Tweets by @Tweetsbysuku myblog: එදා වාගේ අදත්... හ්ම්....

Facebook Fan Page

Friday, March 20, 2015

එදා වාගේ අදත්... හ්ම්....

එදා වාගේ අදත්... පොද වැස්ස වැටෙනවා...
මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියෙනවා......
නුඹ මගේ ලගින් නැති අඩුව මට දැනෙනවා.....
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....... 

දුක පිරුණු මගේ හිත නුඹ හොඳට දන්නවා.....
හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා..........
නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා.....
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා.....

අනාගත වාලුකා කතර මැද තනිවෙලා....
කෙසේ පා ඔසවමිද.. සා පවස විඳ දරා....
පුර පසෙක නොවී නුඹ ... අවපසෙක සඳ උනා...
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා......

No comments:

Post a Comment