Tweets by @Tweetsbysuku myblog: Manoj Mendis අයිය, ඔයා දැන් අපි අතර නෑ...

Facebook Fan Page

Wednesday, March 25, 2015

Manoj Mendis අයිය, ඔයා දැන් අපි අතර නෑ...

කවදාවත් ඝාතනයක් සාධාරණීකරණය කරන ජාන අපිට නෑ... කරපු දේ කවුරු කලත්, මොකට කලත් වැරදියි...

මම අයියව මුණ ගැහිල තිබුනට කතාබහ කලාට ලොකුවට දන්නෙ නෑ..
මගෙ හොඳ යාළුවො හිටියා ඔයාගෙ හොඳ හිතවත් අය වෙච්ච....
කවදහරි අනවශ්‍ය ප්‍රශ්නයක් ලංකාවෙ කොහේ හරි ඇති උනොත්... ඒ වගේ දවසක සමහරවිට අයියගෙනුත් සහයෝගයක් ගන්න වෙන්න පුලුවන් කියල හිතේ තිබුන මතකයි...

#‎මනෝජ්මෙන්ඩිස්‬ අයියව නෙට් එක පුරා ගොඩක් තැන්වල දාලා තිබුනේ,
“දකුණේ පාතාල රජා “ කියල...
අයිය එක්ක ආරවුල් ඇති කරගෙන කරදර වෙච්ච අය ගැන වගේම, අයියගෙන් උදව් ලබලා,
අයියා “ දෙයියෙක් “ කියල අඳුන්නපු අයත් ඉන්නවා..
ඔය දෙජාතියම මම දන්නව....

දෙවොල් දෙවියන්ගේ බලය තියෙන හික්කඩුවේ දෙවොල් දෙවියන්ගේ දේවාලෙට ගිහින්, අයියට හරියන්න කියපු අය වගේම... වරදින්න කියපු අයත් ඇති... හ්ම්...

ගාල්ලෙන් පටන්ගෙන දඩැල්ල, ගිංතොට, බූස්ස, රත්ගම, දොඩංගොඩ, හික්කඩුව පැතිවල නිතර ගෙදර වගේ ඇවිදින කොට... අයිය ඉතින් අමුතුවෙන් හොයාගන්න කෙනෙක් නෙමෙයි...

සතුටින් ඉන්නවද කියල කාලෙකට කලින් ඇහුවම කිව්වේ,

“ මල්ලි ‪#‎පොරක්‬ වෙන එක ලේසි වැඩක්, හැබැයි ඒක පවත්වාගෙන යන එක පට්ට අමාරුයි. 
මම හරි ආසයි ගෙදර ඉදලා බස් ස්ටැන්ඩ් එකට එන ටික සයිකලේක නැගල තනියෙන් එන්න... 
ඒ තියෙන කිලෝමීටරේ එහෙම එන්න මට තිබුන නම් කියල. ඒත් එහෙම එන්න බෑ මම 20ක්වත් එක්ක නාවොත් මම ආයෙ ගෙදර යන්න කලින් මට ගේම සෙට් වෙනවා ... “ කියලයි...

අයියට තුවක්කුව දික් කරගෙන ඉන්න සමාජයක් තියෙන කාලෙක... දේශපාලනය නිසාත් තවත් එක එක සමාජයේ ගැටළු නිසාත් විපරීත වෙච්ච කාලයක් තිබුනු කාලෙක... අයියටත් ඒ තත්වයන්ට මුහුණ දෙන්න එහෙම නොවි බැරිවෙන්න ඇති...
කොහොම උනත්.. මේවගේ තත්වයන් ඉදිරියට ඇති නොවි රටට හොඳක්, ජනතාවට හොඳක් වෙනව නම් හොඳයි....

සංසාරෙ කවදාවත් ආයෙ මෙහෙම අකල් මරණයක් නොවෙන්න...
අයියට තුනුරුවන්ගෙ සරණයි !

https://www.facebook.com/sukumal.harischandra/posts/10204913138342732

No comments:

Post a Comment