Tweets by @Tweetsbysuku myblog: ආදරේ අන්තිම දවස්.. ගිය අවුරුද්දෙ මේ කාලේ...(06/2013)

Facebook Fan Page

Friday, June 6, 2014

ආදරේ අන්තිම දවස්.. ගිය අවුරුද්දෙ මේ කාලේ...(06/2013)

ගිය අවුරුද්දේ මේ කාලේ ආදරේ අන්තිම දවස්ය... මට නම් තවම ප්‍රේමයක් නැති උනාට.. ඔයා 1, 2ක්ද 3ක්ද අනේ මංදා...

පරණ මසේජස් කියෙව්ව... හ්ම්... මට තේරේනවා මම හරි නපුරුයි කියල තරහ ආවම... ඒක ගැන අදටත් කණගාටු වෙනව... ඒවගේම ඒ අනවශ්‍ය මෝඩ තරහ නිසා මම ගොඩක් දේවල් නැති කරගෙන තියෙනවා ඔයාව වගේම... හ්ම්... එක දෙයක් මම එච්චර තරහ ගත්තෙ ගොඩක් සාධාරණ හේතු මත... ඔයා ඒව දැක්කෙ නිදහසට බාධා වීම් වගේ... මම මගේ කාලය ප්‍රේමයට යෙදෙව්වම ඔයා ඒ කාලෙත් අරගෙන නිදහස භුක්ති වින්ඳ... හ්ම්...
ඒත් ඉතින් ඔයාගෙ හුරතලේ නම් බොරු.. ඒත් ඒකට ඒකාලේ කැමති උනා...
අපේ අම්ම පවා ඔයාට ආදරෙයි මට වඩා... හ්ම්...
අඬන්න තිබ්බ නම් අඬන්න පුලුවනි.... ඒත් කඳුළු විතරමයි... ඔයා නිසා අඬල තියෙනව... ඇඬුනෙ නම් ඔයා වෙන කෙනෙක් එක්ක යාළුයි කියල හරියටම දැනගත්ත දවසේ... එදා දුක කියන්න කෙනෙක් නොහිටිය නිසා පියුමි අක්කට කිව්වෙ... පියුමි අක්ක හිත හැදුව හ්ම්...
මසේජස් කියවද්දි කොච්චර දේවල් හිතෙනවද කියන්න... කෝ ඉතින් ඒව අහන්න ඔයා නෑනේ... හ්ම්...

දැන් ඉතින් ප්‍රේමයක් හිතුනත් ඒක කියාගන්න නීති රීති, බාධා වැඩිනේ... ඒකෙත් හැටි...
තරහ ගියත් හිත රිද්දුවත්... නීති දැම්මත් මම අදටත් වෙන කෙනෙක්ට ආදරේ කරල නෑ... එහෙම අවස්ථා නම් සෑහෙන්න ආවා... ඉස්සරහට තව එයිද මංදා... 

No comments:

Post a Comment