Tweets by @Tweetsbysuku myblog: ජාතික ගීය දෙමල භාෂාවෙන් ගායනා කරනවා අකමැති අය......,

Facebook Fan Page

Sunday, March 22, 2015

ජාතික ගීය දෙමල භාෂාවෙන් ගායනා කරනවා අකමැති අය......,

කැමතිද....

* ඊලම් ජාතික ගීය කියාගන්න එක දෙමලෙන් කියනවටද....
* අපේ ජාතික ගීය දෙමලෙන් කියනවටද... ?

● සිංහලකම ගැන කතා කරන ගොඩක් අය.... සිංහල බෞද්ධකම හරියට දන්නවද මංදා.....
බෞද්ධකම නැත්නම් සිංහල බෞද්ධයෝ කොටසක් ඇතිවෙන්නෙත් නෑ. එහෙම නම් එතනදි පන්සිල් පද 5 හරියට රකින අය වෙන්න ඕන.
නියම බෞද්ධයෝ සිව් බඹ විහරණය සහිත අය...

බුදු හාමුදුරුවෝ දේශනා කලේ “ සප්ත අපරිහානි ධර්මය “ පිලිපදින්න විනාශ නොවෙන්න නම් කියල....
ඒක කරන්නෙ නැතිව වෙන වැඩ කරලා, වෙන ජාතින් එක්ක වෛරයකින්, අපි මහ ජාතිය කියන ලොකුකම හිතේ තියාගෙන හිටියට ඒකෙන් අපිට සෙතක් වෙන්නෙ නෑ...

අපිට ඉංග්‍රිසි තේරෙන්න පුලුවන් උනාට... අපිට ඉංග්‍රිසියෙන් හිතන්න බෑ... මොකද පොඩි කාලේ ඉදල අම්මගෙ ආභාෂයෙන් භාවමය හැඟීම් වලින් අපේ භාෂාව අපිට ජානගත වෙලා... ඉංග්‍රිසියෙන් කතා කරන්නෙ මුලින් සිංහලෙන් හිතල....

එතකොට දෙමල අයටත් දෙමල මිසක් සිංහලෙන් තමන්ගෙකම දැනෙන්න පුලුවන්ද කියන දේ නීති ප්‍රශ්න දාන මහ ලොකු මොල තියෙනව කියල හිතන අයට තේරෙන්නෙ නෑ...
ඔව් දෙමල සමහර අය මුස්ලිම් සමහර අය අතර අන්තවාදිත්වය, දැඩි ජාතිවාදය තියෙනවා... අපෙත් තියෙනවා... එහෙම තියෙනවා කියල ඒ අය එක්ක යුද්ධ කරන්න ඕන නෑනේ...

යුද්ධෙ කරපු අය දන්නවා කොයිතරම කැපවීමකින්ද දිනුවෙ කියල...
මට මතකයි අපේ පවුල් වල ආරක්ෂක හමුදා/ පොලිසි වල ඉහලම කැපවීම් කරමින් ඉහලම විදියට ගෞරවය රැකගෙන හිටිය අය විශේෂයෙන් අපේ Tissa මාමා වගේ අය.. යුද්ධෙ කලේ රට රකින්න මිසක්... ඒක කරන්න තිබුනු දේ නිසා මිසක් තව ජනවර්ගයක් එක්ක තරහකින් නෙමෙයි...
මට මතකයි එයාල යුද්ධෙ අත්දැකිම් නිසා යුද්ධෙට කැමති නෑ...

දැන් මෙතන ජාතිවාදය දේශපාලන උවමනා වලට අවුලවන්න දඟලන පොඩි අය... යුද්ධෙ කියල දෙයක් තිබුනද... උනේ මොනවද... ඇති උනේ මොකද කියලවත් දන්නෙ නෑ....
මනුස්සයෙක් උනාම මුලින් තමන් ගැන හිතල අනුන් ගැන උපමා කරන්න කියල බුදු හාමුදුරුවො දේශනා කරල තියෙනවා....

හිතන්න සිංහලකම ගැන ආඩම්බර වෙන අය.... තමන් දෙමල වෙලා ඉපදිලා නොතේරේන දෙයක් ජාතික හැඟීම ඇතිවෙන්න කියන්නෙ කොහොමද කියල..... ???


https://www.facebook.com/sukumal.harischandra/posts/10204897101701826

No comments:

Post a Comment