Tweets by @Tweetsbysuku myblog: ශුභවාදි චින්තන සහ පැතුම් සඵල වීම

Facebook Fan Page

Tuesday, June 10, 2014

ශුභවාදි චින්තන සහ පැතුම් සඵල වීම

පහුගිය ටිකේ මගෙත් ග්‍රහචාරයේ අවුලක් තියෙනව කියල. හිතුනා පස්සෙ ඒක කේන්දර අයියට කතා කරල විසදගත්ත.
කොහොම හරි ඒ අවුල විසදෙනව එක්කම මට තේරුනා ග්‍රහචාරය වෙනස් වෙච්ච බව. ඒ අනුව පස්සෙන්දා ඉදලම ප්‍රතිඵල හොදයි.

මට හිතෙන්නෙ ඒ මනසේ ස්වභාවයට අනුව. සෑහෙන්න මනෝ විද්‍යාව, ශුභවාදි චින්තනයට අදාල ඒව කියවල තියෙන නිසා මට දැන් ඒක එහෙම හිතනව.

මේකට සමාන අත්දැකීමක් Think & Grow Rich ලියපු +Napolean Hill Fan Pageගෙ කතාවල තියෙනව. ඇත්තටම එකක් නෙමෙයි සෑහෙන දේවල්.

ඒ අනුව හිතෙන්නෙ මනස අනුවයි තීරණය වෙන්නෙ කියල. නැහැ බැහැ වෙනුවෙන් හැකියි පුලුවන් කියල හිටිය නම් හරි...

ඒකෙ මට දැනුනු දේ යම් අපහසුතා තියෙද්දි යුතුකම් ලෙස මම පහුගිය මාස වල පන්සල් වලට අසරණ අයට දුන්නු ඒවා වෙනස් කලේ නෑ. ඒව ඒ විදියටම දුන්නා. මට යම් අපහසුකම් ඒනිසා ඇති උනා. ඒව ගණන් ගත්තෙ නෑ. අද ඒක හරි කියල හිතෙනව...

නැපෝලියන් හිල් එයාගෙ පොතට ප්‍රකාශකයෙක් හොයාගන්න විදියක් නැතිව ෆිලඩෙල්ෆියාව වගේ දුරකට ගිහිල්ලත් එතනදි වැඩිය අතේ සල්ලි නොතිබිත් මිල අධිකම සැප පහසුම හෝටෙලේ කාමරයක් අරගෙන ඉද්දි හරිම ප්‍රකාශකය මුණ ගැහිලා ජිවිතේ වෙනස් වෙච්ච බව තියෙනව. හ්ම්... ඒකියන්නෙ ශුභවාදි සිතිවිල්ල තමයි මූලික. 

No comments:

Post a Comment