොඩක් තත්ව ලබපු කාන්තා පාර්ශවයේ අයට ඒ ගරුත්වය ලබාගන්න අමාරුයි.. ඒක විතරක් කණගාටුවට දෙයක්...
ගරුත්වය හරි වටිනව... හ්ම්...

No comments:

Post a Comment